අනාගත නායකයන් පෙරට පැමිණ රට ඉදිරියට ගෙන යෑමට කාලය එළැඹී ඇතැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (11) පැවැසීය.
රාජපක්ෂ මහතා එසේ කීවේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පැයක ප්‍රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමින් ලංකාදීප මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට එරෙහිව තරඟ කරන්නේ ද යනුවෙන් මාධ්‍යවේදියා විමසීය.
මහින්ද රාජපක්ෂ මහතාට යොමු කළ ප්‍රශ්නවලින් තෝරාගත් කොටසක් හා ඔහු එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු පහත වේ.
ප්‍රශ්නය - ඔබට නැවත රටේ නායකත්වය ලැබුණහොත් අලුතෙන් මොනවාද කරන්නේ ?
පිළිතුර - කවුරුන් මේ රට පාලනය කළත් රටේත්, වත්මන් හා අනාගත පරම්පරාවලත් යහපත වෙනුවෙන් නිවැරැදි දේ කළ යුතුයි.
ප්‍රශ්නය - මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කටයුතු කළොත් පක්ෂ අනුශාසක වශයෙන් ඔබ ඔහුට සහයෝගය දෙනවාද ?
පිළිතුර - පක්ෂය ඒ අවස්ථාවේදී ගන්නා තීරණය අනුව මගේ ස්ථාවරයද වෙනස් වෙනවා.
ප්‍රශ්නය - හම්බන්තොට කර්මාන්ත පුරයට ඔබ විරුද්ධ වීම සම්බන්ධයෙන් චීන තානාපතිවරයා අසතුට පළ කළා ද?
පිළිතුර - ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වී තිබෙනවා.
ප්‍රශ්නය - හම්බන්තොට ඉඩම් විකුණනවාට විරුද්ධ ඔබ සාම්පූර් හි ඉඩම් විදේශිකයන්ට විකුණුවා නේද ?
පිළිතුර - සාම්පූර් සහ නොරෙච්චෝලේ ව්‍යාපෘති ශ්‍රී ලංකාව ආණ්ඩුවට අයත් ව්‍යාපෘති. සාම්පූර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තිබුණේ ඉන්දියාවෙන්. අපි කිසිදු අවස්ථාවකට ඉඩම් විකුණුවේ නැහැ.
ප්‍රශ්නය - දේශපාලන වාසි සඳහා ස්වාමීන් වහන්සේලා යොදාගන්නා බවට චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් ඔබේ අදහස ?
පිළිතුර - රටේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම ආගමික නායකයන් ඉදිරියට පැමිණියා. එයත් දේශපාලනයත් අතර කිසිදු සම්බන්ධයක් නැහැ.
ප්‍රශ්නය - ඔබේ චීන සංචාරයේ අරමුණ කුමක් ද? ඔබ චීනයට දුන් පොරොන්දු මොනවාද ? චීනය ඔබෙන් මොනවාද ඉල්ලුවේ ?
පිළිතුර - චීනය සෑමවිටම අපේ මිත්‍රයෙක්. ඔවුන්ගේ සහයෝගය අපි අගය කරනවා. ජනතාව අවතැන් නොකරමින්, පරිසරයට හානි කරමින් මුල් ගිවිසුමට අනුව හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි මං ඉල්ලා සිටියා.
ප්‍රශ්නය - විල්පත්තුවේ වන සංහාරයක් වන බවට චෝදනා එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද ?
පිළිතුර - සංවර්ධනය හෝ යළි පදිංචි කිරීම පරිසරය විනාශ කිරීම කිසිසේත්ම නොකළ යුත්තක්.
ප්‍රශ්නය - ඔබේ සහෝදරයෙක් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසෙනවා. එය ඇත්තක් ද ?
පිළිතුර - ව්‍යවස්ථානුකූලව සුදුසුකම් සපුරන ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකියි.
ප්‍රශ්නය - පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට හේතු මොනවාදැයි හඳුනාගත්තා ද ?
පිළිතුර - ඔව්, හේතු රැසක් තිබෙනවා. අපි ඒ පිළිබඳ විශ්ලේෂණය කළා. අපි අනාගතයට සූදානම්.
