අනුරාධපුර පූජා නගරයට අද උදේ කඩා වැදුණු වල් අලියකුගේ පහරින් වැසියකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි සිද්ධිය දුටුවෝ කියති. බසවක්කුලම හා තිසා වැව දෙසින් ශ්‍රී මහා බෝධිය පැත්තට දිවූ බව කියන අලියා මල්වතු ඔය අසළට වී සිටින බව නගර වැසියෝ කියති. මේ නිසා පූජා නගරය ද නව නගරය ද කැළඹී ඇත. අලියා මෙල්ලකර කැලයට පලවාහැරීමට පොලිසිය හා වන ජීවී නිලධරයෝ සැරසෙති.
අනුරාධපුර පූජා නගරය ආසන්න කැලෑවල වල් අලි ගැවසෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සිද්ධ වෙන දේවල් වලට දෙවියන් විතරක් නෙවෙයි අලිත් කෝප වෙන බවයි පේන්නේ. මේ නගරයේ දැන් සෑහෙන කාලයක පටන් දුරාචාරය රජ වෙලා. පුජනීය බව කෙලෙසිලා. පවුල් පිටින් වන්දනාවේ ගිය කාලයක් තිබුනා. දැන් තමන්ගේ පවුලේ බවලතුන් ටික ආරක්ෂා කරගෙන වැඳ පුදා ගෙන එන්න, මෙහෙ යන්න කලින් තව භාරයක් වෙලා යන්න සිදු වෙලා. (නදී)
පොදු අපේක්ෂකයා හොයනවද දන්නේ නෑ?ලඟදි ඇවිත් ගියානේ ? (නදී)
ඔන්න බොලේ අලි එනවෝ (නදී)
දැන් කොහේද වල් අලි ඉන්නේ. වන අලියෙක් වෙන්න ඇති. (නදී)
නම වෙනස් කලාට අලියා අලියමයි . (නදී)
අලි කොහොමටත් දැන් වල්මත්වෙලා ඉන්නේ. (නි)
කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ, වංචාකාරයෝ හොයනවද දන්නේ නැහැ (නි)
බාරයක්වත් ඔප්පු කරන්න ආවද දන්නේ නැහැ (නි)
අයියෝ පවු! තවත් ජීවිත හානියක් වෙන්න කලින් වගකිවයුත්තෝ කටයුතු කරත්වා! (නි)
ඔය අලින්ගේ වැඩ ඔහොමම තමයි (නි)
ඒ සතා වැඳපුදා ගන්න ඇවිල්ලා ඇති. අලින්ටත් අපි ඉඩදෙන්න ඕනෑ (නි)
මේ අලියා එකපාරටම කොහේ ඉඳලා ආවද? (නි)
වනජීවී ඇත්තන්ට නියෝගයක් එයිද දන්නේ නැහැ අලි එළවන මුවාවෙන් මෛත්‍රී පස්සේ එළවන්න කියල. (අ)
ඔන්න බබෝ අලි එනවෝ වැරදි කරන උන් එලවන වෝ (නදී)
අද මිනිසුන්ගෙ තිරිසන් ගති එන්ඩ එන්ඩම වැඩියි. එවැනි අය කැලේට පන්නන්න වෙන්න ඇති මෙි අලිය පූජා නගරයටම එන්න ඇත්තේ. අලියට ජය වෙිවා. (නදී)
අලි ගම්වැදීම නතර කරන්න ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ගැන හාංකවිසියක් බලධාරීන්ට තියෙනවා කියා හිතන්න බැහැ මේ සිදුවීම් දැක්කාම. (නදී)
පොලොන්නරුව පැත්තේ තනි උන ගොන් අලියෙක් ද කොහෙද ? (නදී)
ලියල තියෙන දේ කියවපුවහම පේනවා කව්ද බයවෙලා දඟලන්නේ කියල (අ)
සමහර අයට තේරෙන්නේ නෑ අලින්ව, ගොන්නු හදුනා ගැනීමට. (ර)
අලි ඉන්න බිම් වල මිනිස්සු ගෙවල් හදාගෙන ඉතින් කොහෙද අලි ජිවත් වෙන්නේ (දී)