අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.
අද ඇදිරි වැටීමෙන් පසු අලුත්ගම නගරයේ කඩ දහයකට වඩා ගිනි තබා ඇතැයි ද කළබලකාරයන් පලවා හැරීම සඳහා පොලීසිය මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ගැසු බව ද මාධ්‍යවේදීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයෝ මොකටද ඉන්නේ .......(දී)
කිසිම ආගමක කලහකාරී ලෙස හැසිරෙන්න උපදෙස් දීලා නැහැ (දී)
ලංකාවේ ජනසමාජය තුල ජිවත් වන සමස්ත ළමා පරපුර ගැන හිතලාවත් වැඩිහිටියන් මෙලෙස හැසිරෙන එක නවත්වන්න (දී)
පොලිසියත් අසරණයි (දී)
1983 කාලයේ කලබල වෙලා දඟලපු අය නිසා දුක් වින්ඳේ වෙනත් පරම්පරාවක්. මේ හදන්නේ අනාගත පරම්පරාවට තවත් කරදරයක් දායාද කරන්නද? කවුරු කළත් අන් අයගේ දේපොළ විනාශ කරන අයට උපරිම දඬුවම් දිය යුතුයි. (නි)
කෝ අපේ සාමකාමී ලංකාව? (නි)
1983 ජුලි මාසයේ අපේ රටට කළු පැල්ලමක් එකතුකලා ජාතිවාදී කාලකන්නි රැලක්.....2014 ජුලි කිට්ටුවෙනකොට අයෙත් ජාතිවාදී රැල්ලක් පටන් ගන්නද යන්නේ...?අපි ඔක්කොම මේ රටට අයිති අය නොවයි...සිංහල අපි ඉරානය හරහා උතුරු ඉන්දියාව පැත්තෙන් පහලට ආපු අය...දෙමල අයත් ඉන්දියාවේ දකුණේ අය....මුස්ලිම් අය අරාබි වෙළෙන්දන් ලාංකික දෙමල /සිංහල ස්ත්‍රීන් විවාහකරගෙන මේ රටේ ජිවත්වන අය. ආගම් බැලුවත් එහෙමයි...බුද්ධාගම ආවේ ඉන්දියාවෙන්...හින්දු ආගම ඉන්දියාවෙන්...මුස්ලිම් ආගම අරාබිකරයෙන්...සමහර අය මේ ඔක්කොම පටලවාගෙන...ජාති ආගම් අයිති කර ගන්න යනවා.දැන් රජයට ඒ අයව පාලනය කර ගන්න බැරිලු...අමතක කරන්න එපා තල වැපුරුවෝත් තල මිසක් වී බලාපොරොත්තුවෙන්න බැහැ.වය්රය ක්‍රෝධය ඉර්ශයාව ඇතිකලොත්....අපිට හොදක් නම් බලාපොරොත්තුවෙන්න බැහැ.ආගමික නායකයෝ නිතිය අතට ගන්න තරමට මේ ප්‍රශ්නය දුරදිග ගිහින්...එයාල කවුද නිතිය අතට ගන්න...?මොන පිස්සද බලය දුන්නේ...? එක කාලයක අපේ රට ධර්මදිපය ලෙස ප්‍රචලිතවෙලා තිබුනා...කනගාටුයි කියන්න දැන් අපේ රටේ ධර්මය නැහැ.....ඉන්දියන් සාගරයේ කුඩු දුපත ....අධර්ම දීපය ...වෙලා.තිත්ත ඇත්ත මෙයයි...(අ)
මෙම සිදුවීම් නිසා කිසිවෙකුටවත් කරදරයක් නොවේවා යන්න මගේ පැතුමයි! (නි)
මෙම ප්‍රශ්නය මෙච්චර දුරදිගට ගියේ ඇයි කියලා අපිට හිතාගන්න පුලුවන්. නමුත් නීතිය ඉදිරියේ සැවොම සමානයි. (නි)
අනුෂ්ක ඔයා ඇස් ඇරල බලන්න වෙන්නේ මොනවා ද කියල. (අ0
ඇයි මෙහෙම කරන්නේ? මොකද මිනිසුන්ට මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳාගන්න බැරි? (නි)
