රාජපක්ෂ ආණ්ඩුව ගෙදර හදන සතුන්ට කන්න දුන්නේත් ආණ්ඩුවේ සල්ලි වලින් බවත් හිටපු රජයේ ප්‍රබලයකු විනෝදයට අලි පැටව් සහ මෝරුන් ඇති කර ඔවුන්ට වියදම් කළේත් ආණ්ඩුවේ සල්ලි බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (9) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහින්දෝදය විද්‍යාගාර හැදුවේ කිසිදු ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු නොකර බවත් නම ගැසීමට පමණක් රුපියල් ලක්ෂයක් වියදම් කළ බවත් එහිදී මාන්නප්පෙරුම මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝරු ටික කොහෙද දන්නෙ නෑ නේද? (ස)
හැමදාම එකම තැටිය අහලා අහලාම එපාවෙලා (නි)
වීර සොල්දාදුවෝ දිවි පරදුවට තියල රට බේරලා දුන්නේ බේබි හාමුලට එකේ පිනුම් ගහන්න නෙමෙයි. (ම)
හවුල් වෙලා ඇවිත් ආවොත් අපි නම් දෙන්නෑ (ම)
රටටම බොරු කියලා කරගන්න දෙයක් නැතිව තවත් බොරු කියනවා. ගියවතාවෙ තැටිය ආයෙම දාන්න පටන් අරන් . සත්‍යය දකිමු. මුලානොවෙමු (බ)
පොඩි මිනිහගේ සල්ලි වලින් පිනුම් ගහපු අයට අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුවේ (ම)
දැන් ඉතින් ඔය ඔක්කොම සල්ලි ඉතුරුවෙලා ඇතිනේ (නි)
ඕවා අහලා දැකලා අපිට එපාවෙලා තියෙන්නේ (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
පාසලකට විද්‍යාගාරයක් හදලා දෙනකොට මොනවගේ ක්ෂේත්‍ර පරීක්ෂණයක්ද මහත්තයෝ කරන්න වෙන්නේ? මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
බලාගෙන ගියාම මහින්ද මොකුත් කරලා නැහැනේ (නි)
අපි දැන් ඔය කතා අහන්නේ නැහැ මහත්තයෝ. මහින්දාගමනය නතර කරන එක නම් මෙදා පාර බොරු. (නි)
ඇත්ත. ඒත් අනෙක් අයගේත් වැරදි තියෙනවා (නි)
මේ මොනවද කියන්නේ? (නි)
අනෙක් අය ඇති කරන්නේ කුමන සත්තුද? (නි)
මෙයාල කියන විදියට මහින්ද මහත්තයට ගෙදර හදන බල්ලට කන්න දෙන්නවත් වත්කමක් නැති කෙනෙක්ද..? එහෙනම් කොහොමද එයා ඡන්දෙ ඉල්ලන්න සුදුසු කෙනෙක් වෙලා ජනපති උනේ .., එහෙම නම් මටත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් ඇතිනේ. (ස)
එක කකුලක් කඩගත්ත මදිවට අනිත් එකත් කඩා ගන්න බොරු බේගල් අද බානවා. (ස)
මෝරුන්ට කෑම දීපු බිලක් එහෙම නැද්ද දැනේ නැහැ. තාමත් මේ කතා ඉවර නැහැ. දැන් ඇහිලාම එපාවෙලා තියෙනේ. කියවිල්ල විතරයි ඇල්ලිල්ලක් නැහැ (නි)
කතා ඇති... (නි)
මානයෙන් පිරුන සමහරුන්ට පැහැදිලි යමක් නැති නිසා කීමට යමක් නැත.එනිසා ජනතාව එවන් අය ප්‍රතික්ෂේප කළයුතුය. (නි)
ඔබ මොකක්ද රටට කර තිබෙන්නේ? (නි)
මෝඩයන්ට මෙවා බොරු. බුද්ධිමත් ජනතාව ගියවර මෙන් නිසි පිලිතුරු දෙයි. (ස)
1977 සිට සිදුකල කොමිස් ගැනීම් ,වැරදි සංවර්ධන වැඩ ගැන කවුද කතා කලේ . ජේආර් නිසරු ඉඩම දී සරු ඉඩමක් ආණ්ඩුවෙන් ගත්ත .විනිසුරු ගෙය ඉදිරියේ පෙළපාලි යවල හු කියෙව්වා. ප්‍රේමදාස ගම් උදාවෙන් ගත්ත. සොත්ති උපාලි යොදවල රිචර්ඩ් මැරෙව්ව. කොටින්ට සල්ලි, ආයුද, යකඩ, සිමෙන්ති දුන්න. සමනල වැව ජපනාට දීල අසාර්තක කලා. ගාමිණී ලලිත්ට කෙනෙහිලිකම් කලා. මහවැලියේ 30%ක් වෙන් කලා නාස්තියට කියල, මදිද ? (ස)
