ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නවතම එයාර් බස් ඒ 330 -300 වර්ගයේ ගුවන් යානාව ප්‍රංශයේ ටුලුස් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද පැමිණියේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ගුවන් යානා බල ඇණිය ශක්තිමත් කිරීමට පුලුල් බඳ සහිත මෙම වර්ගයේ ගුවන් යානා 7 ක් මෙරටට ගෙන ඒමට නියමිත අතර ඉන් පළමුවැන්න මෙය වෙයි.
මෙම ගුවන් යානය දිවයිනට පැමිණි මොහොත ඉතා විචිත්‍ර විය. කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා යාත්‍රාංගනය වඩා උඩු ගුවනේ වට දෙකක් කැරකුනු යානය එහි ගොඩ බසින අවස්ථාවේ වතුර බවුසර් දෙකක් දෙපසින් සිට දේදුන්නක් අයුරින් ජල දහරා විද යානය නහවා සම්ප්‍රදායික ලෙස පිළිගනු ලැබීය.
අනතුරුව ගුවන් යාත්‍රාංගනය තුළට යානය ගෙන එනු ලැබීමෙන් අනතුැරුව මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද ශ්‍රී ලංකා ජාතික ධජය බාර දෙනු ලැබීය.
මෙම සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ප්‍රධාන විදායක නිදධාරී කපිල චන්ද්‍රෙස්න, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය යන මහත්වරුන් ඇතුලු උසස් නිලධාරීන්ද, මහා සංඝ රත්නය ඇතුලු සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික නායකයෝද එක් වුහ.
ද්විත්ව රෝල්ස් රොයිස් ට්රේන්ට් 700 එන්ජිමකින් පන ගැන්වෙන ඒ 330-300 ගුවන් යානා ඉන්දන කාරයක්ෂමතාවයෙන් හා ගුවන් මගීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුළුල් බඳ සහිත ගුවන් යානයකි.
මෙහි මැදිරි ඉතා උසස් තත්වයෙන් සුවපහසු ලෙස නිමවා ඇත. ගුවන් මගීන් 297 සඳහා ව්‍යාපාර පන්තියේ ආසන 28 ක් ද, පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් වන ලෙසින් මෙය නිමවා ඇත.
මෙම ගුවන් යානාව තුළ අති නවීන ‘තැලස් ඇවන්ට්‘ නම් ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හඳුන්වා දී ඇති අතර ගුවන් මැදිරිවල සුව පහසු ආසන පහසුකම් ඇත.
ලබන දෙසැම්බර් මාසයේ සිට මෙම ගුවන් යානාව ඈත පෙරදිග ගමනාන්ත වන ටෝකියෝ සහ චීනයේ ගුවන්ෂෝ වෙත සතියකට ගුවන් ගමන් 4 ක් සඳහා යොදා ගැනේ.
