බොදු බල සේනා සංවිධානය අලුත්ගම රැස්වීමේ දී ජාතිවාදය අවුළුවා ඇතැයි ද, රජය ඊට නිහඩව සිටි බව පෙනේයැයි ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.
‘ අලුත්ගම වෙළෙඳසලකට පහර දීමේ සිද්ධියක් හා භික්ෂුන් වහන්සේ නමක් ගමන් කළ වාහනයකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් අලුත්ගම රැස්වීමට කළින් ඇති වුණා. එහෙත් එබඳු සිදුවීම් යළි ඇති නොවන පරිදි ක්‍රියා මාර්ග ගැනීම වෙනුවට ඒවා උසිගන්වන සුළු පරිසරයක් රජය නිර්මාණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජාතිවාදය ඇවිස්සී විශාල වශයෙන් දේපොළ හානි හා මේ වන විට ජීවිත හානි ද සිදුවී ඇති බවයි අපට දැනගන්නට තිබෙන්නේ.‘
ජුනි 15 වැනි දා අලුත්ගම දී බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ බවත්, එම රැස්වීමට පිට ප්‍රදේශවල සිට බස්වලින් සෙනඟ රැගෙන ගොස් ඇති බවත්, රැස්වීමේ කතා මගින් ජාතිවාදය අවුලුවා අනතුරුව පෙළපාළියක් ලෙස මුස්ලිම් ජනතාව ජීවත් වන ධර්ගා නගරය ඔස්සේ ගමන් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
‘ප්‍රදේශයේ සංඝරත්නය රජය දැනුම්වත් කර මෙම ප්‍රශ්නය පළාතේ සිංහල, මුස්ලිම් ජනතාවට සාමකාමීව විසඳා ගැනීමට හැකියාවක් තිබෙන බවත් ජාතිවාදය අවුස්සන මේ ක්‍රියාදාමයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.‘
‘එහෙත් රජය විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට රැස්වීම් තබද්දී, පෙළපාළි යද්දී මහජන පීඩා වන්නේයැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන රජය මෙහිදී නැවැත්වීමට පියවර ගත්තේ නැහැ.‘
‘ගැටුම් පැතිරීමට ඉඩ දී රජය බලා සිටියේ කවර හේතු නිසා දැයි අගමැතිතුමාගෙන් විමසා සිටීමට කැමතියි. එමෙන්ම මීට වගකිවයුතු සංවිධාන, නායකයන්, පුද්ගලයන් කවුරුන්ද යන්නත් ඔවුන් සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් දැන ගැනීමට කැමතියි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ගම ගැටුමට මුල් වුණ හේතුව හරියටම හොයලා බැලුවා නම් තමයි හොඳ. (නි)
මොනවා වුණත් අපේ පුංචි රට අපිට වටිනවා. මේ රටේ අපි සියල්ලන්ටම එකට ජීවත්වෙන්න පුලුවන් (නි)
දැන් වැදගත් වන්නේ සැවොම එකමුතු කරවන ආකාරයේ කතාබහයි (නි)
අපි සැවොම ඉතාම කල්පනාවෙන් සිටිය යුතුයි. ලෝකේ අපි දිහා බලන්නේ වැරදි විදිහට. ඒ අස්සේ මේ වගේ දේවල් කෙරුවහම තවත් ප්‍රශ්න. මේක රටට හොද දෙයක් නෙවේ. මොලේ නැද්ද මන්දා (නදී)