අධික ඉන්ධන මිලට බදු ගහල තමා රජ වාසලට දිනපතා ලක්ස ගණන් වියදම් කලේ. (ස)
විද්‍යාගාර වලට විතරද නම ලියපු බෝඩ් ලෑලි ගැහුවේ? (නි)
හොරකම් කරල කරල ජනතාවගෙම සල්ලිවලින් මුළු පවුල් පරම්පරාවම සුර සැප විඳලා තවත් හොරකම් කරන්න එන්න දඟලනවට කැමති වහල්ලු තමයි මේ රටේ ඉන්නේ. (ස)
ඕකත් මහා දෙයක්ද?සමහර හිටපු මැති ඇමතිවරුන්ගේ ඇඟපත දිහා බැලුවහම අපිට ගොඩක් දේවල් තේරෙනවා (නි)
මේගොල්ලන්ට වෙන වැඩක් නැද්ද? මේ කතා අහලා අපිට එපාවෙලා තියන්නේ (නි)
මේවා බැලුවම වහල්ලු ගැන දුකත් හිතෙනවා...... පව්. (ස)
වැඩක් කරන කෙනාට නරක නාමයක් ගාවන එක ගැන අපිට දුකයි (නි)
මේ හෙළිදරව්ව දැන් මාස හතක් තිස්සෙම අහල තිත්ත වෙලා. ඔය කරන හෙළිදරව් වලින් කාටද වැඩක් උනේ. (ස)
වැඩක් කළ කෙනාව විවේචනය කරන්න එපා (නි)
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන්..(බ)
ඇයි අනිත් අය කරපු දේවල් ගැන කියව කියවා ඉන්නේ. තමන් ඉදිරියට කරන්න යන දේවල් ගැන මහජනතාවට කියන්න බැරිද? (නි)
මම මෙතුමාගේ අමාත්‍යංශය යටතේ සේවය කරන නිසා දන්නවා නාස්තිය දුෂණය නැවත්වීමට මෙතුමා ඉංජිනේරුවරයෙකු වශයෙන් ගෙනයන වැඩපිළිවෙල අති විශිෂ්ටයි. ඉස්සර මේ අමාත්‍යංශයේ ණයටගත් සල්ලි වියදම් කළේ කජු ඇට කොස් ඇට වගේ. මේ සා විශාල මුදලක් අයත් අමාත්‍යාංශයක් කටයුතු කරන අකාරය පෙර හා සසඳන කල අතිශයින් ප්‍රශංසනීයයි. මේ රට ගොඩගත හැක්කේ එජාපයට පමණයි. (නි)
කෝ දැන් ඔය කියපු මෝරු? (නි)
අලි නම් දැන් ඉතින් හැමතැනම වගේ ගෙවල් වලත් ඉන්නවනේ!
ඔය මෝරු ඇතිකළ කෙනාම පිළිගත්තා නේ ද ඇත්තටම මෝරු හිටිය කියල.(ම)
අපි දැන් ඔය විහිලු කතා අහන්නේ නැහැ මහත්තයෝ..විනෝද සාමය ඉවරයි.. වෙන විකල්පයක් හොයා ගන්න .ඕවයෙන් මහින්දාගමනය නතර කරන එකනම් මෙදා පාර බොරු..එකෙක් චෝගම් එකේ අමුත්තන්ට කන්න දීපු බිල අරන් ආව මහින්ද මහත්තයාගේ කෑම බිල විදියට.මට පුදුමේ මේ කියන පට්ට පල් කෙබර වල හැටියට මෙයාගේ එක කකුලක් ඉතුරු වෙච්ච එක ගැන.. (ස)
නැවත මඩ ව්‍යාපාරය පටන් අරගෙන වගෙයි. ආයෙත් රැවටෙන්නේ නැහැ අපි (නි)
"රාජපක්ෂ ආණ්ඩුව ගෙදර හදන සතුන්ට කන්න දුන්නේත් ආණ්ඩුවේ සල්ලි වලින් බවත් හිටපු රජයේ ප්‍රබලයකු විනෝදයට අලි පැටව් සහ මෝරුන් ඇති කර ඔවුන්ට වියදම් කළේත් ආණ්ඩුවේ සල්ලි බවත් "......"බත් කන මොළ හෝදපු හරක්ට" වැඩක් නැති වුනාට එදා වේල හරි හම්බ කරන ලක්ෂ සන්කියත අසරණ මිනිසුන්ට වැඩක් තියෙනවා. (ස)
අපේ ගමේ විද්‍යාගාරය හදන්න කියල ගත්තු රුපියල් කෝටි ගානකට සුපිරි නිවසක් හදා ගත්ත.මහා හොර මහා පරිමාණයෙන් හොරකම් කරනකොට පොඩි හොරුනුත් හොරකම් කරනවා.මොකෝ නීතියක් රීතියක් කියල දෙයක් තියෙනවද? (ස)