IMG-LOGO

අලුත්ගම ගැටුමේ 35ක් සොයයි

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ 55 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද, 35 දෙනකු රිමාන්ඩ් කැර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

තවත් 35 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය, රහස් පොලිසිය හා තවත් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වන බවත්, තරාතිරම නොබලා වැරදිකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත් ඔහු පවසයි.

අලුත්ගම රැස්වීමක් පැවැත්වීමට බොදු බල සේනාව අවසර නොගත් බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ඉල්ලා නොතිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

 



අදහස් (0)

අලුත්ගම ගැටුමේ 35ක් සොයයි

සෑම් Thursday, 19 June 2014 08:10 PM

එතකොට ඔය හර්තාල් කරන අය පොලීසියෙන් අවසර අරන්ද ඒවා කරන්නේ?(අ)

:       0       0

නිමන්ත Friday, 20 June 2014 09:57 AM

ජාති ආගම භේද නොබලා උපරිම දඬුවම් දෙන්න (නදී)

:       0       0

පුලස්ති Friday, 20 June 2014 11:36 PM

නියම වැරදි කරුවන්ව සොයා ගන්න (දී)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 04:01 AM

කොලඹින් කුලියට ගිය මැරයන් අත්අඩංගුවට ගන්නේ කොහොමද දන්නේ නැහැ.? ඔය මැරයෝ ටික ආපහු කොලඹ ආවේ කාගේ වාහන වලද කියලා මුළු රටම දන්නවා. මේක දැන් පුදුම රටක් වෙලා සිංහලයන්ට,බුද්ධාගම් කාරයන්ට තමන්ගේ ආගම ,ජාතිය ගැන කතා කරන්න බැහැ. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ නම් මේ වෙන දෙය කල් තියාම දැක්කා. උන්වහන්සේ අපවත් වුනේ අපේම අවාසනාවට තමයි.(නදී)

:       0       0

චමින්ද Saturday, 21 June 2014 04:03 AM

ගණන් ගන්න එපා. (නදී)

:       0       0

උපාලි Friday, 20 June 2014 11:17 AM

වැඩේ ඇන ගත්තේ පොලිසියයි. හාමුදුරුවන්ට ගහපු වෙලාවේම නිසි පියවර ගත්ත නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ දෙන්නයි. ගින්දර ඇවිලෙන්න යන්නේ මිනිත්තුවයි. නිවන්න කොච්චර කල් යනවද. දැන් ඉතින් රාජකාරිය නිසි වෙලාවට ඉටු නොකළ රාළහාමිලත් අත්අඩංගුවට ගන්න. (නදී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 20 June 2014 04:57 PM

සියලු ජාතිවාදී ආගම්වාදී සංවිධාන තහනම් කළ යුතුයි. (අ)

:       0       0

රොෂාන් Friday, 20 June 2014 05:03 PM

පළමු වැරදි කරු. සොයන්න (අ)

:       0       0

වීරසිරි Thursday, 19 June 2014 10:40 PM

වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන දියහැකි උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

සුසිල් Thursday, 19 June 2014 11:22 PM

වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

චතුර Friday, 20 June 2014 12:48 AM

ඔය කාව අත්අඩංගුවට ගත්තත් ගන්න ඕනෑම කරන්නේ මේක ඇවිලූ අයයි. (නි)

:       0       0

චානක. Friday, 20 June 2014 01:10 AM

ලංකාවේ කිසිම දෙයක් නීතිප්‍රකාරව ඉටුකිරීමට දේශපාලන ඇඟිලි ගැසීම් ඉඩනොදෙන බව අපි දනිමු. (නි)

:       0       0

සේන Friday, 20 June 2014 02:16 AM

අනේ සෑම්, කඩවල් වහන්න පොලිසියෙන් අවසර ගන්න ඕනෑ නැහැනේ. නේද? (නි)

:       0       0

ශලනි Friday, 20 June 2014 04:40 AM

නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන්න. වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

සිං Friday, 20 June 2014 01:21 PM

නීතිය එක් පැත්තකට විතරද (අ)

:       0       0

සුමුදු Friday, 20 June 2014 06:12 AM

ඔය අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සුමිත් Friday, 20 June 2014 01:45 PM

අනිවාර්‍යෙයන් වැරදිකරුවන්ට දඩුවම් දෙන්න (නදී)

:       0       0

අබීතා Friday, 20 June 2014 02:23 PM

මේ හාමුදුරුවෝ මෙච්චර කියන්නේ මොකද්ද කියල තේරුම් අරගෙන මහා ජාතියට වෙන අසාධාරණයට පිලියමක් යොදන්නේ නැතුව මොනව කරත් වැඩක් නැහැ. රබර් බෝලයක් වතුර යටට දැම්ම වගේ. (ස)

:       0       0

රසිකා Friday, 20 June 2014 08:14 AM

නැගෙනහිරට සහ උතුරට වෙනම නීතියක් ද දැන් තියෙන්නේ. දේශපාලකයෝ තාමත් හිතන්නේ තමන්ගේ ඡන්ද මල්ල ගැන විතරයි. මේ හාමුදුරුවන්ට හිරිහැර කරපු ගමන් එ්කට එවෙලේම නීතිය ක්‍රියාත්මක උනා නම් මේ හැමදේම හොඳින් විසඳෙනවා. පොලිසිය අවංකව රාජකාරි කලොත් හැමෝටම සමානව අනාගතය ගොඩක් යහපත් වේවි. (නදී)

:       0       0

නිමල්ලලිත් Friday, 20 June 2014 08:47 AM

මේ රටේ සැමටම පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන නීති වලින් පමණක් ජිවත් වීමට සලස්වන්න. ඡන්ද කතිරයට ඇති කාදර කම අමතක කර ප්‍රදාන දෙසපාන පක්ෂ දෙකම එකතුව ,මුළු රටේම ජනතාව පිඩාවට පත් කිරීම වලක්වන්න.එවිට මේ රටේ සාමය රැකෙවී. නැතිනම් සිංහලය ටිකෙන් ටික වලපල්ලට යාවි. එදාට වැඩියෙන් දුක් වන්නට වන්නේ සිංහලකම ගැන කතාකරන සිංහලයන්ට සිංහල ජාතිවාදීන් කියන අයටය (අ)

:       0       0

සම්පත් Thursday, 19 June 2014 07:39 PM

වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

සමන් Friday, 20 June 2014 09:05 AM

කඩවල් වහන්න කාගෙවත් අවසර ඕන නැහැ. එ්ත් කල්මුනේ පාරවල් ටයර් දාල පුච්චන්න අවසර ගත්තේ කාගෙන්ද? අපි පාරවල් වල යන්න එපාද? (නදී)

:       0       0

හකීම් Friday, 20 June 2014 09:39 AM

හර්තාල් කළා කියලා කාටවත් පාඩු උනේ නැහැනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site