දීපා අධිකාරී
රොමේෂ් ධනුෂ්ක සිල්වා






















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් ටිකට් පත් මිලත් අඩු වෙනවානම් හොදයි ශ්‍රි ලංකන් ගුවන් සමාගමට ජයවේවා,..(අ)
ගුවන් මගින් පැය ගණන් රස්තියාදු නොකර , සුදුසු කමට සේවකයන් රැගෙන , අවංක සේවයක් ( ගසා නොකන ) කළහොත් මේවායේ ණය හෝ වාරික ගෙවීම් කල හැක , නැතිනම් , ඕවයේ බරත් අහිංසක මහජනතාව පිට තමා (අ),
මම නිතරම යන කෙනක් සුබ පතනවා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ,(අ)
අලුත් ප්ලේන් එකතු වෙන එකට හරිම සන්තෝෂයි , හැබැයි කෝටි ගනන් දිගටම පාඩු වෙන එක තමයි වරද....(අ)
පිලි අරගෙන තියන විදිහේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ, දැනට තියන පාඩුවට මේවත් ගත්තම. අනේ මන්දා?. මොන කියන්නද?.(අ)
උඩ යන කට්ටියට වඩා බිම යන කට්ටිය වැඩි නරකද ලංගම බස් වැඩිකර නම් දැම්මොත් කටත් හොදයි. (අ)
මස්කට් හා කොලඹ ගමනටත් අලුත් ගුවන් යානයක් දෙන්න,දැනට තියෙන ඒවා ගොඩක් පැරණි...(අ)
අපේ ගුවන් සේවාව අතේ පාඩුවට නේද දුවන්නෙ.එහෙව් එකේ තව තවත් ගුවන් බස් ගෙන්වන්නෙ ලෝකෙට ණය වෙලාද. එහෙමනම් ඉතිං ජීවිතේ කිසිම දවසක ගුවන් යානයක යන්න නොළැබෙන අයට පවා ලෝකෙට ණය කාරයො වෙනව.ජාතික ගුවන් සේවය වුණත් මේව ව්‍යාපාරික මට්ටමින් කරන්න ඕන.එතකොට රටට බරක් නෑ.පෞද්ගලික ආයතන ඔය අගේට කරගෙන යන්නෙ.ඒ සදහා නිසි දැනුම ඇති අයට වගකීම පවරන්න ඕන.ආයතනය කෙසේ වෙතත් පිංතූර ටිකනම් සුන්දරයි. (අ‘)
කොමිස් ගහල නැතිනම් සතුටු වෙන්න ඕන කාරණයක් නමුත් මේ රජයේ සීයට අනු අටකට වැඩිය ඉන්නේ හොරු (අ)
මෙතෙක් කල් අපේ රටේ භාවිතා කරේ ඇමරිකාවේ බෝයින් ගුවන් සමාගමට අයිති ගුවන් යානා, ජාතික ගුවන් සේවයට ප්‍රංශ සමාගමට අයත් එයාර් බස් ගුවන් යානා ලබාගෙන ඇත්තේ ප්‍රථම වතාවට විය යුතුයි,(අ)
අලුතින් ගුවන් යානා එකතු වීම ගැන සතුටුයි. හැබැයි ඒ වගෙම මොලයක් ඇති, ඉන්ඩස්ට්‍රි එක ගැන දැනුමක් ඇති, කාබාසිනියා නොකරන උගත් පාලකයන් පත් වීම ඉදිරි ගමනට අත්‍යවශයයි. (නදී)
හොඳයි. සතුටුයි. (අ)
කෝ කවුරුවත් නැද්ද මේ වැඩේට ආණ්ඩුවට බණින්න. (අ)
ඔසරිය අඳින්නේ හොඳට බඩ බේරලා පහතින්ද? එතකොටද ලස්සන? (අ)
සුභ පතමි හදවතින්. (අ)
සතුටුයි! (අ)
මේකේ මිල අපිට දැනගන්න තියෙනවනම් හොදඊ.හුඟක් ගණන් ඇති. (අ)