මම නම් කියන්නේ සිද්ධ වෙන දේවල් ඉවසීමෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලයි (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
අහිංසා ගේ අදහස, උඩි යටිකුරු කරලා, පැත්තෙන් පැත්තට හරවල බලපුහම පෙනෙන්නේ හරසුන් න්‍යායාත්මක යටිපෙළ චින්තනයට සුපිරි කුහකත්වයක්ද ආරෝපණය කරමින් විතක්කවාදී මනසකින් ඉදිරිපත් කර ඇත්තක් බවය. (නදී)
දැන් සතුටු ඇති නේද? ඇයි දෙයියනේ අපේ මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ? මමත් අලුත්ගම. මිනිසුන් රැවටිලා... (නි)
අහිංසා, ඔබ හරියට හරි. මේ ලෝකේ අපිට අයිති කිසි දෙයක් නැහැ. අපි ආවෙත් නිකම්ම, යන්නෙත් නිකම්ම. බුදුන් වහන්සේ කියා දුන්නෙත් ඒ ටිකම තමයි. ඒක කොයි ආගමටත්, කොටි ජාතියටත් පොදුයි. ඉන්න ටිකේ සමගියෙන් ඉදීම තමයි වැදගත්. (දී)
දැන් රට කොයිඅතටද යන්නේ (දී)
සියලු ගිනිදැල් ඉක්මනින් නිවේවා! (නි)
මොනවාටද (දී)
මේ ප්‍රශ්නය මොලෙන් විසදමු (දී)
මේ ප්‍රශ්ණ දුර දිග යන්න දෙන්න එපා. (නදී)
මෙය ඇතිවුනේ පොසොන් දවසේ. (නදී)
ජිවත් වෙනකොට සහයෝගයෙන් ජිවත් වෙන්න බැරි මොකද (දී)
අපි සසරෙන් එතෙර වෙන්න මාර්ගය සොයා යා යුතුයි මේ විකාර වැඩ පසෙකලා (දී)
ජාතින් විදිහට සමගියෙන් ඉන්න (දී)
කොහොම හරි මේ ප්‍රශ්නය විසදන්න (දී)
මිනිස්සු කියන්නේ හිත හොඳ ජාතියක් (දී)
නහී වේරේන වේරානි සම්මන්ති'ධ කුදාචනං අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ ~!~!~ ~ මේ ලෝකයේ කවදාවත් වෛර කිරීමෙන් නම් වෛරය සංසිදෙන්නේ නෑ. වෛර නොකිරීමෙන්මයි වෛරය සංසිදෙන්නේ. මේක මේ ලෝකයේ සනාතන ධර්මයක් ... !!! (දී)
මේවා වැඩි දුර යන්නට ඉඩ නොදී . තවත් යුද්දයක් ඇති වීමට ඉඩ නොතබා නැවත්වීමට කටයුතු කල යුතුය (දී)
නිසාර් තවම ඉගෙන ගන්නවද (දී)
කඳුළු ගෑස් ගහන්න තරම් වැඩේ දුරදිග ගිහිල්ලා (දී)
මෙතන ප්‍රශ්නේ කව්රුත් දන්නේ ඇති පාටයි.(අ)
ජාති වාදයක් කියලා දෙයක් නැහැ (දී)
මේ ප්‍රශ්නය ඉක්මනින් විසදන්න (දී)
අපි හැමෝම අවදියෙන් හා කල්පනාවෙන් සිටිය යුතු කාලයක් (අ)
විදුෂක මහත්තයෝ, ඇයි ඔයාත් මේ හිංසනය අනුමත කරනවාද. කවුද ඔයාගේ පිටිපස්සෙන් ඉන්නේ.අහිංසා කියලා තියෙන්නේ සම්පුර්ණ ඇත්තක්. (දී)
ලෝකේ ලංකාව කියන නමට හිමි වුනේ විශිෂ්ට තත්වයක් ඒ නම කැත කර ගන්න එපා (දී)
මේ මොකද්ද මේ මෑතක ඉඳලා තියෙන කලබලය (දී)
ජාති වාදය කියලා දෙයක් නොවෙයි තියෙන්නේ අන්තවාදය. අන්තවාදය ඇති තැන ප්‍රශ්න උග්‍ර වෙනවා, මැදුම් පිළිවෙතයි වැදගත් (දී)
එක්කෙනෙක් දෙන්නේක්ගේ ප්‍රශ්න නිසා සමස්ත පරපුරටම බැනුම් අහන්න එනවා (දී)
උතුර නැගෙනහිර බටහිර දකුණද එක කොඩියේ සෙවනේ (දී)