කොළඹ සිට මඩකළපුව දක්වා අද (5) අලුයම ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට පළුගසවැව ඇඹුල්ගම වාන්කඩවල ප්‍රදේශයේ දී අලියකු ගැටීමෙන් එම දුම්රියේ මැදිරි තුනක් පිළිපැන ඇතැයි දුම්රිය ආරංචි කියයි.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ මීටර් 50ක් පමණ දුරකට දැඩි හානි සිදුව ඇති අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර වූ අතර අද දහවල් වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙතියි දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි. අනතුරින් අලියා ද මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අලියන්ට වෙන මේ අසාධාරණය ගැන වගකිව යුත්තෝ ඇස් කන් වසාගෙන අඳ,ගොළු,බීරො වගේ සිටීම මහා කනගාටුදායකය. අලියන්ට වගේම අනිකුත් සතුන්ටත් නිදහසේ ජීවත්වීමට අයිතිය ලබාදිය යුතුයි. අලියෝ කෝච්චි පාර හරහා පනින ස්ථානවලින් විදුලි වැටක් සවිකර ඔවුන් පාර හරහා පනින එක නැවැත්විය හැක. නැත්නම් අලියන් එහා මෙහා යන තැනින් කෝච්චිය ගුවන් පාලමකින් යවා අලින්ට නිදහසේ එහා මෙහා යාමට සැලැස්විය යුතුයි. කෝටි ගණන් මුදල් යොදවා මහා මාර්ග හදනවා නම් අපිට ඉන්න මේ අපුරු සත්වයා ආරක්ෂා කරන්න සුළු මුදලක් වෙන් කරන්න බැරි ඇයි. (නදී)
කොච්චියට නම් හෙණ ගැහුවත් කමක් නැහැ අර අහිංසක සතා බේරිලා නම් ඒ ඇති. පව් අසරණයින්. (නදී)
කොච්චර කිව්වත් අහිංසක සත්තු මැරෙන එක නවත්තන්න පිලියමක් යොදාගන්න තවම බැරිවුනානේ. සත්තු අවදියෙන්. නිලධාරීන් මර නින්දේ. (නදී)
මෙවැනි වනරොද වල අලින්, මුවන්, ගෝනුන් වැනි සතුන් මාරුවෙන ස්ථාන රුප පුවරු දුම්රිය මාර්ග අයිනේ සවිකර තියෙනවා. එවැනි ස්ථාන වලදී හෙමින් ධාවනය කිරීම , සතුන් පලවා හරින නලා හඬ නැංවීම රියදුරුගේ රාජකාරියක්. හාවෙක් , මුගටියෙක් යට උනත් අලියෙක් කියන්නේ ඉදිකට්ටක්ද ? මම නම් කියන්නේ රියදුරුගේ නොසැලකිල්ල (නදී)
අනේ දෙවියනේ අපේ රට පාලනය කරන මේ ඇත්තන්ට නුවන පාදලා දෙන්න. මේ අලියන්ට වෙන අසාදාරනයට වගකියන්න කිසිම කෙනෙක් නැද්ද. අනාගතයේදී අපේ රටට අලියෝ පිට රටින් ගේන්න උනේ නැත්නම් ඇති. (නදී)
අයියෝ, අසරණ සතා ඉවරයි නේද? මේ ශාපලත් දිවයිනෙන් මිදී නැවත තිරිසන් ආත්මයක නුපදීවා අලි රජුනි. (නදී)
මිනිස්සු නම් කීයක් මලත් කමක් නෑ. අලියෙක්නේ අලි අපරාදයක්. පව් අලියා. (නදී)
අහිංසක සතා. මේ අහිංසක සතුන්ට මොන තරම් දුක් දෙනවාද මේ රටේ. (නදී)
වන සතුන් ගැන හැගීමක් නැති ම්නිසුන් ඉන්න රටක්. මේ වගේ තැන්වල හෙමින් යන්න මේ රියදුරන්ට හිතක පපුවක් නැද්ද නැත්නම් මොලයක් නැද්ද ? (නදී)
කෝ සංගමය, අලියෙක් අහම්බෙන් පාරට ඇවිත්ද? අලි ගැවසෙන ප්‍රදේශයේ වේගය සීමාකර ප්‍රවේශමෙන් යාම නේද හොඳ. දුම්රියේ ගමන් කරන්නේ අසරණ ජනතාව නේද? පීලි පැනපුවා පෙරලුනා නම් හොඳට හිටීවි නේද? (නදී)
දුම්රියක් සන්ඥ නැතිව නතර කිරීමට නොහැකිය. නමුත් මේ සතාට යන්න දීල පසුව දුම්රිය ගියානම් මොකද වෙන්නේ? මේ සතාත් දුම්රියත් රේල්පාරත් අද දෙපා වගේම නේද? මොලේ නැති මිනිස්සු වගේ වාහන එලෙවනකොට එවල යන ජිවිත වලට මොකද වෙන්නේ? කවුද අද මේ අලාභයට වගකියන්න? . (දී)
ඕකා කාලයක් මුළු රටම නවත්තගෙන හිටියා මතක නැද්ද 88,89 කාලේදී ? (නදී)
අලිමංකඩ හරහා පාරවල් හදද්දී අහස් පාලම් දාන එක දියුණු රටවල කරන දෙයක්. දැන්වත් බැරිද මේ ආණ්ඩුවට ඒ දේ කරන්න. තවත් විනාස වෙන්න ඉස්සර? අපේ සංස්කෘතියේ සත්තු ගැනත් හිතුවා නේද? (නදී)