වල් අලියෙක් අද හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විදුහල අසළට පැමිණියේය. ගමන් මගේ දී හමුවූ කතකට පහර දී බරපතල ලෙස තුවාල කළ අලියා විදුහල අසළ වන රොදට වී සිටියි. මේ අලියා නිර්වින්දනය කර වනාන්තරයකට රැගෙන යාමට වනජීවී නිලධරයෝ සැරසෙති.
පැය හයකට පසුව අලියා නිර්වින්දනය කර අල්ලා බැද තැබු බව වනජීවී නිලධරයෝ කියති.වයස අවුරුදු 15-20ක් පමණ වන මෙම හස්තියා වනජීවී කළාපයට මුදා හැරීමට යයි.
ඡායාරූප කග කරුණාරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ රට අලි ඔක්කොම පාරට බැහැලා වගේ (නදී)
නගරේ ඉන්න අලි කරන මෝඩ වැඩ දැකල කැලේ ඉන්න අලි නගරෙට ඇවිල්ල. සත්තුන්ට වුණත් තේරෙනවා අලියට අනාගතයක් නැහැ කියල. (අ)
අනේ පව්නේද තාත්ති ? (නදී)
අලින්ට මොනවා වෙලාද (දිල්)
ඊයේ එකෙක් අනුරාධපුරේට ඇවිත් මහා විනාශයක් කළා. අද එකෙක් හිගුරක්ගොඩට ඇවිත් විනාශ කරනවා. හෙට අනිද්දා ඡන්දෙන් අලි අාවොත් ? (නදී)
අලින්ගේ තැන අපි ගත්තම ඔහොම තමයි (දිල්)
අමුතුවෙන් මහන්සි නොවී බන්දුල පෙරේරා සහ ජයසිරි මනමේන්ද්‍ර කැඳෙව්වා නම් හරි. ඒගොල්ලන් හැමතිස්සෙම අලියන් නිර්වින්දනය කරන්න ලෑස්ති වෙලා අමෝරා ගෙන ඉන්නේ. (ස)
වනය මොටද වනයේ අලියෙක් නැත්තම් අලියා මොටද දලයේ ගජ මුතු නැත්තම් මිනිහා මොටද මිනිහට ඔලුවක් නැත්තම් ඔලුව මොටද ඔලුවේ මොලයක් නැත්තම්. (ස)
කෑම හොයා ගෙන හැමතැනම ගියපු අලි දැන් රැවටිලා තමා නිජබිම් කරා පැමිණෙන කාලයක්නෙ මේක. (ම)
අලි එළියට ඇවිත් වැඩ පෙන්නනවා (ම)
දැන් රජරට කැලේ ඉන්න අලින්ටත් තේරිලා වගේ. (නි)
අලියා අපි ඔයත් එක්ක තරහයි. නුවර පෙරහැරට එන්න එපා. (ස)