(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා විසින් පරණ මිලටම ඉන්ධන ලබා දීමට නියෝග කර ඇති හෙයින් වැඩිවූ මිලට ඉන්ධන ලබාගත් අයට එම වැඩිපුර අයකරගත් මුදල ආපසු ලබා දීමට කටයුතු කරන්නේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) විමසීය.
ඊට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය මහතා එම කරුණ ඛනිජ තෙල් අමාත්‍යවරයාට යොමුකර පිළිතුරු ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතාට උපදෙස් දුන්නේය.
අනුර කුමාර දිසානායක මහතා මෙම කරුණ පාර්ලිමේන්තුවේදී මතු කළ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙකු සැඟවී ගෙන විවිධ දේ කියමින් දිසානායක මහතාගේ කතාවට උපහාසයෙන් යුතුව යම් යම් දේ කියන්නට විය.
කතානායක - එකවුද ඒ විදියට හැසිරෙන්නේ ?
අනුර කුමාර දිසානායක - ශරීරය වර්ධනය වුණාට කට මුකරි වුණාට මොළේ වර්ධනය නොවුණාම සිදු වන දේ මේ පාර්ලිමේන්තුවේ සිදු වෙනවා. එම නිසා අප එවා ඒ තරම් ගණන් ගන්නේ නැහැ.
සූප්පුවක් කටේ ගහලා කියන්න ඕන කරුණු මෙතන තියෙනවා. හරි ළාමක මෝරපු නැති ඔහේ කට වාචාලකමට දොඩවනව මහත්තයෙක්. ඔහේ දොඩවනවා. අපි ඒවා එච්චර ගණන් ගත යුතු නැහැ. තොටිල්ලේ දාගෙන නලවන්න ඕන බබෙක් එයා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අැයි ලංකාවට මෙහෙම වුනේ. හරි තීරණයක් එකපාර දෙන්න බැරි ආණ්ඩුවක් මේක. මෙහෙම දේවල් වලින් වෙන්නේ රටේ ඵලදායිතාවය අඩුවෙන එකයි. අද දවසම මේක විතරයි කතාකළේ..
මෙයා මේ " බයිලා රචනා ගයනා " කරනවා. බස් එකෙත් ඉතුරු සල්ලි ඇහැව්වාම නොදෙන එකේ මේ පින්වත් උදවිය වැඩිපුරගත්ත සල්ලි දෙයි... අනේ මේ රතු මල්ලි ඔහෙලා මේ මොනවා හරි කරන්න යනවා කියලා මහජනතාවට පෙන්නන්න යන බවත් ජනතාව දන්නවා.
රයිගමයයි, ගම්පලයයි රට ආණ්ඩු කරනවාද මන්දා මෙහෙම වෙන්න. ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙලක්.. කල්ලියකුයි රට ආණ්ඩු කරන්නේ !!!
ලංකාවේ තීන්දු, තීරණවල සාමුහික වගකීමක් නැතිබව ලෝකයට ඔප්පුවී හමාරයි.
මිල සූත්‍රය හදන්න අපහසු බව පේනවා. ඒ සූත්‍රය ප්‍රසිද්ධ කලානම් අපට සංශෝධනය කරන්න උදව් කරන්න තිබුණා.
මගේ රට ගැන දුකයි
ජනාධිපති තමන්ගේ ජනප්‍රියත්වයට හැමදේටම එපා කියන බවකුයි පේන්නේ. ආණ්ඩුවට එක ප්රතිපත්තියක වැඩ කරන්ඩ බැරි ඒකයි. මේ වෙනකොට ලෝක වෙළඳපල තෙල් මිල වැඩිවෙලා. මං ඉන්න රටේත් වෙනදාට වඩා මිල ගොඩක් ඉහළ ගිහින්. මිල සූත්‍රය හොඳයි. මෙහෙත් එහෙමයි. ජනාධිපති ගැලරියට වැඩ කිරීම නැවැත්විය යුතුයි
වැඩිපුර අයකළ මුදල් ආපසු ගෙවන්න. පස්වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ලබා ගත අය සොයන්නේ සිසිටිවී කැමරා පරික්ෂා කරලද? මෙහෙම මෝඩ ප්‍රශ්න අසනවනම් බලයට ආවොත් වැදගත් ඔයා වගේම වෙන්න පුලුවන්. ඉන්ධන ලබාගෙන රිසිට් පතක් ලබා එන්නේ කීයෙන් කී දෙනාද?
