ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට ලංකා එක්සත් කම්කරු සම්මේලනය තීරණය කරයි.
මෙතෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළ තම සම්මේලනයට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ගැන පැහැදීමක් නොමැති නිසා මෙම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රී එස් සතාසිවම් මහතා කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කීය.
එස් සතා සිවම් මහතාට අමතරව ලංකා කම්කරු සම්මේලනය නියෝජනය කරන නුවරඑළිය අඹගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් හත් දෙනකුගේ සහ නගර සභා මන්ත්‍රීවරයකුගේ සහායද ජනාධිපතිතුමාට ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයි ඔබ හරි, මේවා නිකන් දෙමල චිත්‍රපට වගේ වැඩ (නදී)
ඉල්ලීම් නොලැබෙන්නට ඇති සමහරවිට. (නි)
සාමාජිකයන්ගේත් මතයත් ඕකමයි කියලාද හිතෙන්නේ? මිනිස්සු බුද්ධිමත් දැන්. (නි)
ඔව් ඉතින් හොරකම් කරන්ඩ අමාරු වෙනවා මෛත්‍රි පාලනයෙන්. එ්කයි පැහැදීමක් නැත්තේ. (නදී)
හොඳ තීරණයක් ,ජනපතිට ජය වේවා!(දිල්)
අන්තිම මොහොතේ වෙනස්වුණා එහෙනම්.... (නි)
ජනධිපතිතුමාව ශක්තිමත් කරන්න. ඔබටත් රටටත් සෙතක්. (ර)
එළිදක්වපු ප්‍රතිපත්ති මාලාවට විරුද්ධ වුණාට කමක් නැහැ. තවම නොදැක්ක ප්‍රතිපත්ති මාලාවකට එකඟවුණේ කොහොමද? (නි)
ඔන්න එහෙනම් තව ඡන්ද වැඩිවුණා.... (නි)
සල්ලි හොඳට ගෙවන පැත්ත තමයි තෝරාගත යුතුවන්නේ (නදී)
මොනවා වුණත් මුල මතක තියාගන්න. (නි)
දැන් විපක්ෂයේ කට්ටිය මොකද කියන්නේ? (නි)
ජයවේවා! (නි)
කට උත්තර නැහැ වගෙයි විපක්ෂයට (නි)
සමන් මහත්තයෝ, අපේ මතය ගැන ඔබතුමා දන්නේ මොනවද ? ඔබතුමා ගැන මට දුකයි සමන් මහත්තයෝ. (නදී)
ආරංචියේ හැටියට, මහා මැතිවරණයේ ආසන සංඛ්‍යාවේ ප්‍රශ්නයක්. (බ)