මේ වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් තිදෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ආරංචි මාර්ග කියයි.
එම පැමිණිලි අනුව මේ වන විට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පස් දෙනකුගේ ගුවන් ගමන් බලපත්‍ර තහනම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත, සංචාරක ප්‍රවර්ධන කාර්යශයේ හිටපු කළමනාකර අධ්‍යක්ෂ රූම් ජවුෆර් එම රාජ්‍ය නිලධාරීහුය. ඊට අමතරව හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ ද ගුවන් ගමන් බලපත්‍ර තහනම් කරනු ලැබ ඇත.
ඔවුන් සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් කර නැතැයි ද, විමර්ශන අවසන් වූ පසු නඩු පැවරීම බලාපොරොත්තු වන බව ද කොමිසම පවසයි.
තවත් දේශපාලනඥයන් පිරිසක් ළඟදීම කොමිසමට කැදැවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොදයි. වැඩ කොහෙන් හරි පටන් ලගන්න තමයි ඕනේ. එකපාරට ආශචර්ය කරන බැහැ බව ජනතාව දන්නවා. (ර)
එක්කෙනෙක් හරි අල්ලනව නම් ඒකත් හොදයි. මොකද පහුගිය කාලේ එක හොරෙක්වත් ඇල්ලුවෙ නැහැ. (ර)
ලංකාවේ සමහර අයට මොනව කලත් හොදක් දකින්න බැහැ. තමන්ගේ පැත්තෙ අය තමන් කැමති අය කරන දේවල් විතරයි ඇත්ත. ඇස් පනා පිට වැරදි දැක දැකත් ඒ වැරුද්ද වැරැද්දක් විධියට දකින්නේ නැහැ. අනික් මනුස්සයගේ වැරදිම හොයනවා. අනේ මන්ද මේ රට කවදා ගොඩ ගන්න පුවවන් වෙයිද කියලා. (ර)
කෝ...තාමත් දැනෙන දෙයක් සිදු වුනේ නැහැනේ.කියන තරම් යකා කළු නැහැ නේද ! ඒ වාගේම ගොරවන තරමට වැහින්නේත් නැහැනේ.අපි බලා සිටිමු.(හේ)
දූෂිතයන් අල්ලන්න අමාරුයි. ඉතිම කට්ට හා සුක්ෂම විධියට තමයි ඕවා කරලා ඇත්තේ. මම නම් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට මේ රටේ දූෂිතයන්ට පගා කාරයන්ට කුඩු කාරයන්ට ඉඩක් නොලැබේවා කියලයි. දැනටත් කුඩු අඩු වෙලාලු, පගා ගැනිම් අඩු වෙලාලු, ඒවා ඇත්තටම හොඳ අනාගත ලකුනු. ඔය අතරේ කෙවින් කිව්වා වගේ කම්බා හොරුන්ව අල්ලා ගන්න පුළුවන් නම් ඉතා හොඳයි. (ර)
මේ රජය මේ දින 50 ඇතුලත කරපුවා ඉතාම හොදයි. (ර)
අළුත ගෙනා මනමාලී. ඉහල ගෙටයි පහළ ගෙටයි දෙකටම බෙදුවට පරණ වෙනකොට තමයි ඇගේ නියම චර්යාවන් දකින්න ලැබෙන්නෙ.(නදී)
2014දී බොදු බල සේනාව විසින් රාජිත සේනාරත්න ධීවර නැවූ 8 සම්බන්දව අල්ලස් කොමිසමට පැමිණිලි කරා. මේවා ගැන පරීක්ෂණ කරලා ඉවරද ? මාර්තු 3 දින තව කණ්ඩායමක් මෙය ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරා. (ස)
බලමුකෝ වැඩ කොහොමද කියලා (නි)
පසුගිය පාලනයේ දූෂිත පුද්ගලයින් කී දෙනෙකුට විරුද්ධව මේ වෙනකොට නඩු දාලා තියෙනවද කියන එකයි අපිට වැදගත් වෙන්නේ. (නි)
ඔහොම යමු දින 100 යනතුරු (නි)
කවුද ඉතින් කැමති නැත්තේ නිකන් ඉඳලා තමන්ගේ මල්ල පිරෙනවා දකින්න.හැමදාමත් අපේ රටේ වෙන්නේ ඔයදේනේ (නි).
යන්තම් ඇති යමක් පටන් ගත්තා. හැබැයි අවසානයටම ගෙනයන්න. (නි)
දැනට සෙවුවේ ඔය නම් ටික ගැන විතරද? (නි)
කම්බා හොරුන් පළමුව අල්ලන්න. ජනතාව බලාඉන්නේ ඒ දෙසයි. විධායක බලය අතේ තියාගෙන රට හදන්න සාධාරණ දේවල් වෙනුවෙන් එය පාවිච්චි නොකර ඉන්න එපා. පාවිච්චි නොකර සිටියයුත්තේ දූෂණය හා අසාධාරණ වැඩ වෙනුවෙන් පමණි. (නි)
අර උඩුවියන් බැඳලා, පාවඩත් දාලා හකුරු හදපු කතාව මට මතක්වුණා (නි)
මේ පරීක්ෂණත් හරියට බාලගිරි දෝසෙ වගේ. දින 100 ඉවරවෙනකම් මාධ්‍ය සංදර්ශන තිය තියා යමු. දවසින් දවස ප්‍රමාදයට හේතු කියනවා. ආයේ ඡන්දයක් එනවා නේද.? (ර)
අපි තව තව රජයට පිඩනයක් එල්ල කරන්න ඕනෙ මේවා කඩිනම් කරන්න හා කෙවින් කිව්වා වගේ කම්බා හොරුන්ව අල්ලා ගන්න. (ර)
තුන්දෙනෙක් කොටුකරගන්න දින පනහටකට වැඩිය ගියා. මැතිවරණ කාලේ කියපු හොරු රංචුව අල්ලන කොට ආණ්ඩුවේ කාලය ඉවරවෙයි වගේ. (ර)
අල්ලස් කොමිසම කියන්නේ කුණුහරුප වචනයක් නේද? කැත වචන පොඩි අයත් ඉගෙනගන්නවා මේවා (නදී)
ඔය එකක්වත් ඔප්පුකරන්න පුළුවන් විදියට කරලා නැහැ. අපරාදේ හොයන්න වියදම් කරන සල්ලි (නදී)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ. මේවා ඔක්කම මහජනතාව රවටන වැඩ කියලයි මම නම් හිතන්නේ. (නි)