ප්‍රශ්නය - ඔබ නැවත බලයට පැමිණීමට සූදානම් ද ? ඒ සඳහා පියවර ගන්නේ කවදාද ?
පිළිතුර - ජනතාව සූදානම් නම්, එය ඉතා ඉක්මනින් සිදුවේවි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ඡන්දෙ දුන්නේ අවුරුදු 5 කට නේද? (බ)
තාමත් රජ උෂ්ණේ නැතුව ජීවත්වෙන්න බැරුවා වගෙයි .අනේ ද කියන්න. තන්හාවක තරම .තාමත් ලැජ්ජාව ගිහිල්ල නැහැ. මොහුට මෙමත්‍රී කරමු. (බ)
අවුරුදු 10 ක් රට පාලනය කරපු හැටි අපි දැක්කනේ . ලිහලා බලපු මල්ලෙ තව මොනවාද ඔබලා බලන්න තියෙන්නෙ..? හිරේ නොගිහින් බේරෙන්නනේ මේ දඟලන්නේ.. තමුන්නාන්සේ රටට පිළිලයක් වෙලා හිටිය හින්දයි පැරැද්දුවේ. තවත් පව් දෙන්න එපා.. (බ)
රට භෞතික වශයෙන් සංවර්ධනය වුනෙත්, සමාජීය වශයෙන් මේ රට වැඩිපුරම විනාශ වුනෙත් ඔබතුමාගේ පාලන කාලයේදී බව පිළිගන්නවද? එම සමාජ පරිහානියේ ප්‍රතිපල වර්තමානයේ රටේ සියලුම ජනතාව එකසේ බුක්ති විඳිනවා. කළ සේවයට ස්තුතියි කරුණාකර ගෙදර යන්න (බ)
මොනවද මේ දොඩවන්නේ? “පරිසරයට හානි කරමින් හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි මං ඉල්ලා සිටියා.“, ‘‘සංවර්ධනය හෝ යළි පදිංචි කිරීම පරිසරය විනාශ කිරීම කිසිසේත්ම නොකළ යුත්තක්.“ ඒ කියන්නේ පරිසරයට හානි කරන්න කියලද? සංවර්ධනය හෝ යලි පදිංචි කිරීම නොකළ යුතුයි කියලද? පිස්සුද? (බ)
මෙතුමා හිතාගෙන ඇති මෙතුමා කියන බොරු ඔක්කොම පිළිගන්නවා කියල ඉහ මුදුනින්, අනික මෙතුමාට තිබුන නේද හම්බන්තොට වාරයේ සේවකයන්ට ස්ථිර කරන්න ඒ මිනිස්සුන්ට එ්ක තේරුනේ නැති වුනාට රටේ හැමෝම ඒවගේ කියල හිතන් ඉන්නේ ඔය එකක් විතරයි ... (බ)
මම නම් කියන්නේ ප්‍රභාකරන් වාගේ මනුස්සයෙක් ආයේ ඉපදෙන්න කියලා සිංහලයාට මුල මතක් කරලා දෙන්න (බ)
මම අනුමත කරනවා අලුත් නායකයකුට කාලය හරි කියලා , නමුත් මම අනුමත කරන්නේ නැහැ , කලක් බලයේ ඉඳලා සොරකම් වංචා කරපු නායකයෝ නැවත බලයට එන්න ඕනේ කියලා , (හේ)
මේවා අහලා..අපි අපිටම, ටොකු ඇනගමු.. ඡන්දය දෙන අය ගෙන දෙවරක් හිතමු.(හේ)
හරියට හරි.. සුළඟ ගහගෙන ගියා. නැඟිටිල්ලත් වැඩකලේ නැහැ. පාගමන හබක්. පොහොට්ටුවත් මැලවේගන යනවා. (හේ)
කවුරු නායකත්වයට ආවත් කම් නැහැ. රටේ සම්පත් හොරා කාපු , පුද්ගලයන් අතුරුදන් කරපු මේ සමාගමේ කෙනෙක් නැතිව ..(අ)
මාත් කියන්නේ ප්‍රබාකරන් ආයිත් ඉපදෙන්නම ඕන කට්ටියට මුල මැද අග හොදට තේරුම් යන්න මේ මනුස්සයා අඩුම ගානේ යුද්දේ ඉවරකරලයි මොනදේත් කළේ . දැන් ඉන්න කට්ටිය කරන හරි කරපු හරි දැනෙන්න දෙයක් තියෙනවද මිනිස්සුන්න්ට පටන් ගත්ත වෙලේ ඉදන් බොරුව විතරයි . (අ)
