IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලුත් ඡන්ද ක්‍රමේ අනුමතයි?

නව මැතිවරණ ක්‍රමය සහිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අද (12) උදේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත වූ බව දේශපාලන ආරංචි කියයි.

එම කෙටුම්පතට අනුව පාර්ලිමේන්තුව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 237කි.

145 දෙනෙකු කොට්ඨාස ක්‍රමයට ද, 55 දෙනෙකු දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට ද, 27 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ද පත් කිරීමට නියමිතය.

මෙම කෙටුම්පතේ වෙනසක් කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුය.

පාර්ලමේන්තුවේ දැන් මන්ත්‍රී සංඛ්‍යාව 225කි.

 

 



අදහස් (0)

අලුත් ඡන්ද ක්‍රමේ අනුමතයි?

රුක්ෂාන් Friday, 12 June 2015 03:36 PM

ඉතින් හොරු ටික වැඩි වෙයි.(හේ)

:       0       0

ලියොන් Saturday, 13 June 2015 08:35 AM

රටේ ජනානුපාතය අනුව මන්ත්‍රී ආසන වැඩිකිරීම හොඳයි. නමුත් සුළු පක්ෂ වලට සාධාරණයක් ඉටුවෙන්න නම් ආසන 245ක් වත් තිබිය යුතුයි. (ස)

:       0       0

විදුර Friday, 12 June 2015 11:21 AM

මේක පාර්ලිමේන්තුවේදී වෙනස් වෙනවා. සෑම පක්ෂයකටම සාධාරණයක් ඉටුවෙන්න නම් මන්ත්‍රී සංඛ්‍යාව අඩුම තරමේ තව 25 කින්වත් වැඩිකළ යුතුය. (හේ)

:       0       0

ඉන්දික Friday, 12 June 2015 11:42 AM

ලෝකයේ විශාලම මහද්විප වලින් එකක් වන ඕස්ට්‍රලියාවේ මන්ත්‍රී ගන්න 150 එහි ඇති කුඩාම ප්‍රන්තයටත් වඩා කුඩා ශ්‍රී ලංකාවේ මන්ත්‍රී 237 .ශ්‍රී ලංකාවේ තියන ඔක්කොම දේශපාලන පක්ෂවලට මන්ත්‍රී කම් දෙන්නද මෙයාලට ඕන .මහජනතාවගේ මුදල් වලින් නේද මේ හැමෝම නඩත්තු කරන්න්න ඕන .දේශපාලන පක්ෂද සන්තෝෂ කරන්න ඕනැ රටේ ජිවත්වන මිනිසුන්ද ජිවත් කරන්න ඕනැ . විගඩන් මිනිස්සු දෙශපාලකයන් ඉන්න රටක් මේක .(හේ)

:       0       0

යොහාන් Friday, 12 June 2015 11:43 AM

ඉතා කාලෝචිත යෝජනාවකි . ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන , සීමා නිර්ණය අවසන් කර මෙම නව ක්‍රමය යටතේම මැතිවරණය පවත්වමු . පටු අවස්ථාවාදී හේතු මත මෙයින් පැනයාමට දේශපාලන පක්ෂවලට ඉඩ නොදෙමු . (හේ)

:       0       0

අකිල Friday, 12 June 2015 11:43 AM

ඉතා කාලෝචිත යෝජනාවකි .‍(හේ)

:       0       0

සත්‍යයා Saturday, 13 June 2015 01:05 PM

මැතිවරණ ක්‍රමය සංශෝධනය කළා කියල මැති සබයට දේවතාවුන් වඩින්නේ නැහැ. මෑතකදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පින්තුර දෙකකින් පමණක් වුවත් මේ අනාවැකිය කියන්න පුළුවන්. එකක කුඩු රජෙකුට ආසන සංවිධායක තනතුරකින් පිදීමත්, අනෙකේ මහදවල් මිනී මරපු මිනිහෙකුත් පෙරහැරකින් රාජ්‍යනායකයා සමග සිනාමුසු මුහුණින් ගමන් කරන අයුරු. මිනිස් නොමිනිස් කම තෝරා බේරා ගන්න බැරි මිනිස්සු මැති සබය ට තියා රටට වත් අවශ්‍ය වන්නේ නැහැ. (බ)

:       0       0

රොහාන් Friday, 12 June 2015 01:06 PM

තව ඉදිරියදී 337 වේවිද ?(හේ)

:       0       0

රොහාන් Friday, 12 June 2015 01:08 PM

අද මෙහෙම නම් හෙට කොහොම වෙයිද?(හේ)

:       0       0

රොහාන් Friday, 12 June 2015 01:10 PM

අද මෙහෙව් හෙට .(හේ)

:       0       0

ගයාන් සෙනෙවිරත්න Saturday, 13 June 2015 03:47 AM

මැතිවරණ කොට්ඨාස ක්‍රමයනම් හොඳයි එ්ත් මන්ත්‍රී සංඛ්‍යාව නම් වැඩි (බ)

:       0       0

සේන Saturday, 13 June 2015 05:22 AM

මහජන මුදල් වලින් යැපෙන්න තවත් කට්ටියක් එනවා කියන පණිවිඩය හැරුණුවිට මේ එන මන්ත්‍රීවරු මහජනතාවට වගවෙන්නේ කොහොමද කියලා කිසිම පැහැදිලිකිරීමක් නැති එක විශාල අඩුවක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site