IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලියා වත්තකට පනී

තොටගමුවේ පෙරහරේ දී කලබල වූ අලියා පාර අයිනේ ඇති වත්තකට ඇතුළු වී සිටිතැයි ගැමියෝ කියති. වනජීවී නිලධාරින් පවසන්නේ අලියා නිර්වින්දනය නොකර සන්සුන්වන්නේ දැයි පරීක්ෂාවෙන් පසුවන බවයි.

තෙල්වත්ත තොටගමුව රන්පත් විහාරයේ වාර්ෂික පෙරහැර විහාරයේ සිට හික්කඩුව නගරයට ගොස් ආපසු එමින් සිටිය දී අලියා කුලප්පු වූයේය. පාර අයිනේ වතුර වළකින් අලියා දිය බීමට සැරසුණු බවත් ඒ අවස්ථාවේ ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් ඇනීමත් සමග කලබල අලියා ඇත්ගොව්වා හොඬයෙන් අල්ලා එසවූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. රාත්‍රී 7.30 ආසන්නයේ මෙය සිදුවිය. අලියාගේ වෙනස දැකීමත් සමග පෙරහරේ ගිය නර්ථන ශිල්පීන් හා පෙරහර බැලීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත පලා ගියහ.

පැයකට ආසන්න කාලයක් අලියා පාරේ කලබල කිරීම හේතුවෙන් ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය වැසී ගියේය. දැඩි වාහන තදබදයක් ද හටගෙන තිබිණි. අලියා වත්තකට පැන ගැනීමෙන් ඒ අවහිරය අවසන් විය. දැන් ගාලු පාරේ සාමාන්‍ය පරිදි වාහන ධාවනය සිදුවෙයි.

පශු වෛද්‍ය අජිත් ලියනගම මහතා පවසන්නේ අලියා මදකිපී නැති බවයි. යම් හේතුවක් නිසා අලියාට කෝපයට පත්ව කලබල කරන්නට ඇතැයිද ක්‍රමයෙන් අලියා සන්සුන් වෙමින් සිටින බව ද වෛද්‍යවරයා එසැණට කීවේය.



අදහස් (0)

අලියා වත්තකට පනී

නන්දලාල්-ප්‍රංශය Saturday, 27 June 2015 05:16 PM

දිය තිබහ වුණ ඒ අලියාට වතුර නොදී, මොකද ඇත්ගොව්වා ඒ සතාට හෙණ්ඩුවෙන් ඇනලා, කෝප ගැන්වුයේ? අපි වුණත් ගමනක් යන්න ඉස්සර වාහනයට ඉන්ධන පුරවලානේ ගමන පටන් ගන්නේ.ඒක ඇත්ගොව්වාට අමතක් වුණාට අලියාට අමතක වුණේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 85 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 139 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 940 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site