රාජපක්ෂලාගේ ඩුබායිහි එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක්ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 500 ක් ද තිබෙන බවත් එම මුදල් දැන් උදයංග වීරතුංග හරහා යුක්රේනයට ඇද තිබෙන බවත් අමාත්ය රාජිත සේනාරත්න මහතා ඊයේ රාත්‍රී හෙළි කෙළේය. අයිටීඑන් නාලිකාවේ පැවැති දේශපාලන වැඩ සටහනකට සහභාගී වෙමින් ඇමැති වරයා මේවා හෙලි කෙළේ ඇසින් දුටු සාක්කිකරුවෙකු ලෙසය. මෙම සොරකම් වලට සහ ඝාතන වලට දඬුවම් විඳීම කාලය පිළිබඳ ප්‍රශ්න පමණක් යැයි කී ඇමැතිවරයා තමන් දඬුවම් ලබන බව දන්නා රාජපක්ෂලා මුළු වැර යොදා ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ කරන බවද කීය.(අ)
බන්දුල.ඔබගේ අදහස 100% සත්‍යයි.දැන් තියෙන එකම විකල්පය ජවිපෙ පමණයි. (අ)
ඔව්, අලුත් නායකයන් නාමල් බේබි යෝෂිත බෙබිඑ වගේ. අපි කොන්ඩේ බැදලා නැහැ (අ)
කියනකම් හිටියේ . (අ)
ඇත්ත අලුත් නායකයෝ තමා එන්න ඕනත් එ්කනේ පරණ නායකයෝ ගෙදර යවල තියෙන්නේ ඒ එ් වුනාට මේවා අත අරින්න සුදානමක් පරණ ලොක්කන්ගේ නෑ නේද? (අ)
අපි දන්න විදියට නම් අලුත් නායකයෙකුට ඉන්නේ ජවිපෙ අනුර කුමාර දිසානායක තමා. එතුමා ගැන වෙන්නැති ඔය කියනවා ඇත්තේ. (අ)
ඔබතුමා හිතාගෙන ඉන්නේ අපි ඔබතුමාගේ කොල්ලෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් රටේ නායකයා කරයි කියලද?(හේ)
මොහුගෙන් ඕනම අහන ප්‍රශ්නෙකට ඕන බොරු උත්තරයක් දෙන්න පුළුවන් . නමුත් රටේ ජනතාවට කොහොමද මොහු බොරු කියන්නේ ? (බ)
ජේවීපී ඇතුළු අලුත් පක්ෂයක් දැන් ඕනේ (බ)
විදුලි පුටුව මතක් වෙන්නේ නැද්ද දැන්. අපේ අයට කොහොමත් මුල මතක නැහැනේ (නි)
අනේ මහින්ද මහත්තයෝ, අවංකවම රටට ආදරය කරන සැබෑ නායකයෙක් අපිට අායෙත් හොයාගන්න වෙන්නේ අඟහරු ලෝකෙන් තමයි. (නි)
ට්‍රම්ප් වගේ කෝටිපතියෙක් හොඳ නැද්ද? (නි)
කවුද දන්නෙ නැහැ අලුත් නායකයා? (නි)
කම්බා හොරු මංකොල්ලකාපු මහජන දේපල නැවත ගැනීමට නම් ජවිපෙ රජයක් ගැන සිතිය යුතුය (නි)
මේ එයාගේම කට්ටිය ප්‍රමෝට් කරන්න ගහන කයිය වගෙයි. (නි)
කවුරු ආවත් කමක් නැහැ ජනතාවට කරදරයක් නැතුව ජීවත්වෙන්න පරිසරයක් හදනවා නම් (නි)
අළුත් නායකයො කියන්නෙ මුලින්ම ජාතික ලැයිස්තුවෙන් ගෙනා කෙනෙක් වෙන්න ඇති මගෙ හිතේ. ඔවුන් කරපු හොරකම් යටි මගඩි තාම අල්ලන්න බැහැ. ඒ වගේ හොරුන්ට අපේ ඉඩක් නැහැ....!!! (නි)
