IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත්ගම රෝහලට අලි පනිති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලට කඩා වැදුණු ඇතකුගෙන් බේරීමට දිව ගිය  රෝහල් උපස්ථාවකවරයා රෝහල් කෝරිඩෝවේදි වැටුණු අවස්ථාවේ ඇතා වැටි සිටි උපස්ථායකයා ඇදගෙන යාමට කළ උත්සහාය  හෙදියක නිසා වැළකී ඇතැයි සැලිය වැව පොලිසිය කියයි. 

රෝහල් උපස්ථාදායකවරයා කොරිඩෝවේ ඇද වැටීම නිසා අස්ථි බිදිමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.

මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ සාලිය වැව පදිංචි අලුත්ගම ප්‍රාදේශීය රෝහලේ සේවය කරනු ලබන ඩබ්ලියු .චමින්ද කිත්සිරි නැවති දෙදරු පියකු බව කියයි.

ඇතෙක් කඩා වැදුණු බව නොදැන උපස්ථායකවරයා  අද දින අලුයම රෝහල් භූමියේ ගමන් කරමින් සිටියදී එකවර කඩා වැදි මෙම උපස්ථායකවරයා පසු පස පන්නා ඇති බව කියයි.

එහිදි දිවි බේරා ගැනිම සදහා මෙම උපස්ථායකයා අසල තිබු රෝහල් වාට්ටු සංකිර්ණයක් අසලට දිව ගොස් කොරිඩෝවට ඇතුල් වනවාත් සමග ඇද වැටි ඇති බව කියයි.

ඒ සමගම පසුපසින් දිව ආ ඇතා බිම වැටි සිටි රෝහල් උපස්ථායකවරයා සොඩින් ඇද ගැනිමට සුදානම් වනවාත් සමග එය දුටු එම වාට්ටුවේ හෙදියක් මහා හඩින් විලාප තබා ඇති අතර එයින් කලබලයට පත්වු ඇතා ආපසු හැරි ගොස් තිබු බව කියයි.

කෙසේ වෙතත් ඇතාගෙ ග්‍රහණයෙන් බේරි ගිය රෝහල් උපස්ථායකවරයා කොරිඩෝවේ ඇද වැටිමත් සමග අස්ථි බිදිමකට ලක්ව තිබු බව කියයි.

නමුත් ඇතා රෝහල් භුමියෙ රැදි සිටිමින් අඹ ගස් සොලවමින් රැදි සිටිම නිසා අස්ථි බිදිමකට ලක්වු උපස්ථායකවරයා පුත්තලම මූලික රෝහලට රැගෙන ඒමට පවා ප්‍රමාද වී ඇති බව රෝහල් සේවකයින් කියයි.

අලුත්ගම රෝහලේ කාර්ය මණ්ඩල සේවකයන් රාත්‍රි කාලයෙ රාජකාරී සිදුකිරීමට මහත් බියක් දක්වන බව ද කියයි.



අදහස් (0)

අලුත්ගම රෝහලට අලි පනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site