අනුරාධපුර බසවක්කුලම දෙසින් අද (26) උදේ උඩමළුව පැත්තට ආ වල් අලියාගේ ප්‍රහාරයෙන් උඩ මළුව තේවාව කරන හැට දෙහැවිරිදි ගැමියකුද පෞද්ගලික ආරක්ෂකයකුද (62) මිය ගිය බව පොලීසිය කියයි.
අනුරාධපු නව නගරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයට ඔබ්බේන් ගලා යන මල්වතු ඔය ඉවුරේ අලියා සිටිතියි වනජීවී නිලධරයෝ කියති.
එම ප්‍රදේශයේ හා පුජා භූමියේ මාර්ග පොලීසිය විසින් වසා දැමිණි.අලි වෙඩි ගසා අලියා එලවීමට වනජීවී නිලධරයෝ වෙහෙසෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා දවසක් ඉස්සර වුනානම් පොදු අපේක්ෂකයා වෙන්න තිබුන..අපරාදේ.(අ).
සමහර අය මේ අලි ජරමරය අස්සෙත් දේශපාලනය කරන්න හදනවා. (ර)
අලි කුලප්පු වෙන්නේ ඔහොම නෙමෙයි. (ර)
බන්දුල පෙරේරා මහත්තය නම් එක ගැනු පරාණයකින් නෙමෙයි සැහෙන ගැහැණු පරාන තොගයකින් දිරච්ච විතරක් නෙමයි පොළවටම පස් වෙන්න ගිය තරම් ලනු ගිලල කියලයි මටනම් හිතෙන්නේ! දැන් වමාරන්න බැරුව ඉන්නවා වගේ! (ස)
ඒ අලියට වැඩිය මෙතන අදහස් දාල තියන අයනේ කුලප්පු වෙලා තියෙන්නේ. (ර)
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. (අ)
මේ අලි ඊළඟට එළවන්නේ මේ නගරයට එන දේශපාලකයන් පස්සේ තමයි. වන්දනා කරන්න කියලා ගිහිල්ලා හැමෝටම පෙනෙන්න මල් වට්ටිය අරගෙන ගිහින් ඊළඟට කරන්නේ අනිත් පැත්තේ කෙනාට බනින එක. තමන්ගේ වචන ටික ගැනවත් සැළකිල්ලක් නැහැ මේ පුජනීය නගරයක් නේද කියලා. ඉතින් වටේම ඉන්න අලි කුලප්පු වෙනවා. (නි)
මේ කාගේ හරි මගුල් ඇතා වද්ද? අපේ රටේ දැන් රජවරු වැහි වැහල නේ ? (නදී)
බීරි අලි වෙඩි ගසා එළවන්න බැහැ.(අ)
අලියෝ කුලප්පු වෙන්න තිබුනේ කට හොඳ නැති දේශපාලුවෝ මේ පුජා නගරයට වඳින්න එනකොට .(අ)
අලියා ගිහින් කෙලින්ම අර පුජා භුමිය අවට තියනව කියන සමාජ ශාලාවකට හරි බාර් එකකට හරි ගොඩ වැදුනා නම් හරි. (අ)
වෙඩි දාන්න ඕන වනජීවී එකට නගරයේ ඉන්න අලි එලවන්න වෙඩිදාල. (අ)
මේ අලියට දිනේ මාරු වෙලා.ඊයේ එන්න තිබුනේ. තියෙන්නේ ආණ්ඩුව පාවල දුන්න කට්ටිය මුණ ගැහෙන්න. (ස)
අලි කුලප්පු වෙන්නේ ඔහොම නෙමෙයි,,මෛත්‍රී මහත්තය ඔය ආපු පස් හය දෙනා එක්ක විතරක් ආව කියල හරියටම දැනගත්තම..හැමෝටම ලනු ගිල්වන රනිල් මහත්තය මෙදා පාර ගෑණු පරානෙක හැට හතර මායමට අහුවෙලා කඹයක් ගිලල. (ස)
බීරි අලියෙක්ලු.(හේ)
මේ පෙර නිමිත්තක් වගේ.(හේ)
මේ අලියා අනිත් උන්ට කලින් මගුල් ඇතා වෙන්න හදනවා ඇති. (ස)
මේ අලියා NGO රජතුමාව මාළිගෙට කැන්දන් යන්න ආපු එකා වෙන්න ඇති. හරියට දුටුගැමුණු කුමාරයව වගේ. (ස)
අලින්ට ඉන්න තියෙන කැලේ කැපුවාම ඕක තමයි වෙන්නේ. උඩ මළුවත් දැන් මිනීමරුවන්ට, ළමා අපයෝජකයින්ට,හොරුන්ට, කුඩ්ඩන්ට පමණක් යන්න පුළුවන් තැනක් නේ. නියම බෞද්ධයන්ට උඩ මළුව තහනම් (නදී)
අසරණ මිනිස්සුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න අලි වැටවල් ටික ගහන්නේ නැත්තේ ඇයි? පූජා නගරයට එන මිනිසුන්ගේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න වේවි. (ර)
දිලිප්, මට හිතෙනවා ඔයාලගේ ගෙදෙරටත් අලි වෙඩිල්ලක් දාන්න. (ර)
පුරුදු වෙලා (දී)
මොනවා කරන්නද.සතාට දොස් කියලත් පලක් නැහැනේ.වෙලාව අවාම ඔක්කොම දාල යන්න වෙන නමුත් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවෙවාවී කියල පතනවා!(දිල්)