ඉකුත් ජනාධිපතිවරණයේදී සන්ධානයට ජන්දය දුන් බහුතරයක් ද සන්ධාන මන්ත්‍රිවරුන් රැසක් එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ජන්දය දීමට සුදානම්ව සිටින බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය , බියගම එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා බියගම ජනහමු මාලාවකට සහභාගි වෙමින් පැවසුවේය.
බියගම,යටවත්ත, වීරසේකරපුර,ගනේවත්ත,සබරගමුව හා කොළඹහේන ප්‍රදේශවල මෙම ජනහමු පැවැත්විණි.
හෙරොයින් එතනොල්,කැසිනෝ ව්‍යාපාරවලට සම්බන්ධ නොවු පිරිසිදු මහජන නියෝජිතයන් පිරිසකගෙන් යුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරිමට අපි කටයුතු කරන්න ඕනැ හම්බකරන දේශපාලනයෙන් තොර රටක් ජනතාවක් ගැන හිතන මහජන නියෝජිතයන් පිරිසකැයි රටට අවශ්‍යවන්නේ.
අපේ පක්ෂයේ එවැනි දුෂණ චෝදනා ඇති අපේක්ෂකයන් ඇත්තේ නැහැ . පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මහත්මා දේශපාලනයක නිරතවීම අප සැමගේ බලාපොරොත්තුවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ විශ්‍රාම දිවිය සතුටින් ගත නොකර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ බලයට ඇති කෑදරකම නිසයි. හොරුන් ආරක්ෂා කිරිමේ අරමුණින් යුතුවයි.
කව්රුත් මහමැතිවරණයට ආවත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වළක්වන්ට ලැබෙන්නේ නැහැ. අගෝස්තු 17 වැනිදාට එක්සත් ජාතික පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
අනේ , අපි නම් දෙයි .(ම)
උතුරේ හමුදාව අඩුනොකරන බවට පොරොන්දු දුන් ඔබතුමා, හමුදාව අඩුකළා. (ම)
අපි නොදන්නා මොනරතැන්න (ම)
ඔව් ඔව් (පරා)ජය. (බ)
ඇත්ත. මැතිඳුනි, ඔබට ජයවේවා! (නි)
අපිටත් එහෙම තමයි. අලියා දිනනවා දිනනවාමයි! (නි)
මහජන මතය මත සියල්ල තීරණය වනු ඇත (නි)
ස්ථීරවම ඔබ දිනනවා ජයග්‍රහණයක් සඳහා සුබ පතමි (ම)
ඉර හඳ වගේ කිව්වේ රවුම්ද (ම)
මෙවරත් හොද විපක්ෂයක් බිහිකරමු (ම)
මස්සිනා පරදා විපක්ෂ නායකත්වය ලැබේවා (බ)
රනිල් මහතා සමඟ අත්වැල් බැඳගෙන අපි අළුත් ගමනක් යමු (නි)
අපි දෙන්නෙත් අලියාට! (නි)
මමත් අලියට! (නි)