අලූත උපන් දරුවකු වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවලදී නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පියාට ද හිමිවන අයුරින් නීතිමය ප්‍රතිපාදන ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර මහත්මිය පැවසුවාය.
දැනට අලූත උපන් දරුවෙකු වෙනුවෙන් මවට මාස 4ක්, 6ක් හෝ වසරක් නිවාඩු ලබාගත හැකි වුවත් පියෙකුට ලැබෙන්නේ දින තුනක් බව කී සභාපතිනිය දරුවා වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් අනුව පියෙකුට එම නිවාඩුව ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළාය.
දරුවකු වෙනුවෙන් වඩාත් කැප විය යුත්තේ මවය යන සංකල්පය වෙනස් කර පියාද දරුවා වෙනුවෙන් කැපවිය යුතුය යන සංකල්පය සමාජගත කිරීම, දරුවා හා පියා අතර සම්බන්ධය ශක්තිමත් කිරීම යන අරමුණු ඇතිව මෙම පියවර ගන්නා බව ද ඇය පැවසුවාය.
එමෙන්ම පසුගිය වසරේ දී ළමා අපචාර ඇතුළු දරුවන්ට එරෙහිව සිදුවන හිංසනයන් පිළිබද පැමිණිලි 10,732ක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇතැයි කී සභාපතිනිය එයින් 2784 කට අදාළව පියවර ගෙන අවසන් කර ඇතැයි ද කීවාය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත උපන් දරුවාගේ වැඩට පියාටත් නිවාඩු
ප්‍රදීපා Sunday, 24 January 2016 03:44 PM
පියාට සති 2 ක නිවාඩුවක් දීම වරදක් නැහැ. නමුත් දරුවෙක් ලැබීම හදිසියේ දැනගන්නා දෙයක් නොවන නිසා කවුරුත් නිවාඩු ඉතුරු කරගෙන මේ වෙලාවේ ගන්නවා. පිට රටවල වැඩිපුර ඉන්නේ පරම්පරාවේ නෑයන් නැති තනි පවුල්. උදවුවට කවුරුත් නැහැ. මිතුරන්, අසල් වැසියන් හැමෝම කාර්යබහුලයි.ඒනිසා පියාට නිවාඩු අවශ්‍යමයි. ඒ වගේම ලංකාවේ තරම් නිවාඩු දින රාශියක් කැලැන්ඩරයේ නැහැ. (බ)
ප්‍රියා Saturday, 23 January 2016 05:13 AM
මාස 3 ක් පිය හිටියොත් අම්මට හැමදාමත් නිවාඩු ගන්න වේවි (බ)
ප්‍රියංග Friday, 22 January 2016 02:49 PM
ගොඩක් හොඳයි (නි)
කොඩිකාර Friday, 22 January 2016 03:25 PM
ඒක නම් හොඳ වැඩක්. (නි)
කුමාර Friday, 22 January 2016 03:29 PM
අඩුමගානේ මාසයක් පියාට නිවාඩු දෙන්න ඕනෑ (නි)
රවී Friday, 22 January 2016 03:40 PM
ඇත්තටම හොඳ යෝජනාවක්, දරුවන් වෙනුවෙන් (නි)
ටෙරන්ස් Friday, 22 January 2016 04:39 PM
බොහෝ බටහිර රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා (නි)
අශෝක Friday, 22 January 2016 07:43 PM
නියම වැඩේ! ඒ කියන්නේ අනෙක් නිවාඩුත් එක්ක බැලුවහම 365 දවසම නිවාඩු ආණ්ඩුවේ අයට (නි)
සමිත් Saturday, 23 January 2016 01:07 AM
ආණ්ඩුවේ ගොඩක් අය වැඩි හරියක් ගෙදර තමා ඉන්නේ (නි)
සේනක Saturday, 23 January 2016 04:37 PM
සමාජ රක්ෂණ වැඩසටහන් යටතේ යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 තුළත් ස්කැන්ඩිනේවියානු රටවල් වලත් ඉතා ආකර්ශනීය ප්‍රසුති නිවාඩු සහ මුදල් පහසුකම් ලබාදෙනු පිණිස නීති සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවේ මව්වරුන් සඳහාද මුල්‍යමය ආරක්ෂණ ක්‍රමයක් ඇති කළහැකි නම් අසරණ අහිංසක මව්වරුන්ට සහ දරුවන්ටද ලැබෙන යහපත අමිලය (නි)