ඉවසීමෙන් කටයුතු කරන්න නොහැකිකම නේද මේ හැම ප්‍රශ්නයකටම මුල? (නි)
රනිල් මහත්තයා කියන්නේ සාමකාමී බොරු නොකියන නායකයෙක් (නි)
මෛත්‍රිය, කරුණාව, ඉවසීම, ආදරය නැති තැන වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, විනාශය සහ දුක තමයි ඉතුරුවෙන්නේ. (නි)
අනේ රනිල් මහත්තයෝ බොදු බල සේනාව ජාතිවාදය අැවිස්සුවේ නැහැ. රජය අනුබල දුන්නෙත් නැහැ. රටේ බලයට පැමිණිය හැකි පක්ෂ දෙකේ දේශපාලන බල ලෝභී කම නිසයි මෙහෙම වෙන්නේ. (නදී)
83 ජුලි කලබල වෙලාවේ පොලොසියට නිවාඩු දීල මුළු රටම විනාස කරපු හැටි . මේ වෙලාවේ ගැටුම පිටට යන්න නොදී පාලනය කරා...ආරක්ෂක අංශවලට කෘතඥ වෙමි (අ)
විපක්ෂ නායක තුමා මගේ හොඳ යහළුවෙක්.ඒ උනත් 1983 ජුලි කලබලයේදී දී ඔබතුමා ගේ රජය කුන්භාකර්ණ සේය්යාවෙන් නිදාගෙන හිටිය හැටිත් වරද ජේ,වී,පී. එක පිටින් යවා රජය ඇත සෝදා ගත හැටිත් මේ වෙලාවේ මතක් කර ගන්න. ප්‍රශ්නය රට පුරා යන්න නොදී වලක්වා ගැනීම ගැන අදාළ අයට ස්තුති කරන්න, වාසි ගන්න වෙලාවක් නෙවෙයි මේක. මේවගේ ප්‍රකාශ වලින් ඔබතුමාගේ හොඳ නමට අවැඩක් වෙන්න පුළුවන් (අ)
ඔබ තුමා ඔය වගේ දෙයක් නොකිව්වා නම් තමයි මම පුදුම වෙන්නේ..(නදී)
අපිට අතීතයත් හොඳට මතකයි (නි)
මොකක් හරි වැරැද්දක් වුණහම බොර දියේ මාලු බාන්න දක්ෂ කට්ටියකුත් ඉන්නවා (නි)
මුල ඉඳල වෙච්ච දේවල් දැක්කේ නැද්ද? මුලදිම හැම පක්ෂයක්ම එනකු වෙලා මේ දේවල් නවත්වන්න බල කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඔක්කොම දේශපාලකයෝ එකයි. අන්තිමට විඳවන්නේ අහිංසක මිනිස්සු විතරයි. දර්ගා ටවුන් එකේ අන්තවාදීන් ඉන්නවා. එ්ත් හෙමෝම එහෙම නැහැ සාමදානෙන් ඉන්න පතමු (නදී)
කවුද මුලින්ම මේ ප්‍රශ්න ඇවිස්සුවේ කියලා හොඳට සොයාබලන්න. බෞද්ධයින් කවදාවත් කාටවත් හිරිහැර කළේ නැහැ. (නි)
ඔබතුමාම මමත් එකඟයි (නි)
සමහර ලොකු තැන් වල අය අන්ධ වුණාට හාමුදුරුවරුන්ට හොඳට ඇස් කන් තිබෙනවා (නි)
මම ඔබ තුමා කියන දේ පිලි ගන්නවා, (දී)
ඇත්ත මහත්තයෝ, ඇත්ත. (නි)
බොහොම හරි විපක්ෂ නායක තුමා බොහොම හරි , සිංහල නොවේ කවුරු උනත් නිතිය අතට ගන්න අයට තරා තිරම නොබලා දඬුවම් කල යුතුයි . (දී)
මේ සියල්ලටම දැන් අපිට උත්තර අවශ්‍යයි (නි)
