ස්ත්‍රී දූෂකයන් සහ ලිංගික අපචාර සිදු කරන්නන් ඉතා පහසුවෙන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාදක වන (අවකල ඩී එන් ඒ ජාන නිස්සාරණය) ‘ඩිෆරන්ෂියල් ඩීඑන්ඒ එක්ස්ට්‍රෑක්ෂන්‘ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ජින්ටෙක් ආයතනය සමත් වූ බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ අණුක වෝහාරක අංශ ප්‍රධානී ආචාර්ය රුවන් ඉල්ලේපෙරුම මහතා පවසයි.
මෙය අපරාධකරුවන්ට ගැලවීයෑමට ඉඩ නොදී වින්දිතයන්ට නීතිය හමුවේ වාසිදායක වන ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන අති සාර්ථක ක්‍රමවේදයක් බව ද ඔහු කියයි.
වින්දිත කාන්තාවගේ ජෛව සෛල වලින් අපරාධකරුවන්ගේ ජෛව සෛල අති සාර්ථකව වෙන් කැර හඳුනා ගැනීමට මෙම තාක්ෂණ ක්‍රමවේදය ප්‍රබල පිටිවහලක් වන බවත් ආචාර්ය රුවන් ඉල්ලේපෙරුම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරන එක පොඩ්ඩක් හරි අඩුකරන ක්‍රමයක් නම් අපේ රටට ගැලපෙනවා, (අ)
මොනවා හරි කරලා ලංකාවේ අපරාද අඩු වෙනවා නම් කොච්චර දෙයක්ද නේද ? ආචාර්‍ය රුවන් ඉලේපෙරුම මහත්තයට ජය වේවා! (නදී)
තව ටිකක් ප්‍රමාද වෙලාම ඕක කරමු. ලෝකයේ ඕවා කළේ දැනට වසර තිහ හතළිහකට උඩදී.අපි දැන් කියනවා මේවා අති නවීන දේවල් කියලා. (නි)
අහිංසකයෙකුගේ ජානත් කලවම් කළ හැකියි නේද ඕනෑ නම්? (නි)
හොඳයි. බලමුකෝ ඉදිරියට (නි)
නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටකට නම් මේ පරීක්ෂණ හරි වටිනවා. ලංකාවේ සි සි ටි වී වල රෙකෝඩ් වූ දේවලුත් අපැහැදිලි වෙනකොට මේ පරීක්ෂණ වලින් හරි ප්‍රතිඵල ලැබේවි කියලා හිතන්න අමාරුයි. (නි)
මේක ඉතාම සාර්ථක ඉතාම නවීන ක්‍රමවේදයක් (නි)
ඉතාමත් අගය කළයුත්තක්.අහිංසක කාන්තාවන්ට මෙයින් සාධාරනයක් ඉටුවේවි. (නි)
කෝට් එක පැලදුවොත් ඔය ක්‍රමවේදය හරි යන්නේ නැහැ.(නදී)
නැත්නම් මුන් මේක නවත්තන්නේ නැහැ. (නදී)
මේ ක්‍රමයට සමාජ දූෂකයින් පගා කරයින්වත් අල්ලන්න පුළුවන් නම් (නදී)
ජාන පිරික්සුම් වාර්තාව අධිකරණය පිළිගන්න එකක් විය යුතුයි (නි)
වරදකරුවන් වෙන අයට ආපහු ඔය වැඩේ ජීවිතේටම නොකරන්නත් මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න බැරිද ජාන තාක්ශනයෙන්ම. (නදී)
වැරදි වැඩ කරලා ආපසු බොරු ලිංගික අතවර චෝදනා එල්ල කරලා නීතියට වැලි ගහන අය, කොටු කරන්න ජීව විද්‍යාත්මක පරීක්ෂණ අවශ්‍යයි (නදී)
අහන්නත් සතුටුයි. (නදී)
ඔය ක්‍රමවේදය හරිනොයන වැඩපිළිවෙළකුත් අපරාධකරුවන් ළඟ තිබෙනවානේ.....! (නි)
විද්‍යාඥතුමෝ බලාගෙන. ඔබතුමාගේ සොයාගැනීම මේ රටේ අපරාද කරුවන්ට මාරු පහරක් වන නිසා දේශපාලකයන්ගේ සහයෝගයෙන් ඔබ තුමාට ඉදිරියේදී කරදර වලට මුහුණ දීමට සිද්ද වේවි සමහර විට (නදී)