දෙමළ ජනතා සංසදය පිළිබද ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස බල කරමින් උතුරු පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාට ලිපියක් යවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
දෙමල ජාතික සන්ධානයේ සිටිමින් එම සන්ධානයට එරෙහිව දෙමළ ජනතා සංසදය නමින් නව දේශපාලන පෙරමුණක් පිහිටුවා ගැනීම හේතුවෙන් මෙම මන්ත්‍රීන් මහ ඇමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට ද තීරණය කර තිබිණි.
නව පක්ෂයෙන් ඉවත් නොවුනහොත් විශ්වාස භංගයක් ගෙන එන බවට පළාත් මන්ත්‍රී විග්නේෂ්වරන් මහතාට බල කර තිබුණු අතර ඒ ගැන සාකච්ඡා කිරීමට මහ ඇමැතිවරයා ලබා දී තිබූ සාකච්ඡාව ද ඉරිදා (17) හදිසියේ අවලංගු කර තිබිණි.
බදාදා (20) උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන සියලු මන්ත්‍රීවරුන් කැඳවා තම ස්ථාවරය පැහැදිලි කරන ලෙස මන්ත්‍රීවරු මහ අමැතිට දැන්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද ඔබලාත් අපේ මිනිස්සු වගේමයි , එකට එකතු වෙලා වැඩක් කරගන්න බැරි තරමටම බේද බින්න වෙලා , හැබැයි ඉතින් උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියල කතාවකුත් අප ජන වහරේ එනවා. (ර)