එමිරේට්ස් වලින් ඉවත් වුණ දවසේ සිට අපි යන්නේ වැරදි පැත්තට තමයි. පෙර සහ පසු ලාබ පාඩු බැලුවොත් කොයිපත්තට යනවද කියල පෙනේවි.(හේ)
අනික් රටවල් දිහා බැලුවාම ගුවන් යානාවක් අලුතින් ගත්තාම මේ වගේ විකාර කරන්නේ ලංකාවේ අනික් රටවල මේ විකාර කරන්නේ නැහැ (අ)
අනේ ෂෙරිෆ් මහත්තයූ දන්නේ නැති දේවල් කියන්න එපා ශ්‍රී ලන්කන් එකේ එකම එක බෝඉන්ග් එකක්වත් නෑ ඔක්කොම එයාර් බස් (අ)
ෂෙරිෆ් එයාර් බස් ශ්‍රී ලන්කන් එකේ තියන්නේ අවුරුදු 15-20 ක කාලයක ඉඳල . ගුණපාල මහත්තය නොදන්නාදේ කතා නොකර හිටියොත් තමා හොදා . (අ)
ලෝකේ වෙනත් ගුවන් යානා සේවිකාවෝ තමන්ගේ මවු භාසාවෙන් මගියෙක් කතා කරනවිට සතුටෙන් උනන්දුවෙන් සිනමුසුවෙන් ප්‍රතිචාර දක්වනවා.එ්කටත් එක්ක අපේ හුගදෙන්ක් ඇහුනේ නෑ,සිංහල තේරුනේ නෑ වගේ යන්නේ අපරාදේ කියන්න පිරිමි ටික එහෙම නෑ.මේකට හේතුව දන්නා කෙනෙක් ඉන්නවද? (අ)
ගුණපාල, අළුතින් ගත් දෙයකට පලමු දින පුද සත්කාර කිරීම අපේ සංස්කෘතියේ අංගයක්. අනිත් රටවල් කරනවද නැද්ද කියන එක අපට අදාල නැහැ.(අ)
ඔසරිය නම් ගූඩ් බඩගෙඩිය නම් නොට් ගූඩ්. (අ)
අලුත් ගුවන්යානා එකතු කර ගැනීම සතුටුයි(හේ)
අලුත් ගුවන්යානා එකතු කර ගැනීම සතුටුයි,ඒ වගේම ඉදිරියේදී ගුණාත්මක ,කාර්යක්ෂම හා නිසි කළමනාකරණයකින් මෙම සේවය පවත්වාගන යාමට සියලු දෙනා කැපවුනොත් රටට බරක් නැති සිතට සතුට ඇති ආයතනයකට සැමගේ ප්‍රසංසාව හිමිවනු ඇති (හේ)
අලුත් ගුවන් යානයට ලස්සන තරුණ ගුවන් සේවිකාවන් බදවගත්තොත් තමා හොඳ. ඔය ෆොටෝ වල ඉන්න අයනම් හැට පැනපු අය වගේ. බඩ ගෙඩිය පෙන්නගෙන හිටියට මොකද අලුත් පෙනුමක් නම් නෑ. අපේ රටේ මීට වඩා ලස්සන ගෑනු ළමයි නැත්ද. (අ)
මේ වගේ දේවල් වලට නිකරුනේ කරන වියදම් වගේම මේ හැම වියදමක්ම එකතුවෙනවා පාඩු වලට.මේ තිබෙන එයාර් බස් අවුරුදු 15-20 තිබුනත් වැඩක් නැහැ,ගුවන් සමාගම පාඩු විඳිනවා නම්.නිහාල් කියන විදියට ලොව එකම ගුවන් සමාගම ලංකාවේ රටේ භාෂාවෙන් ගමන පටන්ගත් තැන සිට අවසානය දක්වා තමන්ගේ මවුබසින් කිසිම දෙයක් නොකියන එක ගැන කණගාටු වෙන්න ඕනෑ (නි)
සුබ පැතුම්! (නි)
හරිම සතුටුයි. තව තවත් අපේ ගුවන් සේවාව දියුණුවෙන් දියුණුවට පත්වේවා! ශාන්ත කුමරන, ඔබ හරි. මමත් කියන්නේ ගුවන් සේවයේ යෙදී සිටින නිලධාරි / නිලධාරිනියන් ලස්සන පෙනුමෙන්, කාර්යක්ෂම හා සිනහමුසු මුහුණින් ගුවන් මගීන් පිළිගන්න අය විය යුතුයි. (නි)
