( ප්රදීප් කුමාර ධර්මරත්න සහ බණ්ඩාර ජයරත්න )
මාවනැල්ල අලූත්නුවර ඓතිහාසික ශ්රි දැඩිමුණ්ඩ දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මෙවර නොපැවැත්වෙන බව එහි තේවාව භාර ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා අද (12 ) පැවසීය.
එම දේවාලය අසල කිර්ති ශ්රි රජමහා විහාරස්ථානයේ වැඩ විසු හසලක පඤ්ඥානන්ද හිමියන්ගෙ හදිසි අපවත්විම නිසා මෙම තීරණය ගත් බව ඒ මහතා කීවේය.
ලබන 20 වැනිදා තෙක් කෙම්මුර දින තුනක් දේවාලය වසා තැබෙන බවත් හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වියදමෙන් හසලක පඤ්ඥානන්ද හිමියන්ට පිං පිණිස අරනායක නාය යෑමෙන් අවතැන්වූවන්ට නිවාස තනා දෙන්න.
ධම්ම ඔබේ අදහස ඉතා අගනේය
මෙහෙම සිද්ධියක් ඉතිහාසෙටම වෙලා නැහැ. සාමාන්යෙන් මහනුවර ශ්රී දළදා පෙරහැර පවත්වන්න කලින් අළුත්නුවර ශ්රී දැඩිමුණ් ඩ දේවාලයේ පෙරහැර සිරිතක් විදිහට පවත්වනවා. ලොවුතුරා බුදුන්වහන්සේගේත් මහා බලසම්පන්න දැඩිමුණ්ඩ දෙවියන් ගේත් බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබූ දා පටන් තිබෙන මහා බලවත් සම්බන්දය නිසා මෙවන් සිරිතක් පෙරහැර පැවැත්වීම් පිළිඹඳ මේ සිද්ධස්ථාන දිවිත්වය ඇසුරු කරගෙන ඇතිවෙලා තියෙනවා....එවැනි දේ නොවැලක්විය හැකි විදිහට මෙසේ සිද්ධස්ථානයටම සම්බන්ද කිල්ලක් ඇති වීම නිසා වෙනස් කරන්නට සිදු වීමත් රටට අයහපත් කාලයක් උදා වී ඇතිබව කියන පෙරනිමිත්තක් ම විය හැකියි....පෙරහැර බාර නිළමේ වරුන්ටත් මේ ගැන මේ තීරණය ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ....අපේ රටට දැන් තියෙනවාටත් වඩා තවත් අතුරු අන්තරාවන් සිදු නොවේවා....සියළු දෙවියන් දිව නෙතින් බලා රටට සෙතක් උදා කිරීමට කරුණු කාරණා යොදා දෙන සේක්වා....විශේෂයෙන්ම පාලකයන් රටට, ජාතියට බුද්ධ සාශනයට හිතැති වේවා....
විපරමා, බුදුරජණන් වහන්සේ සහ දැඩිමුන්ඩ අතර සම්බන්දයක් ඇති බව කිසිදිනක අසා නැත්තෙමි.