ලංකාවේ එන්නේ පුදුමාකාර පාලකයෝ තමයි. ප්‍රභාකරන් කරපු දේ මදි. (නි)
මොකද කාව ගේන්නද කල්පනාව? (නි)
18 වැනි සංශෝධනය ගෙනාවේ අලුත් නායකයෝ ඉදිරියට ගෙනෙන්නනේ. නැතුව මැරෙනකම් ජනාධිපතිකම් කරන්න නොවෙයිනේ. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා තියෙනවා නේද? (නි)
1971 ඉඳලා මේ රටේ තරුණ කොල්ලෝ විනාශකරපු දැනට කිසිම දෙයකට සහයෝගයක් නැති ජවිපෙ ගැන නම් කතා කරන්නවත් එපා. සියයට පහේ ඡන්ද විතරක් ගන්නවා. බලය ලැබුනොත් මීට වඩා දරුණු ත්‍රස්තවාදයක් මතුවෙනවා. මේක හෙළ උරුමයට හොඳ අවස්ථාවක්. සැමට සුභ දවසක්. (නි)
බන්දුලගේ අදහස මමත් අනුමත කරමි. ජ.වි.පෙ.ට ජයවේවා! (නි)
ඔබතුමා ඉතාම නිවැරදිය. බහුතර ජනතාවගේ අපේක්ෂාවද එයමය. (නි)
දැන් කවුද එන්න ඉන්නේ? (නි)
දැන් දුක ඇති නේද හිතට? ඔහොම යමුකෝ (නි)
අලුත් නායකයෙක් මේ රටට ඕනෑවුණේ අදක නෙමෙයි, මීට අවුරුදු 40-50 කට කලින්. නමුත් අවාසනාවට එහෙම කව්රුවත් පහළවුණේ නැහැ. වත්මන් ජනපතිතුමා ගැනත් ජනතාව තැබූ විශ්වාසය බිඳිලා ගිහින්. මේ අසහනය මේ පීඩාව තුන්වන කැරැල්ලකට වස්තු බීජ සපයනවා (නි)
ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිනුණහොත් රටට වන සේවයට හොඳම නිදසුන සුනාමියෙන් විනාශ වුණ දකුණු දුම්රිය මාර්ගය මාස කීපයක් ඇතුළත සාදා නිම කිරීමයි (නි)
දැන් ආපසු බලයට එන්න දඟලන්න එපා. අාපසු නම් එන්නත් එපා. අපිට දැන් ඇතිවෙලා තියෙන්නේ (නි)
අනේ ඉමාලිකලා වගේ අන්ධයන් ඉන්න රටක්!
මීළඟට එන්න ඉන්නේ කවුද කියලා මම නම් දන්නවා (නි)
අපිට ආයෙත් නම් ආපස්සට යන්න ඕනෑ නැහැ (නි)
මේ ගමන තීරණයක් ගනිද්දී හොඳින් සිතාබලා තීරණය කරන්න (නි)
ඔන්න අපිට නම් ඕවට කරදර කරන්න එපා (නි)
මට මහළු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ. (නි)
කාලේ හරි කියල කිවුවේ අර සුමනෙද? (නි)
ඊළඟ නායකත්වයට සුදුසුම ජනතා විමුක්ති පෙරමුණේ අයෙක්. ඔහු කවුද කියා ප්‍රශ්නයක් නැත. ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ නායක මඩුල්ලකි. ඔවුන් දුෂණ වංචා වලින් තොර, බුද්ධිමත් රටට මිනිසුන්ට සබාවට ආදරය කරන නායකයින්ය. ලංකාව ඉදිරියට යන්න නම් ඔවුන්ට රට භාර දියයුතුමය. නැත්නම් රටේ තිබෙන සියලුම දේවල් මේ පක්ෂ දෙක විකුණනු නොඅනුමානය. (නි)
මේ ආණ්ඩුව ඉක්මනින්ම ගෙදර යැවිය යුතුයි. එදා බදු සහන එපා කියලා යුරෝපයට ආඩපාලි කියපු අය දැන් හෙළිවෙලා තියෙනවා. රට විකුණන ක්‍රමවේදයක් හැර වෙන මොනවා කරන්නද? (නි)