මට ලස්සන වැඩක් නැහැ.කාරුණික සේවයක් තමයි අවශ්‍ය. (නි)
මත්තල ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලයේ ඉංග්‍රීසි දැනුම නම් දියුණු විය යුතුයි. . සමහරවිට ඒ අවට ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සුදුසු කම ලෙස සලකා බඳවා ගත් තරුණ තරුණියන් වෙන්න ඇති. කටුනායක වගේ ජාත්‍යන්තර තත්වයකට ගෙන්න අවශ්‍ය නම් කාර්ය මණ්ඩලයේ වෘත්තීය කුසලතා තව දියුණු විය යුතුයි.(හේ)
අපිට ඉස්සර බෝයින් තිබුනේ 747 වර්ගයේ 2යි 737 වර්ගයේ 6ක්. ඒවා වෙනුවට තමයි දකුණු ආසියාවේ පලවෙනි එයාර්බස් යානා අපේ රටට ගෙනාවේ. එදා ඉඳලා අපේ ගුවන් යානා එයාර්බස්. දැන් අපිට බෝයින් වලට යන්න බෑ බෝයින් නඩත්තු කරන්න අපේ කටුනායක ඒවාට අවශ්‍ය පහසුකම් නැති නිසා. බෝයින් වලට වෙනම නඩත්තු කාර්යාංශයක් වෙනම හැන්ගර් ආම්පන්න ඕනේ වෙනවා.(හේ)
සනට කුමාර,ඔබගේ කතාවට කණගාටු වෙමි. මෙම ගුවන් සේවිකාවන් මඟීන්ට අතිවිශිෂ්ට සේවාවක් දෙන බව මම සහතික කරමි. (නි)
ඇත්තටම සතුටුයි.(හේ)
ඉන්න අපේ හොඳ කෙල්ලෝ වෙන රටවලට යනවා. බලන්නකෝ ජපානයේ අයගේ සහ අපේ අයගේ වෙනස.ඕවා හින්දා තමයි ජපානය දියුණු වෙන්නේ. අපි පල්ලම් බහින්නේ. (නි)
ගොඩක් අය කතා කරන්නේ මේ අංශය ගැන නොදැනුවත්ව. සරලව කියනවා නම් අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තිබෙන පැරණි ගුවන් යානා වන ඒ340 ගොඩක් තෙල් නාස්තිය වැඩි නිසා හා ගොඩක් පැරණි නිසා ඒවා වෙනුවට තමයි මේ අලුත්ම තෙල් වැඩිය පාවිච්චි වෙන්නේ නැති ගුවන් යානා මිලදී ගන්නේ. 2016 වෙනකොට ඒ350 ගුවන් යානාත් අපේ සේවයට එකතු වෙනවා. සන්තෝෂ වෙන්න ගරහන්න එපා. (නි)
මමත් පිලිගන්නවා මත්තල කාර්ය මණ්ඩලයේ උදවිය තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ කුසලතාවන් තව දියුණු කරගන්න ඕන. (හේ)
මේ ගුවන් යානා ගෙන්වපු මුදලත් අපෙන්ම තමයි.(හේ)
ෂෙරිල්ට වැරදිලා. බොයින් භාවිතා කරන්න ඇති එයාර් ලංකා තියෙනකොට. හැබැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නම් මම දැනුවත්ව තියෙන්නෙම එයාර්බස් කියන වර්ගය.ගුණපාල මහත්තයා ළිඳේ ඉන්න ගෙම්බෙක් වගේ කතා කරන්න එපා. ලෝකේ ඕනෑම ගුවන් සේවයක් අලුත් ගුවන්යානා මිලදී ගන්නකොට ඒක සමරනවා. (නි)
අපි හඳට යන දවසට මොනවා කරයිද දන්නේ නැහැ. අම්මෝ! බයත් හිතෙනවා. (නි)
