ග්‍රහලෝකත් එක්ක සම්බන්ධකම් තියන බලවත් කෙනකුට පසුගියදා උඩරට පළාතෙ ලොකු පට්ටමක් හම්බ වුණා.
කවුරැවත් නොසිතූ ආකාරයට පදවි ලාභයක් ලැබූ මෙතුමිය පත්වීමෙන් දවස් ගණනකට පස්සෙ වැඩ භාර ගත්තා...
මෙතුමියගෙ නිල නිවාසෙයි කන්තෝරැවයි දෙකම තියෙන්නෙ එක තැන... ඉතින් අලුත් පට්ටම ලැබුණම එතුමිය දන්න ශාස්තරවල හැටියට හිටපු තැන තියන අසුබ දේ ඉවත් කරල සුබ දේවල් කිට්ටු කරගන්න තීන්දු කරලලු...
ඉතින් ඒ අනුව මුලින්ම වෙනස් කරන්න තීන්දු කළේ තමන්ගෙ විශාල මන්දිරයෙයි කන්තෝරැවෙයි තියන තිරරෙදි, බුමුතුරැණු, පස් වගේ දේවල්ලු...
මෙතෙක් කල් භාවිත කළ ඉතා හොඳ මට්ටමේ තිරරෙදි පලස් ආදිය වෙනුවට ලබාගන්න යන අලුත් ඒවයෙ මිල ගණන් දැන් ඇස්තමේන්තු කරගෙන යනව... ඒ ගැන අවසන් ගණනයක් තවම හමාර නැහැ... ඒත් කියන්නෙ ලක්ෂ ගණනක් කියලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd