අඹන්පොළ මීඔය තේක්ක රක්ෂිතයෙන් ගම් වදින වල් අලියනට ගම් වැදීමට නොහැකි වන සේ විදුලි වැටක් ඉදි කර දෙන්නැයි කළුවිල පොතානේ ගැමියෝ අද අනුරාධපුර පාදෙනිය පාර අවහිර කිරමින් උද්ඝෝෂණයක් කළහ.
මේ රක්ෂිතය අලිමංකඩකි.
ලබන 20 වැනි දාට පෙර අලි වැට ඉදි කර දෙන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය ගැමියනට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගම ගැන හොදින්ම දන්න නිසායි මේ කියන්නේ.මෙයාලා මේ ගෙවල් හදාගෙන ඉන්නේ තනිකරම අලින් ගමන්න ගන්නා මාර්ගයේය.ඒ කියන්නේ අලි මංකඩකයි.ඉතිං ඉල්ලීම සාධාරණද?(හේ)
ලංකාවට ගිය කලක්. ඉල්ලීම් දිනාගන්න වෙන්නේ මෙහෙමද පරිපාලනයේ වගකීම් හරියට සිදු වෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නදී)
මේ හස්ති රාජයන්ට කෙනෙහිලි කම් කරන්න එපා. අලිමංකඩක් වසාගෙන සිටින මිනිස්සු මෙම හස්ති රාජයන්ව එම අලිමංකඩ හරහා යාම වැලක්වීමට වැටක් ඉල්ලනවා. මොන තරම් අසාධාරණද? (නදී)
මම හැමදාම කියන දෙයක් තමයි මේ නාස්ති කරන සල්ලි වලින් මේ අලි වැටවල් ටික ගහලා මිනිස්සුන්ට මෙන්ම අලින්ටද නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරලා නායකයන් මැතිවරණ වලට ගියා නම් හොද නැද්ද ? මිනිස්සු කී දෙනෙක් මෙන්ම අලින් සිය ගණනක් වසරකට මිය යනවද ? අලි මිනිස් ගැටුම නිසා කිසි කෙනෙක්ට මේවා ගැන අදහසක් නැහැ? මිනිස්සුන්ගේත් වැරදි තියෙනවා ඡන්ද කාලෙට ඇවිල්ල දේශපාලකයන් මිනිස්සුන්ව ගොනාට අන්දලා සුරලෝක මවල පෙන්නලා යනවා. මිනිස්සු මේවට රැවටිලා කතිරේ ගහනවා ඡන්දෙ දිනාගත්තු දේශපාලුවන් ආයේ පැත්තේ පළාතේ දකින්න නැහැ. ආයේ ඒගොල්ලන්ව දකින්න හම්බවෙන්නේ අවුරුදු 5කින්. (නදී)