අද අළුයම නාගොඩ රෝහලේ දී මියගිය තරුණියක ඇතුළු කාන්තාවන් හය දෙනකු අලුත්ගම දුම්රිය අනතුරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 හැවිරිදි පාසල් දැරියක ද මියගිය අය අතර සිටින බව රෝහල් අරංචිමාර්ග පවසයි. තුවාල ලැබූ පිරිමි හතර දෙනකු නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් අයකු කොළඹ ජාතික රෝහලට යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නව නිපැයුම්කරුවෝ බොහොම දෙනෙක් මේකට විසදුම් හොයාගෙන තිබුනා. නමුත් බලදාරින් නොසලකා සිටියා. (නි)
අවුරුදු 30 ක් අහිංසක මිනිස්සු බෝම්බ වලින් මළා. දැන් සැමදිනම දෙතුන් දෙනෙක් කෝච්චි වලට හැප්පිලා මැරෙනවා (නි)
ලංකාවේ නිපැයුම්කරුවන්ගේ උපකරණ ලාබ වැඩිලු (නි)
මිය ගිය සැම දෙනාට නිවන් සුව ලැබේවා. මෙවන් අනතුරු කිසි දිනක කිසිවෙකුටත් නොවේවා.(නදී)
ආණ්ඩුව මොනවා හැදුවත් අත්‍යාවශ්‍ය දේවල් හදන්න උනන්දුවක් නැත්තේ ඇයි?(නදී)
මේක රියදුරාගේ අතපසුවීමක්. ඒ ගැන විවාදයක් නැහැ .මිනිසුන් අතින් අතපසුවීම් වෙලා සිදුවන ජීවිත හානි වලක්වා ගන්න යම්කිසි පිලියමක් යොදන්න තමා ප්‍රාදේශීය සබා, පළාත් සබා, මධ්‍යම රජය ආදී ආයතන තියෙන්නේ. (නි)
අනේ දළදා හාමුදුරුවනේ, මේ වගේ අපරාධ කොහොම උහුලන්නද? මිය ගිය සැමට නිවන් සැප ලැබේවා. රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මෙවැනි දේවල් නැවත අසන්නට නොලැබේවා! (නි)
කොහොමහරි මැරිලා අඩු වෙන්නේ සිංහල ජාතියයි (නි)
මේ විනාශ වන්නේ වටිනා මිනිස් ජීවිත.මෙය රියදුරුගේ වරදින් සිදුවූවක් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලදාරීන්ගේ වරදින් සිදුවුවක් විය හැකියි.මෙම හරස් මාර්ගයේ ගේට්ටුවක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ.කිසිවක් නැතත් යකඩ බට ගේට්ටුවක් රුපිය විසි දහසකට වඩා අඩු මුදලකින් සාදා ගන්න පුළුවන්.අවශ්‍ය වන්නේ තිදෙනෙකුට රැකියාව දීම පමණි. මහජන මුදලින් තමන්ගේ සුඛ විහරණය ඉහලින්ම සලසා ගන්න දේශපාලකයන්, රජයේ උසස් නිලදාරීන් මේවට වග කිව යුතුයි. නැත්නම් පළාතේ මහජනතාවට තියෙන්නේ ඔවුන් අයිති පළාත් පාලන ආයතනයේ හැම පක්ෂයකම නියෝජිතයන්ට යකඩ බට ගේට්ටුවක් සවි කරන තුරු බලකර සිටීමයි. ඇත්ත වශයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන් සහ ඇමතිවරයා මේ ගැන ලැජ්ජා විය යුතුය.මේවට වන්දි ගෙවුවත් ගෙවන්නේ මහජන මුදලින් මිස ඔවුන්ගේ සාක්කුවෙන් නොවේ. (නි)