නැතුව නැතුව. මේ යනවිදිහට කවුරු බේරෙයිද කියල කියන්න පුළුවන් කාටද? (බ)
මොකටද මගේ කට, කොහෙද ඔය යහපත් කාර්යක්ෂම අලුත් නායකයෝ ඉන්නේ ඔක්කොම ඉන්නේ රටකන්න බලාගෙන ඉන්න හාල් පාරුවෝ විතරය්. එයාලව කෝවේ දාලා මකලවත් හරිගස්සන්න බෑ, කෝවත් එයාලගේ ශේප් එකට ඇද වෙනවා. (බ)
අලුත් කෙනෙකුට කාලේ හරි නම්, තවත් වද විඳින්නේ නැතුව, ගෙදරට වෙලා ඉන්නවද? (බ)
අතීතයේ මෙන් නොව වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සියලු දෙනාම තරුණ උගත් අයවළුන්ය .රටේ පාලනය 2020 පටන් ගන්න වසර පහ ඔහුන්ට දී බලමු .(ම)
අලුත් කොලේ පරණ ටොපිය (බ)
අනේ අපොයි මෙහෙමත් තණ්හාවක්! (නි)
ඔය කියන්නේ අර නසරානි ලොකු කොලුවා ගැන වෙන්ට ඇති. හීනෙන් තමයි. (බ)
ජවිපෙ තමයි දැන් එකම ගැළවුම්කරු. රටට ජයවේවා! (නි)
එ්ත් ඔබතුමා නම් එන්න එපා. (බ)
එ්ක ඇත්ත. නමුත් රාජපක්‍ෂ සිරිසේනලා අනුර කුමාරලා හෝ වික්‍රමසිංහල හෝ නොවන නායකයෙක් ඉක්මනින් ඕන (බ)
මේ වැදි බණ අහලා අපිට නම් ඇතිවෙලා. (නි)
රවින්ද්‍ර ලංකාවේද දන්නේ නැහැ හිටියේ ඒ වසර දහයේ? (නි)
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
කාරන්න පුළුවන් හැම දෙයක්ම කරලා කරලා පැරදිලා ගෙදර ගිහින් දවස් 3-4 කට පස්සේ අපි දැක්කේ පරණ පුටුවක ඉඳගෙන පත්තරයක් බලන ෆොටෝ එකක්.අද කතා කරන්නේ කොහොමද? (බ)
ඒ නිසයි අපි කියන්නේ දැන්වත් රටේ නිතිය ක්‍රියාත්මක කරන්න කියල.කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාපු කම්බා හොරුන්ට දැඩි දඩුවම් දෙන්න කියල. (බ)
වසර 5න් 5හට තට්ටු මාරු ක්‍රමයට දේශපාලකයන්ට රට කන්නට දුන් කාලය අවසන් කළ යුතුය. නව ජනතා නායකත්වයක් පක්ෂ දේශපාලනයෙන් තොරව ඉදිරිපත් විය යුතුය . ජනතාව සියලු දේශපාලකයන්ට (ජවිපෙද ඇතුළු ) එරෙහි විය යුතුය. මේ ආණ්ඩුව වසර 5හා යන්නට පෙර නියත පරාජය දැක වියරුවෙන් මෙන් රටේ සල්ලි මංකොල්ල කති. පසුගිය ආණ්ඩුව කිසිදා බලය අහිමි වනු ඇතය් නොසිතා හොරකම් කළා. ඉදිරියටත් මෙය සිදුවනු ඇත. ජනතාව මේ හොරුන්ට මුලා නොවීය යුතුය. (බ)
ඔය කියන්නේ නාමල් කොලුවා ගැන වෙන්න ඇති. අනේ ඔව් අපි මේ බලා ඉන්නේ දෙන්න. (බ)
අලුත් නායකයා ආවහම වාහන අවභාවිතය, කෝටි ගණන් මුදල් නස්ති කළ ප්‍රොජෙක්ට්, මාධ්‍යවේදීන්ත ඝාතන,හිරගෙදර සංහාරය, රතුපස්වල ඝාතන, තාජුදින් ඝාතනයට මොකක් වෙයිද මන්ද. මෙතුමා මේ කතා කරන්නේ ඒවා අලුත් නායකයා ලවා හරියට හොයල බලන්න වෙන්න ඇති. (බ)