මෙතන උදවිය නම් හොඳයි. වෙනත් තැනක ගුවන්තොටුපළ සේවිකාවන්ගේ ඡායාරූපයක් දැක්කා. හරියට ඔලුව පීරලාවත් නෙමෙයි අමුත්තන් පිළිගන්න දුවගෙන ඇවිල්ලා හිටියේ. මේවා කියනකොට වැරදි සොයනවා කියලා හිතාවි. නමුත් මේ වගේ වෘත්තියකට අදාළ සේවිකාවන් පිළිවෙලට සැරසීම අනිවාර්යයයි නේද? (නි)
අනේ! මටත් එතන ඉන්න තිබුණා නම් කියලා හිතුනා (නි)
තව තවත් දියුණුවෙන් දියුණුවට පැමිණේවා!.(හේ)
ජාතික ගුවන් සේවයට ප්‍රංශ සමාගමට අයත් එයාර් බස් ගුවන් යානා ලබාගෙන ඇත්තේ ප්‍රථම වතාවට වියයුතුයි. (නි)
හරිම චමත්කාරජනකයි! (නි)
සුබ පැතුම්! (නි)
අලුත් ගුවන් යානා ගත්තට කමක් නැහැ. සේවයේ ගුණාත්මකභාවයත් ඉහළ නංවන්න ඕනෑ. සුදුසු සේවකයන් බඳවා ගන්න ඕනෑ. (නි)
මේක ගන්න මෙච්චර ප්‍රමාද කරන්න ඇත්තේ මොකද දන්නෙ නැහැ. මොනවා වුණත් අපි ආයෙත් දිනනවා. ජයවේවා!!! (නි)
ශාන්ත, වෙනත් තැනකට අදාළව මේ උදවියගේ ඡායාරූප අපි පසුගිය දවස් වල දැක්කනේ! වෘත්තීය පෙනුම ගැන කිසිම සැළකිල්ලක් නැතිබවයි පෙනුනේ. (නි)
නිහාල් විතානගේ මහත්මයා, ඔය අතරේ හොඳ අයත් සිටිනවා. (නි)
නිතරම පාඩු ලබන ආයතනයක් කිය කියා ඉන්නවට වඩා පාඩුව නැති කර ගන්න වග බලා ගන්න එක ශ්‍රී ලංකා ගුවන් සේවක නිලධාරීන්ගේ වගකීමක්. (හේ)
අලුත් ගුවන් යානා පිළිගන්නෙත්, පරණ ඒවාට සමුදෙන්නෙත් මේ විදියට වතුර මල් විදීම තුළින් වීම බොහෝ රටවල කරන දෙයක්. එකම ප්‍රශ්නය මෙම ආයතනය ලාබ ලබන විදියට පවත්වාගෙන යන්න අවශ්‍යවීමයි. එමිරේට්ස් වලින් ඉවත්වුණ දවසේ සිට අපි යන්නේ වැරදි පැත්තට බවයි මගේ නම් අදහස වෙන්නේ (නි)
මෙහි වටිනාකම රුපියල් කෝටි 3242 ක් පමණ වෙනවා, මම හිතන හැටියට (නි)
හරිම සුන්දර මොහොතක්! (නි)
කෙසේවෙතත් මත්තල නංගිලාට වැඩිය කටුනායක නංගිලා පෙනුමයි. (නි)
මේකෙන් දැනට සිද්දවෙන පාඩුව වලක්වන්න පුළුවන්ද?(හේ)
වතුර නෙවෙයි දුම් ගැහැව්වත් ඕකෙන් සිද්ධවෙන පාඩුව වලක්වන්න බැහැ. (හේ)
පරක්කු වෙලා හරි කරපු වැඩේ හොදයි.(හේ)
හැමදාම පාඩු ලබන ගුවන් සේවයකට මොකටද තවත් අලුත් ගුවන් යානා.(හේ)
මේ ගුවන් සේවිකාවන් බොහොම පිළිවෙළට ප්‍රසන්නව පෙනී සිටිනවා. ඒකට පසුගිය කාලෙක පළවූ ඡායාරූපයක මම දුටුවා වෙනත් ගුවන් තොටුපළක සේවිකාවන්. අමුත්තන් පිළිගන්න ඇවිල්ලා තිබුනේ කොණ්ඩයවත් හරියට පීරාගෙන නෙමෙයි. ඔසරිය පිම්බිලා. වැරදි කියනවා නෙමෙයි. නමුත් මේවායින් පෙනෙන්නේ අදාළ වෘත්තීය ගැන ඔවුන්ගේ නොසැළකිළිමත්කම. (නි)