සම්පත්, ඒ කාලේ මේ ඔයා කියන කට්ටියට නින්ද ගිහිල්ලාද හිටියේ? මම මේ නොදන්නා නිසා අහන්නේ (නි)
දැන් ඒ ප්‍රශ්නය ඉවරයිනේ (දී)
පිටිගලගේ ප්‍රකාශය හරි (නි)
අපි එකමුතු වෙමු (නදී)
ලාල් - එහෙම හිතන්නත් මම කැමතියි. නමුත් මේ සිදුවුණු ගැටලුව නිසා වෙනදා වගේ අපිට සැකෙන් බයෙන් තොරව ජීවත් වෙන්න බෑ නේද? අපිත් සැකෙන්, ඔවුනුත් සැකෙන්. දෙගොල්ලොන්ගෙම හිත්වලින් මේ ප්‍රශ්නය ඉක්මනටම අයින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නදී)
හරි හරි, මේ සිදුවීම වලට සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ අපි. අනේ මෙහෙමත් රටක්! (නි)
ඔබතුමා තමයි අපේ බලාපොරොත්තුව (නි)
එහෙම කියන්න එපා, මිනිස්සු මුලින් කියුවේ මේ ප්‍රශ්නයට පොලිසිය මැදිහත් වෙන්න කියලයි (දී)
එක්කෙනෙකුට ඔබ හරි වෙනකොට තව කෙනෙකුට ඔබ වැරදියි, මෙන්න මේක තමයි මත ගැටුම් කියන්නේ (දී)
කරුණාකර, කවුරුන් වුවත් රටේ ප්‍රශ්න පිටට දෙන්නට උත්සාහ කරන්න එපා (නි)
හැම දෙනාම කුමන හෝ අයුරකින් යම් කිසි සිද්ධියකින් වාසි ගන්න තමා බලන් ඉන්නේ. මේකත් අන්න ඒ වගේ එකක් කියල තමා පෙන්නේ. (දී)
විපක්ෂ නායකතුමාට ජයවේවා! (නි)
ඔබතුමාට ජය! (නි)
මට හරිම කණගාටුයි මේ ඇතිවුණු සිද්ධිය ගැන.එය සිදු නොවියයුතු දෙයක්.නැතිවූ ජිවිත නැවත ලබා දිය නොහැකියි.දැන්වත් මෙය තේරුම් අරගෙන සාමකාමිව සහ ආදර්ශමත්ව හැසිරෙනමෙන් සියලුම සංවිධානවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. (දී)
ඔබතුමා බලයට පත් වුණොත් කවදාවත් මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්න ඉඩදෙන්නේ නැතිවෙයි කියලා මම මම හිතනවා (නි)
තමන්ගේ ආගමට අනුව ජිවත් වෙන්න,ඔය කිසි ආගමකින් වෛරය කියා දී නැහැ (දී)
අපි කාටවත් නීතිය අතට ගන්න බැහැ (නි)
විපක්ෂ නායක තුමා හරියට හරි !!!! පටු දේශපාලන වාසි ලබාගන්න ගියාම අහිංසක ජීවිත වලින් වගකියන්න වෙන්නේ. හැමෝමටම සහජීවනයෙන් ජීවත්වීමට වාසනාව සැලසේවා. ජාති වාදය තුලින් වෙන්නේ රටක් තව තවත් අඳුරට ගමන් කිරීමක් විතරයි.නොහැකියි.දැන්වත් මෙය තේරුම් අරගෙන සාමකාමිව සහ ආදර්ශමත්ව හැසිරෙනමෙන් සියලුම සංවිධානවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. (දී)
කාලෙන් කාලෙට එක එක මාතෘකා එනවා ජාති වාදය මේ කාලේ මාතෘකාව (දී)
පිටිගල ලෝකේ ගමන් කරන්නේ අනාගතේට !! නමුත් ඔබ ගමකරන්නේ පස්සට මනෝ වයිධ්‍ය වරයෙක් හමුවෙන්න.
