නව මැතිවරණ ක්‍රමය සහිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අද (12) උදේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත වූ බව දේශපාලන ආරංචි කියයි.
එම කෙටුම්පතට අනුව පාර්ලිමේන්තුව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 237කි.
145 දෙනෙකු කොට්ඨාස ක්‍රමයට ද, 55 දෙනෙකු දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට ද, 27 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ද පත් කිරීමට නියමිතය.
මෙම කෙටුම්පතේ වෙනසක් කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුය.
පාර්ලමේන්තුවේ දැන් මන්ත්‍රී සංඛ්‍යාව 225කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හොරු ටික වැඩි වෙයි.(හේ)
රටේ ජනානුපාතය අනුව මන්ත්‍රී ආසන වැඩිකිරීම හොඳයි. නමුත් සුළු පක්ෂ වලට සාධාරණයක් ඉටුවෙන්න නම් ආසන 245ක් වත් තිබිය යුතුයි. (ස)
මේක පාර්ලිමේන්තුවේදී වෙනස් වෙනවා. සෑම පක්ෂයකටම සාධාරණයක් ඉටුවෙන්න නම් මන්ත්‍රී සංඛ්‍යාව අඩුම තරමේ තව 25 කින්වත් වැඩිකළ යුතුය. (හේ)
ලෝකයේ විශාලම මහද්විප වලින් එකක් වන ඕස්ට්‍රලියාවේ මන්ත්‍රී ගන්න 150 එහි ඇති කුඩාම ප්‍රන්තයටත් වඩා කුඩා ශ්‍රී ලංකාවේ මන්ත්‍රී 237 .ශ්‍රී ලංකාවේ තියන ඔක්කොම දේශපාලන පක්ෂවලට මන්ත්‍රී කම් දෙන්නද මෙයාලට ඕන .මහජනතාවගේ මුදල් වලින් නේද මේ හැමෝම නඩත්තු කරන්න්න ඕන .දේශපාලන පක්ෂද සන්තෝෂ කරන්න ඕනැ රටේ ජිවත්වන මිනිසුන්ද ජිවත් කරන්න ඕනැ . විගඩන් මිනිස්සු දෙශපාලකයන් ඉන්න රටක් මේක .(හේ)
ඉතා කාලෝචිත යෝජනාවකි . ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන , සීමා නිර්ණය අවසන් කර මෙම නව ක්‍රමය යටතේම මැතිවරණය පවත්වමු . පටු අවස්ථාවාදී හේතු මත මෙයින් පැනයාමට දේශපාලන පක්ෂවලට ඉඩ නොදෙමු . (හේ)
ඉතා කාලෝචිත යෝජනාවකි .(හේ)
මැතිවරණ ක්‍රමය සංශෝධනය කළා කියල මැති සබයට දේවතාවුන් වඩින්නේ නැහැ. මෑතකදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පින්තුර දෙකකින් පමණක් වුවත් මේ අනාවැකිය කියන්න පුළුවන්. එකක කුඩු රජෙකුට ආසන සංවිධායක තනතුරකින් පිදීමත්, අනෙකේ මහදවල් මිනී මරපු මිනිහෙකුත් පෙරහැරකින් රාජ්‍යනායකයා සමග සිනාමුසු මුහුණින් ගමන් කරන අයුරු. මිනිස් නොමිනිස් කම තෝරා බේරා ගන්න බැරි මිනිස්සු මැති සබය ට තියා රටට වත් අවශ්‍ය වන්නේ නැහැ. (බ)
තව ඉදිරියදී 337 වේවිද ?(හේ)
අද මෙහෙම නම් හෙට කොහොම වෙයිද?(හේ)
අද මෙහෙව් හෙට .(හේ)
මැතිවරණ කොට්ඨාස ක්‍රමයනම් හොඳයි එ්ත් මන්ත්‍රී සංඛ්‍යාව නම් වැඩි (බ)
මහජන මුදල් වලින් යැපෙන්න තවත් කට්ටියක් එනවා කියන පණිවිඩය හැරුණුවිට මේ එන මන්ත්‍රීවරු මහජනතාවට වගවෙන්නේ කොහොමද කියලා කිසිම පැහැදිලිකිරීමක් නැති එක විශාල අඩුවක්. (ස)