‘මගේ මුලික පරමාර්ථය සාමුහික සහයෝගයෙන් මේ සියලුම කණ්ඩායම් එකතු කරගෙන ඉතාමත්ම ඉක්මනින් කාර්යක්ෂමව හා වෘත්තීම මට්ටමින් මෙම විමර්ශන වල ප්‍රතිඵල කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කිරීමත් ඒ අනුව ඔවුන්ගේ තීරණ මත නඩු පවරනවාද නැද්ද කියන එක සම්බන්ධව කටයුතු කිරීමත්” යැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න මහතා අද (24) වැඩ භාර ගනිමින් කියා සිටියේය.
“මේ ආයතනයේ ඉන්නවා කොම්සාරිස්වරු තුන් දෙනෙක්.මේ තීරණ ගන්නේ එම කොමසාරිස්වරුන්. ඒ මහත්වරුන්ට අවශ්‍ය සාධක එතුමන්ලා වෙත යොමු කරන එක මගේ පරම රාජකාරිය. එම රාජකාරිය අවංකව හා හෘදයාංගමව කරන්න මම බැඳිලා ඉන්නවා. ගොඩක් අය බලාපොරොත්තු තියන් ඉන්නවා මේ කොමිෂන් සභාව ගැන‘‘ යැයි ද ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්.(හේ)
ගරු මැතිඳුනි, ඔබතුමාට පෙර තනතුර හෙබවූ, මැතිනියය වගේම,ඉතාමත් අවංකව කාර්යශුරත්වහෙන් නිර්භීතව හර්ධසාක්ෂියට එකගව රාජ්‍යසේවයේ කීර්තිමත්භාවයෙන් කටයුතුකිරීමට ධය්ර්යය ලැබේවා! අපට අහන්න වාසනාව ලැබේවා!! (බ)
ඔබතුමාට ජය පතමු, රටට අවංක සේවයක් කරන්න ඔබ දෙස අපි බලාසිටිමු. (ම)