රජය විසින් තෙල් මිල අඩුවැඩි කල විහිලුව උපහාසයට ලක් කිරීමයි ජවිපෙ නායකයා කලේ. එය උපහාසත්මක ඉඟියක්.
අනේ මෙහෙමත් යහපාලනයක්.
අනුර ඔයා හිතන් ඉන්නේ ලෝක වෙළඳපලේ තෙල් මිල වැඩි වෙනකොට රුපියල වලින් තෙල් මිල බහිනවා කියලද? අනික වැඩිවෙන ලෝක තෙල් මිලෙන් ආණ්ඩුවට වෙන පාඩුව. අනික ආණ්ඩුවක් කොහොමද ආදයමක් නැතිව රටක් ගෙනියන්නේ. මම යහපාලක වහලෙක් නොමේ. ඒත් ආණ්ඩුවට පාලනය කරන්න බැරි තෙල් මිල වගේ දේවල් දේශපාලන වාසි සඳහා මාතෘකා කර ගැනීමෙන් ලංකාවේ ආණ්ඩුවලට වර්තමාන මිනිසුන්ගේ එදිනෙදා පරිභෝජය වෙනුවෙන් අනාගත පරම්පරාව උකස් කරනවා කියලා හිතෙන්නැද්ද තෙල්මිලේ වැඩිවීම තෙල් පරිභෝජනය කරන අය මත නොපැවරිමෙන්.
මම අද ඉන්දියන් ෂෙඩ් එකකට ගියා පෙට්‍රල් ගන්න.. ඒ වුනාට වැඩි කරපු ගාන අඩු කරලා නැහැ. එකම රටක් නීති දෙකක්... කාට කියන්නද ?
හොඳටම "පොට" වරද්දා ගත් රටක් දැන් රට .. හැටදෙලක්ෂයගේ කතිරේ බලේ හැටි.
ලෝක වෙළඳපළ තෙල් මිල වැඩිවන අවස්ථාවල තෙල් මිල එයට සාපේක්ෂකව වැඩි කරනවා වගේම අඩුවන විටෙක මිල අඩුකළ යුතුය. එවැන්නක් අපේ රටේ සිදුවන්නේ කලාතුරකින්. මේ ගැන අනුර සහෝදරයා නොදන්නවා නොවෙයි. කොහොම වුනත් රජය තෙල්වලින් සැහෙන මුදලක් ජනතාවගෙන් අය කර ගන්නවා. ඛනිජ තෙල් සංස්ථාව දූෂණ, වංචා බහුලව සිදුවන නිසා මෙම අවහිරය සිදුවන බව අප තේරුම් ගත යුතුය.
මෙයාලා කොහොමද 2015දී කිව්වේ...? තෙල් මිල රුපියල් 65කින් අඩුකරන්න පුළුවන් කිව්වා... එදා ලෝක තෙල් මිල බැරලය ඩොලර් 78යි වුනේ. අද කොහොමද මෙයාලගේ වැඩිකිරිල්ල. මේ අවුරුදු 3 න් 2ක්ම තෙල් මිල තිබුනේ බැරලය ඩොලර් 50 ට අඩුවෙන්.. අද මිනිස්සු මරාගෙන කන්න හදනවා. තෙල් මිල වැඩිකරලා මාස 2ක් ගියේ නැහැ නැවත වැඩිකරලා. මෙහෙම කොහොමද රටක් ගෙනියන්නේ? ජනාධිපති කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. මෙහෙම කොහොමද ව්‍යාපාරයක් කරගෙන යන්නේ? බස්හිමියෝ නැවත ගාස්තු වැඩිකරන්න හදාවි. තේ එකේ, බනිස් ගෙඩියේ ඉඳලා නැවත විසඳේවි. ඒවා ගැන කතානොකර රතු අලිපැටිය මාතෘකාව විහිළුවක් කරලා ඕනෙ අතකට කරකවන්න හදනවා.