(අංජුල මහික වීරරත්න)
වගා හානි කරන සතුන් ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වගා හානි කමිටුවෙි අවධානයට යොමුවී තිබෙි.
වන අලියා බෝග හානි සිදු කළත්, ඌ ආරක්ෂිත සත්ව ලැයිස්තුවෙන් ඉවත් නොකිරීමට ද කමිටුව තීරණය කර ඇත. ජාතික සත්‍වයා වුවද දඬුලේනා බෝගහානි සිදු කරන සත්ව ලැයිස්තුවට ඇතුළත් කර තිබෙි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව වගා කරන බෝගවලින් සියයට 40ක් වාර්ෂිකව සතුන් විසින් හානි කිරීම නිසා විනාශයට පත් වන බවත් ජාතික ආහාර සුරක්ෂිතතාවයට මෙම තත්ත්වය බරපතල ලෙස බලපෑමක් එල්ල කර තිබෙන බවත් හඳුනාගෙන තිබෙි.
වනසතුන්ගෙන් වන බෝගහානි අවම කර ගැනීම සම්බන්ධව සියලු ගොවි සංවිධාන සමග කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවල දී ගොවි නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් සතුන් විසින් කරන බෝග විනාශයන් නිසා නිසි පරිදි ආදායමක් ලබා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
මේ සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා කමිටුවක් පත් කරනු ලැබූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් කමිටු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහිපිට උපන් අලියාට හා දඬුලේනාටත් මේ නිජබිම අයිතියි. වන සතුන්ද මිනිසා විසින් රැකගැනීම වැදගත්... බෞද්ධයින් නොවන විදෙස් ජාතීන් සත්ව කරුණාව, දයාව සෙනෙහස පෙන්වා ලේනුන් වැනි සතුන්ට ඇපල් ඇතුළු බෝග අස්වැන්නෙන් සුළු හෝ කොටසක් ඉතිරි කොට තබනවා. සීත කාලයේදී කුරුල්ලන්ට වෙනමම ආහාරපාන සැපයීම කෙරෙනවා. බෞද්ධ නොවුණත් ඔවුන් පිං සිද්ධ කරගැනීමට නොව, සත්ව කරුණාව නිසා ඒ සතුන්ට ආහාරපාන ලබාදෙනවා. බෞද්ධ අපට වඩා ඒ අතින් ඔවුන් ඉදිරියෙන් සිටිනවා. මෙය අපද ආදර්ශයක් කරගත යුතු දෙයක්. ඒත්, රටේ ඇතැම් දේශපාලකයින් විසින් ඇති කරනු ලැබූ තත්ත්වය හමුවේ මන්ද පෝෂණයෙන් පෙළෙනා අපට මේ දේවල් සිදුකළ හැකිදැයි කියා සිතා බලන්න වෙනවා...
අනිවාර්යයෙන්ම හැඳි දෙකකින් බෙදන්න ඕන. මොකද අලියා හුඟක් ලොකුයි දඬුලේනා පොඩියිනේ...!
එසේ නම් අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සංකේතවත් කරන සතා ' කොවුලා', අනුන්ගේ කූඩුවල බිත්තර දාලා පනින තමුන් විසින් පැටවුන් පෝෂණය නොකරන පිටදේසක්කාර සතෙක් නේද? දඬුලේනාට අසාධාරණයක්...
දැවෙන ප්‍රශ්න මේවා...!
බැරිවෙයිද අපිට ඉන්න කොටලුවෝ ටික ලැයිස්තුවෙන් ඉවත්කරලා ඒ වෙනුවට බූරුවන් ටිකක්වත් එකතු කරගන්න. අශ්වයින් වගේ ලොකුනම් මේ කපේට බෑ.
අලියා සෑම ප්‍රදේශයකම නැහැ.. අලින් හානි කරන්නේ ඔවුන්ගේ මාර්ග හරස්කර වගාවන් කළාම සහ එම ප්‍රදේශවල මිනිස්සු පදිංචි වුණාම තමයි. නමුත් දඬුලේනා රටේ සෑම ප්‍රදේශවලම ඉන්නවා. ඔවුන්ගෙන් විශේෂයෙන් පොල් ඵලදාවට මහා පරිමාණයට හානියක් වෙනවා. එනිසා ඇමැතිවරයා ගත් තීරණය නිවැරැදියි.