අලුත්ගම හා දර්ගානගර අද උදේ පාළුවට ගොස් තිබිණි. නගරයේ පාසල් ද වසා දමා ඇත. දුම්රිය කිහිපයක් ද අලුත්ගම දුම්රිය පොළේ නතර කළේ නැත.
බස් ධාවනය නොවුණු අතර බස් නැවතුම් පාළුවට ගොස් තිබිණි. අලුත්ගම හා දර්ගානගරයේ බැංකු ද, වෙළෙඳ ආයතන ද විවෘත වූයේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකාය ජල ප්‍රහාරක රථ, කැරළි මර්දන පොලිස් කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
83 කළු ජුලිය හදලා රටත් දෙකඩ කඩන්න ගියා. අවුරුදු 30ක ලේ හැලෙන යුද්දයක් නිර්මාණය කළා. දැන් තව එකක් හදලා ජිනිව වලට දෙන්නද යන්නේ? ඔය ඔක්කොම චන්ඩි අමුම අමු අවස්ථාවාදීන් සහ අමු ජාතිවාදීන්. යුද්දෙට ගිහිල්ල මැරෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ. ඔය චන්ඩි කවුරුවත් යුධ පෙරමුණට යන්නේ නෑ. සකල විද ජාතිවාදයම ප්‍රතික්ෂේප කිරීමෙන් විතරයි රටක සාමය ඇති කරන්න පුළුවන්. (නදී)
අපි එක මවකගේ දරුවෝ කියල ඇයි හිතන්න බැරි (දී)
ජාතික සමගියක් ගැන කතාකරන සමහර දේශපාලන හොරුම තමයි ජාතීන් අතර කුළල් කාගන්න තත්ත්වයට රට ඇද දා තිබෙන්නේ. බංකොලොත් දේශපාලනයේ පැවැත්ම රඳා පවතින්නේ අර්බුද මත බව ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි. (නි)
මෙයාලට මරා ගන්න ඕන නම් යන්න තිබුනනේ පකිස්තානෙට හරි වෙන රටකට හරි. මේක සිංහල බෞද්ධ රටක්. එත් මෙච්චර කල් මුස්ලිම් සිංහල සහ දෙමල මිනිස්සු සමාදානයෙන් හිටියා. ඇයි මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ? (ස)
මිනිස්සුන්ට දැන් ඇතිවෙලා තියෙන්නේ .රට දූශනයේ අගාධයටම වැටිලා ඉවරයි දැන්. (ස)
මේ ඇතිවෙලා තිබෙන අවාසනාවන්ත තත්වය යටතේ බොරදියේ මාලුබාන්න කීදෙනෙක් පෙරමග බලාගෙන ඇද්ද? (දී)
ජාත්‍යන්තරයට අවුරුදු ගානක් කතා කරන්න දෙයක් තියෙනවා දැන් (දී)
නිතිය කඩන්න එපා නිකන් ප්‍රශ්න ඇති වෙයි (දී)
සීරුවෙන්ම ඉන්න (දී)
ජාති වාදය ගැන නම් කතා කරන්න එපා නිකන් ප්‍රශ්න ඇති කරන්න (දී)
දැන් මේ රටේ නීතිය මිනිස්සු අතට අරන් එකයි මේ අපරාද සිදුවෙන්නේ.(දී)
ජාති වාදය අවුසන්න හදන්න එපා මෙවෙලාවේ (දී)
දෙගොල්ලන්ගේම වැරදි තියෙනවා (දී)
ඉසුරන්දිත් එක්ක මමත් එකගයි. (දී)