"සිංහල නොවේ කවුරු උනත් නිතිය අතට ගන්න අයට තරා තිරම නොබලා දඬුවම් කල යුතුයි " ගන්න තරම් නීතියක් රටේ තිබෙනවද. නීතිය ක්‍රියාත්මක වන හැටි බලන්න ඔබත් පළාත්සබා මෙම්බර් කෙනෙක් සමග ගැටුමක් ඇතිවෙන්න ඕනේ. (දී)
තමන්ගේ පැත්තට වාසි වෙන විදිහක් තමයි ඉතින් (දී)
අනේ! එහෙම කියන්න එපා (නි)
ජාති වාදය කියන නමවත් නැවතකියන්න එපා (දී)
මම ඔබගේ ඒ ප්‍රකාශයට විරුද්දයි (දී)
මෙවන් හැල හැප්පීම් තුලින් අපේ ජන සමාජය ගමන් කරන්නේ කොහාටද (දී)
අපේ ඇමති තුමා ගැන මම මේ ආඩම්බරෙන් කතා කරනවා (දී)
විපක්ෂ නායක තුමා හරියටම හරි (නදී)
අපේ විපක්ෂ නායකතුමා හැම වෙලාවේම ඇත්ත කතාකරන කෙනෙක් (නි)
කවුරු කළත් රටේ ජාතිවාදය අවුලුවාලීම හරිම වැරදියි. (නි)
විවිධ පුද්ගලයන්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමේ පිළිවෙතක් අනුගමනය කිරීම වැරදියි. මේ විනාශයට වගකියන්නේ කවුද? (නි)
වරදට වරද කියන්න බැරි නායකයන් අප අතර සිටින නිසයි මේවා වෙන්නේ. හැම දේශපාලන පක්ෂයකම නායකයින් මේවට වගකියන්නත් ඕනේ. කාලයක ඩිංග ඩිංග ඇවිත් එකපාරටම අවසානෙදි පුපුරලා යනවා. දැන්වත් වැරදි දේ වැරදියි කියන්න පුරුදු වෙයල්ලා (නදී)
රනිල් මහත්තයා හරි (නි)
මේ ප්‍රශ්නයේදී අපි හැමෝම එක්විය යුතුයි (නි)
තියෙන ප්‍රශ්නය සරලයි, කාටත් එක නීතියක් නැති එක තමයි හැම එකකටම හේතුව. අලුතෙන් නීති ඕනෙ නෑ, තියෙන නීතිය හරි සමානව ක්‍රියාත්මක කලානම් මෙහෙම වෙන්නෙ නෑ. (දී)
සිල්ව මොකුත් දන්නේ නැහැ (දී)
මේ වගේ අදහස් නිසා මිනිසුන් වැරදි මතවලට එනවා (දී)
කගේ කාගේත් වැරදි නිවැරදි කරගෙන වැඩකලොත් රටට අනාගතයක් තියේවි. (දී)
මම මේ වෙලාවේ ඔබතුමාට එකඟ නොවෙමි (නි)
ඔබතුමා කියනදේ 100% නිවැරදි නැහැ (දී)
අනේ විපක්ෂ නායකතුමනි, මේ වගේ අවස්ථාවකදී කෙළින් කතා කරන්න.සාමාන්‍ය ජන ජීවිතයට හිරිහැර වෙන මොනම උද්ඝෝෂණයකටවත් ඉඩදෙන්න එපා. (නි)
ප්‍රශ්නයට මුල හොයන්නේ නැතුව මෙහෙම කතාකරන එක වැරදියි නේද? (නි)
දැන් කාට දොස් කියුවත් වැඩක් නැහැ (දී)
මොහු නිර්භයව ඇත්ත කියනා මහතෙකි. නමුත් ඔහුට මෙම රට යහමඟට ගැනීමට ඉඩක් නොමැත (නි)
අලුත්ගම ? (නදී)
එහෙම කියන්න එපා මහත්තයෝ (නි)
හාමුදුරු නමකට ගැහැව්වහම මිනිස්සු කුපිත වෙන එක ජාතිවාදයද? (නදී)
අපිට දැන් හිතා ගන්ඩ පුළුවන් දෙමල සිංහල ප්‍රස්නේ ඇතිවුනෙත් කොහොමද කියලා (නදී)
මට හරිම කණගාටුයි මේ ඇතිවුණු සිද්ධිය ගැන. (නි)
අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න හරි අමාරුයි සම්පත්. වැරද්දක් උනාම එ්කට දඩුවම් දෙන්න රටේ නීතියක් තියෙනවා කියල මුලින්ම තේරුම් කරලා දෙන්න ඕන. වැරද්දක් උනාම රටේ පවතින නීතිය තමන්ගේ අතට අරගෙන ක්‍රියා කරන්න කියල බුදුහාමුදුරුවෝ නෙමෙයි අල්ලාහ් දෙවියෝවත් කියල නැහැ කියා අපේ අයට අමතක වෙලා. (නදී)
මෙහෙම ප්‍රශ්න ඇතිවීම ඉදිරියටවත් වළක්වා ගැනීම නේද කරන්න ඕනෑ? (නි)
මොනවද මහත්තයෝ මේ කතා? (නි)
මේ රටේ මිනිසුන්ගේ මනස අවුල්වෙලා කියලයි මට නම් හිතෙන්නේ (නි)
මෙන්න මේ වගේ එලොවටත් මෙලොවටත් නැති අපේ නායකයින්ගේ අදහස් නිසා තමයි බොදු බල සේනාවේ ශක්තිය හා පිරිස් ප්‍රමාණය දවසින් දවස වැඩි වෙන්නේ.බොදුබල සේනාව ගියේ සාමකාමී පෙළපාලියක්..මේ සිංහල බෞද්ධ රටේ සාමකාමිව පෙළපාලියක් යන්න විරෝධතාවක් දක්වන්න සිංහල බෞද්ධයට ඉඩක් නැද්ද? මේ රථ පෙළපාලියට පහර දුන්නේ බොදු බල සේනාවද? මේක පුදුම අසාධාරනයක්නේ. සුළු ජාතින් තමන්ගේ වර්ගයා වෙනුවෙන්ම තමන්ගේ වර්ගයාගේ යහපත වෙනුවෙන්ම තමන්ගේ වර්ගයාගේ අයිතිය වෙනුවෙන් ම පමණක් කතා කරන අන්ත ජාතිවාදී ආගම්වාදී සංවිධාන දේශපාලන පක්ෂ වශයෙන්ම ලියාපදිංචි කරගෙන ඉන්න රටේ සිංහල බොදුනුවන්ට වන අසාධාරනකම් වලට කතා කරන්න බොදු බලයට විතරක් අයිතියක් නැද්ද? ජාති වාදේ පැතිරෙන්නේ එතනින් විතරද? (ස)
දේශපාලඥයින් ප්‍රශ්න දෙස බලන්නේ විවිධ කෝණ වලින් (නි)
මොනවද මහත්තයෝ මේ කියන්නේ? (නි)
හැමදෙනාම තමන්ගේ ආගමට අනුව ජීවත් වෙනවා නම් ප්‍රශ්නයක නැහැ (දී)
කතාව හරි (දී)
මොනවා වුණත් මම මේ වෙලාවේ නම් ඔබතුමාට විරුද්ධයි (නි)
මේවට ඉක්මනින් පියවර ගන්න
නිශාන්ත, චන්දන හරියටම හරි ඔබ. (නදී)
මේ රජයටත් ,ආරක්ෂක අංශ වලටත් ස්තුතියි! 2014 තවත් 1983ක් නොකිරීම ගැන අපි සතුටු වෙනවා. (නි)
දැනටමත් මේ කලබලය රට ට අහිතකර විදියට ජාත්‍යන්තරයේ ප්‍රචාරය වෙලා ඉවරයි. අන්න ඔස්ට්‍රේලියාව ලංකාවට එන තමන්ගේ රටේ සංචාරකයන්ට අනතුරු අඟවලා . (දී)
විපක්ෂ නායකතුමා හරි. (නි)
මම විපක්ෂ නායකතුමාට එකඟයි (නි)
එහෙම කියන්න එපා මහත්තයෝ (නි)
විපක්ෂ නායක තුමා කියපු දේ හරියටම හරි.
කල්පනාවෙන් වැඩකරමු. ජාතිවාදය වපුරපු අය අද නිහඩයි. දෙමල සිංහල, මුස්ලිම් බර්ගර් මැලේ අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. මහා ජාතිය සහ ආගම සිංහල බෞද්ධ එයත් රැක ගත යුතුමයි. (නදී)
රනිල් මහතා වයසින් මුහුකුරා ගිය නායකයෙකු බැවින් ඔහුගේ උදව් හා උපදෙස් ලබා ගත යුතුය. එය කාලෝචිතය (නදී)
ඔබ තුමා නිවරදියි (නදී)
මේ සිදුවීමෙන් බොදු බල සේනාව තව තවත් සිංහල බොදුනුවන්ගේ හදවත් තුළ ලැගුම් ගත්තා (නි)