අලූත උපන් දරුවකු වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පියාට ද හිමිවන අයුරින් නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පැවසුවාය.
දැනට අලූත උපන් දරුවෙකු වෙනුවෙන් මවට මාස 4ක්, 6ක් හෝ වසරක් නිවාඩු ලබාගත හැකි වුවත් පියෙකුට ලැබෙන්නේ දින තුනක් බව කී සභාපතිනිය දරුවා වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් අනුව පියෙකුට එම නිවාඩුව ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළාය.
දරුවකු වෙනුවෙන් වඩාත් කැප විය යුත්තේ මවය යන සංකල්පය වෙනස් කර පියාද දරුවා වෙනුවෙන් කැපවිය යුතුය යන සංකල්පය සමාජගත කිරීම, දරුවා හා පියා අතර සම්බන්ධය ශක්තිමත් කිරීම යන අරමුණු ඇතිව මෙම පියවර ගන්නා බව ද ඇය පැවසුවාය.
එමෙන්ම පසුගිය වසරේ දී ළමා අපචාර ඇතුළු දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයන් පිළිබද පැමිණිලි 10,732ක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇතැයි කී සභාපතිනිය එයින් 2784 කට අදාළව පියවර ගෙන අවසන් කර ඇතැයි ද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාට සති 2 ක නිවාඩුවක් දීම වරදක් නැහැ. නමුත් දරුවෙක් ලැබීම හදිසියේ දැනගන්නා දෙයක් නොවන නිසා කවුරුත් නිවාඩු ඉතුරු කරගෙන මේ වෙලාවේ ගන්නවා. පිට රටවල වැඩිපුර ඉන්නේ පරම්පරාවේ නෑයන් නැති තනි පවුල්. උදවුවට කවුරුත් නැහැ. මිතුරන්, අසල් වැසියන් හැමෝම කාර්යබහුලයි.ඒනිසා පියාට නිවාඩු අවශ්‍යමයි. ඒ වගේම ලංකාවේ තරම් නිවාඩු දින රාශියක් කැලැන්ඩරයේ නැහැ. (බ)
මාස 3 ක් පිය හිටියොත් අම්මට හැමදාමත් නිවාඩු ගන්න වේවි (බ)
ගොඩක් හොඳයි (නි)
ඒක නම් හොඳ වැඩක්. (නි)
අඩුමගානේ මාසයක් පියාට නිවාඩු දෙන්න ඕනෑ (නි)
ඇත්තටම හොඳ යෝජනාවක්, දරුවන් වෙනුවෙන් (නි)
බොහෝ බටහිර රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා (නි)
නියම වැඩේ! ඒ කියන්නේ අනෙක් නිවාඩුත් එක්ක බැලුවහම 365 දවසම නිවාඩු ආණ්ඩුවේ අයට (නි)
ආණ්ඩුවේ ගොඩක් අය වැඩි හරියක් ගෙදර තමා ඉන්නේ (නි)
සමාජ රක්ෂණ වැඩසටහන් යටතේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 තුළත් ස්කැන්ඩිනේවියානු රටවල් වලත් ඉතා ආකර්ශනීය ප්‍රසුති නිවාඩු සහ මුදල් පහසුකම් ලබාදෙනු පිණිස නීති සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවේ මව්වරුන් සඳහාද මුල්‍යමය ආරක්ෂණ ක්‍රමයක් ඇති කළහැකි නම් අසරණ අහිංසක මව්වරුන්ට සහ දරුවන්ටද ලැබෙන යහපත අමිලය (නි)