IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලියාගේ ජය ඉරහඳ වාගේ

ඉකුත් ජනාධිපතිවරණයේදී සන්ධානයට  ජන්දය දුන් බහුතරයක් ද සන්ධාන මන්ත්‍රිවරුන් රැසක් එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ජන්දය දීමට  සුදානම්ව සිටින බව හිටපු  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය , බියගම එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා බියගම ජනහමු මාලාවකට සහභාගි වෙමින්  පැවසුවේය.

බියගම,යටවත්ත, වීරසේකරපුර,ගනේවත්ත,සබරගමුව හා  කොළඹහේන ප්‍රදේශවල මෙම ජනහමු පැවැත්විණි.

හෙරොයින් එතනොල්,කැසිනෝ ව්‍යාපාරවලට  සම්බන්ධ නොවු  පිරිසිදු මහජන නියෝජිතයන්  පිරිසකගෙන්  යුත්  පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරිමට අපි  කටයුතු  කරන්න ඕනැ  හම්බකරන දේශපාලනයෙන් තොර  රටක් ජනතාවක් ගැන හිතන මහජන නියෝජිතයන් පිරිසකැයි රටට අවශ්‍යවන්නේ.

අපේ පක්ෂයේ එවැනි දුෂණ චෝදනා ඇති අපේක්ෂකයන්  ඇත්තේ නැහැ . පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මහත්මා දේශපාලනයක නිරතවීම අප සැමගේ බලාපොරොත්තුවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ විශ්‍රාම දිවිය සතුටින් ගත නොකර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ බලයට  ඇති  කෑදරකම නිසයි. හොරුන් ආරක්ෂා කිරිමේ අරමුණින් යුතුවයි.

කව්රුත් මහමැතිවරණයට  ආවත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වළක්වන්ට  ලැබෙන්නේ  නැහැ. අගෝස්තු 17 වැනිදාට  එක්සත් ජාතික පක්ෂය අතිවිශිෂ්ට  ජයග්‍රහණයක් ලබනවා.

DSC06595 DSC06596 DSC06600 DSC06613

 

 

 



අදහස් (0)

අලියාගේ ජය ඉරහඳ වාගේ

නිශාන්ත Thursday, 09 July 2015 04:33 PM

ජයවේවා! (නි)

:       0       0

ජයා Thursday, 09 July 2015 10:17 AM

අනේ , අපි නම් දෙයි .(ම)

:       0       0

වැකෝ Thursday, 09 July 2015 10:16 AM

උතුරේ හමුදාව අඩුනොකරන බවට පොරොන්දු දුන් ඔබතුමා, හමුදාව අඩුකළා. (ම)

:       0       0

විජයබාහු Thursday, 09 July 2015 10:54 AM

අපි නොදන්නා මොනරතැන්න (ම)

:       0       0

රාජා ගුණවර්ධන Thursday, 09 July 2015 11:02 AM

ඔව් ඔව් (පරා)ජය. (බ)

:       0       0

කෝනාර Thursday, 09 July 2015 11:34 AM

ඇත්ත. මැතිඳුනි, ඔබට ජයවේවා! (නි)

:       0       0

කපුගේ Thursday, 09 July 2015 11:37 AM

අපිටත් එහෙම තමයි. අලියා දිනනවා දිනනවාමයි! (නි)

:       0       0

කුලසිරි Thursday, 09 July 2015 11:37 AM

මහජන මතය මත සියල්ල තීරණය වනු ඇත (නි)

:       0       0

තිලකරත්න Thursday, 09 July 2015 11:51 AM

ස්ථීරවම ඔබ දිනනවා ජයග්‍රහණයක් සඳහා සුබ පතමි (ම)

:       0       0

විජයබාහු Thursday, 09 July 2015 12:04 PM

ඉර හඳ වගේ කිව්වේ රවුම්ද (ම)

:       0       0

සංජය Thursday, 09 July 2015 12:05 PM

මෙවරත් හොද විපක්ෂයක් බිහිකරමු (ම)

:       0       0

ලංකා Thursday, 09 July 2015 12:23 PM

මස්සිනා පරදා විපක්ෂ නායකත්වය ලැබේවා (බ)

:       0       0

කවින්ද Thursday, 09 July 2015 12:38 PM

රනිල් මහතා සමඟ අත්වැල් බැඳගෙන අපි අළුත් ගමනක් යමු (නි)

:       0       0

ඩෙස්මන් Thursday, 09 July 2015 01:20 PM

අපි දෙන්නෙත් අලියාට! (නි)

:       0       0

සත්‍යා Thursday, 09 July 2015 01:52 PM

මමත් අලියට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site