ඇඳිරිනීතිය ඉවත් කළ පැය හතරේ දී අලුත්ගම හා ධර්ගා නගරයේ වැඩි දෙනා කෑම බීම සොයා ගැනීමට වෙහෙසුනහ.
තව පිරිසක් බෙහෙත්හේත් ගැනීමට ද ගියහ.
අලුත්ගම නගරයේ බස් නැවතුම් පොළේ බස් කිහිපයක් ද ධාවනය විය.
කඩ සාප්පු කිහිපයක් හැරුණු විට වැඩි ගණනක් වසා තිබිණි.
මතුගම වැලිපැන්න නගරයේ ආරක්ෂාව ද තහවුරු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිම්මි ඔයා ජකාධිපතිද ? (නදී)
මේ තත්ත්වය මෙහෙමම තිබෙනවා නම් කොච්චර සතුටුද? (නි)
ප්‍රශ්න ඇති නේද? ආයෙත් නම් එපා (නදී)
ජාති ජාතිත් මෙවන් දේවල් සිද්ද නොවෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා (දී)
සමහර මිනිස්සුන්ට කන්න නැ බොන්න නෑ. ගෙවල් ගිනි බත් වෙලා. ජාතික සමගිය වෙනුවෙන් සිංහල අපිට මේ මිනිස්සුන්ට උදව් කරන්න විදිහක් නැද්ද? (නදී)
ප්‍රශ්ණ ඇතිකරන්නේ ඉතා සුළු පිරිසක්. ඒ තකතීරු වැඩවලට කවදා හරි ඒ අයම පව් ගෙවා ගනී. ඒ නිසා මිනිස්සු ඕවාට හසු නොවිය යුතුය. කළුතර කියන්නේ සිංහල මුස්ලිම් හැමෝම සාමයෙන් සතුටින් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. ඒ සාමය සතුට කාලකණ්නි කිහිපදෙනෙකුගේ උන්මාද සතුටකට පාවාදී අප සියළු දෙනා ඒ ගොඩට නොවැටෙමු. මුස්ලිම් සහෝදරත්වය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය .සාමය උදාවේවා සැමට තෙරුවන් සරණ ලැබේවා! (නදී)
දයාබර මුස්ලිම් සහෝදරවරුනි, ඔබට මතකද ඔබ අප බේරුවල, ධර්ගානගරය, අටළුගම, වැලිපැන්න, වැනි කළුතර දිස්ත්‍රික්කයේ පෙදෙස් කිහිපයකම වසර ගණනාවක් සාමයෙන් සමගියෙන් ජීවත් වූ අයුරු. අපේ සමගිය බිඳ දැමූ ඉතා සීමිත අවස්ථා කහිපය සිහි කරන්න. ඒ හැම අවස්ථාවක්ම උදාකලේ අන්තවාදී, අවස්ථාවාදී කිහිපදෙනෙකු ගේ අවශ්‍යතා නිසා නොවේද? මෙවරත් එය එසේමයි. ඒ නිසා ගිය දේ ගියාවේ නැවත එවැනි කාලකණ්ණි නරුමයන්ට හසු නොවීමට අදිටන් කරගනිමු. (නදී)
බොහොම සතුටක් දැනෙනවා (අ)
අසංක , මං ඔයා වගේ කට්ටියට හිස නමා ආචාර කරනවා. ඔයා වගේ අනිත් අයත් මෙහෙම හිතුවොත් අපිට හැමදාම සතුටෙන් සාමයෙන් මේ රටේ ජීවත් වෙන්න පුළුවන්. (දී)
අහන්නත් සතුටුයි මින් පසු ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)
සාමය විනාශ වෙන විදිහට හැසිරෙන සියලුම දෙනා අත්අඩංගුවට ගන්න (දී)
සමගියෙන් ජිවත් වෙමු (දී)
ලංකා මාතාවට මුස්ලිම් සිංහල කියලා බෙධයක් නැහැ කවුරුත් ලාංකිකයෝ (දී)
සියලු දෙනාම මිට වඩා කල්පනා කාරීව වගකීමෙන් ක්‍රියා කරන්න (දී)
නැවත නොසන්සුන් නොවේවා (දී)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්කොමිසම දත මැදගෙන ඇත්තේ මේකට එරෙහිව පරීක්ෂණයක් තියන්න (දී)
රජය නිහඩව ඉන්නකම් මේක ඉවරවෙන්නේ නැහැ (දී)
මහා සුළු කියලා ජන කොටස් කරන්න යන්න එපා, මෙහි ඉන්නේ එක ජන කොටසයි. ඒ ලාංකික කියන ජන කොටස විතරයි (දී)
අසංක කියනදේ හරි මමත් කැමතියි සහයෝගය දක්වන්න. (දී)
මිනිසුන්ගේ සිතු පැතුම් ක්‍රියා කලාප එකිනෙකාට වෙනස් ඒ නිසයි මේ ප්‍රශ්න (දී)
අසංකා ආසයි ඔයා හදුනා ගන්න. (දී)
වැරදි කලානම් කවුරුන් හෝ ඒ අයව අත්අඩංගුවට ගන්න (දී)
අසංක වැඩක් නැහැ කතා කරලා (දී)
බොහොම සතුටක් දැනෙනවා. ගොඩක් අය යථාර්ථය තේරුම් අරගෙන. (නි)
අනේ බුදුහාමුදුරුවනේ නැවත මේ ලෝකයට වැඩම කරන්න ඔබ වහන්සේගේ දර්මය නැවත මිනිස්සුන්ට දේශනා කරන්න කාලය ඇවිදින්. ඔබ වහන්න්සේ මේ අසරණ මිනිස්සුන්ට අනුකම්පා කරන්න.(නදී)
මේ විදිහට සන්සුන්ව තත්ත්වය දිගටම පවතීවා! (නි)
මින් පසු ප්‍රශ්න ඇති නොවේවා (දී)
ලංකාවේ මින් පසු කිසිම ප්‍රශ්නයක් වෙන්න බැහැ (දී)
මොකක්ද ඇත්තටම වුනේ ?(දී)
ඕනෙම මෝඩයෙකුට ජාතිවාදී විය හැකිය. එ්ත් සමානාත්මතාවය වැඩීමට නොහැකිය. (නදී)
මේ විදිහට ගියොත් ආගම් භේදයක් නැහැ සමස්ත ජන සමාජයම විනාශ වෙනවා (දී)
අනේ අයෙත් ප්‍රශ්න එපා. මේක මෙහෙම්මම ඉවර උන එක ලොකු දෙයක්.. ජය වේවා!!! මේ වගේම සංසුන් ව සමගියෙන් හිදිමු. (ස)
මින් පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්න අපි දෙන්නේ නැ, (දී)