අලුතින් ජාතික උද්‍යාන සහ වනජීවී අභයභූමි ප්‍රදේශ කිහිපයක් නම් කිරීමට හා දැනට ඇති අභයභූමි කිහිපයක මායිම් සංශෝධනය කිරීමට වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශවීම අවම කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන බව කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත.
කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්වලට මායිම්ව ඇති කහල්ල-පල්ලේකැලේ අභය භූමියේ කලා වැවට හා බළලු වැවට අයත් කැලෑ ප්‍රදේශය ‘කලාවැව ජාතික උද්‍යානය‘ ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම අභය භූමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉතිරි කැලෑ ප්‍රදේශය ‘කහල්ල-පල්ලේකැලේ ජාතික උද්‍යානය‘ ලෙස නම් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි විය.
ත්‍රිකුණාමලයේ පාසිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සාගර කලාපය අවාරණය වන පිරිදි ‘කායන්කර්ණී සමුද්‍රීය ස්වභාව රක්ෂිතය‘ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද, කුරුණෑගල නිකවැරටියේ කොටුඅත්තාවල වැව ආශ්‍රිත භූමි ප්‍රදේශය ‘කොටුඅත්තාවල අභය භූමිය‘ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද, ගාල්ල හික්කඩුවේ අකුරල තෙත් බිම ‘කුරල වනජීවී අභයභූමිය‘ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මාදුගඟ අභය භූමියේ මායිම් සංශෝධනය කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුව? (බ)
තියෙන ඒවා කැපෙන විදියට අලුත් ඒවා එපැයි. (ර)
උද්‍යාන හදල දේශපාලුවන්ගේ හෙන්චයලා ඊට පස්සේ කැලේ කපන්න ගනීවි. (ම)
දැනට තිබෙන ඒවා ටික රැකගැනීම පළමුව කළයුතුයි. බොරු කයිවාරු නැතුව එතනින් පටන්ගන්න. (නි)
තියෙන ඒවා රැකගමු මුලින්ම. විල්පත්තුව ගැන කතා නැත්තේ ඇයි? (නි)
විල්පත්තුව ගැන කතා නැහැ. අලුත් ඒවා ගැන කතා. (අ)