මේකට වග කියයුතු අය ඉල්ලා අස්විය යුතුයි (නි)
රජය අපකීර්තියට පත් නොවී සිටීමට නම් වහාම මේ සදහා ක්‍රියාමාර්ගයක් ඉක්මනින් ගත යුතුයි. (නි)
අපි ඔලුවෙන් හිටගෙන කෑගැහුවත්, පාරවල් වහලා මොන උද්ගෝෂණ කළත්, මේ වගේ අනතුරු වලක්වන්න කාගෙන්වත් පිලියමක් ලැබෙන පාටක් නැහැ (රියදුරොත් නොසැලකිලිමත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් මුකුත් කරන්නේ නැහැ). තමන් ප්‍රවේශම් වෙනවා හැරෙන්න කරන්න තියන එකම දෙයනම් හදිසි අනතුරු ජීවිත රක්ෂණයක් ගන්න එක තමා. (නි)
අනාරක්ෂිත රේල් පාරකට බම්බුවක් දාන්න බැරි ආණ්ඩුවක්ද මේක?(නදී)
තව කොපමණ මැරුණත් බලධාරීන් මෙවැනි අනතුරු වලක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීද කියලා සැකයි.(නදී)
මෙච්චර මිනිස් ජීවිත අහිමි වෙනවා හමුදුරුගොල්ලන්ට මේවා පේන්නේ නැහැ. පේන්නේ හරක් මරන එකයි ආගමට දේපලවලට හානිකරන දේවල් විතරයි.(නදී)
ඇයි අපේ රටේ මිනිස් ජීවිත ගැන හිතන්නේ නැත්තේ. ඉහල මට්ටමේ මන්ත්‍රීවරු ඉන්නවා කිසිම වැඩක් නැහැ. මොකක් හරි පොඩි දෙයක් අල්ලගෙන කෑගහනවා. ඇයි මේ වගේ ජීවිත ආරක්ෂාවක් හදන්න බැරී? (නි)
දුම්රිය හරස් පාර වලට බොහෝ වෙලාවට ඔහොම කොටුවෙන්නෙ නොදැනුවත්වමයි. සමහරු පිට පලාත් වල අය. ඒ ඒ තැන් වල මෙහෙම මරු කපොලු තියෙන බව එක පාරටම හිතාගන්න බැරිවෙනවා. මේ මමත් මාතර පඹුරන දි දුම්රිය හරස් පාරෙ නොදැනුවත්වම ඔය විදියට කොටුවුනා. කරුම රේල් පාරකට ඇවිත් කියලා වැටහුනේ ඒ භයානක තත්පරේදී .ඔය තියෙනවයි මාර්ග අනතුරු සංඥා විවිධ හේතු නිසා සමහර නරක වෙලාවලදී පේන්නෙ නැතුව යනවා. පෙර පිනකට ගෑවී නොගෑවී බේරුනේ. රටේ වෙන දේවල් වලට ඕනෑ තරම් මුදල් වියදම් කරනවා. ඒත් මේ ගේට්ටු දාන්න කිව්වහම හපොයි ඕක හරිම අමාරු වැඩක් ඔන්න ඉතින් සල්ලී නැහැලු අහේනියලු. එහෙම නැත්නම් කටින් බතල හිටවනවා. (නි)
මේ වගේ අපරාධ වලක්වගන්න පිළියම් යොදන්න හිටපු ජනාධිපති පේමදාස මැතිතුමා වැනි දේශපාලකයෝ ඉන්න ඕනෑ. දැන් ඉන්න මැති ඇමතිලාට මේවා බලනවාට වඩා වැඩ තියෙනවනේ. එක මරණයකට ලක්ෂය ගන්නේ දේවි. එතකොට ප්‍රශ්නේ අවසානයි. මියගිය සැමට නිවන් සුව පතමු! (නි)
ගේට්ටු දාන්න සල්ලි නැහැ. නැත්නම් නොදා ඉන්නේ නැහැනේ (නි)
අළුතින් බස් දැම්මට වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න බැරිනම් වැඩක් නැහැ. අනතුරට පත් වුන අයට නිවන් සුව පතනවා.. (නි)