අලුත් ඇමැතිවරු 11 දෙනා
කැබිනට් ඇමැතිවරු 11ක්, රාජ්‍ය ඇමැතිවරු 5 ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනකු අද දිවුරුම් දුන් අතර ඔවුන්ට හිමි අමාත්‍ය ධූර මෙසේය.
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
රාජ්‍ය ඇමැතිවරු
පවිත්‍රා වන්නිආරච්චි - පරිසර
ජීවන් කුමාරතුංග - කම්කරු
මහින්ද සමරසිංහ - මුදල්
සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය
ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි
නියෝජ්‍ය ඇමැතිවරු
තිස්ස කරල්ලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
දයාශ්‍රීත තිසේරා - ධීවර කටයුතු
රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු
ලක්ෂ්මන් සෙනෙවිරත්න - ආපදා කළමනාකරණ
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - සිවිල් ගුවන් සේවා
ලලිත් දිසානායක - වාරිමාර්ග
ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත
ලසන්ත අලගියවන්න - ග්‍රාමීය ආර්ථික කටයුතු
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - උසස් අධ්‍යාපන
ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය
ඡායාරූපය - සුදත් සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන අදින ලාංකීය ආර්ථික දේහය මත පිලුම් ගසමින් ක්ෂාරය උරා බොන පරපෝෂිත රැලක් බව හොදින්ම අවබෝධ වෙනවා. කමක් නැ ජනාධිපති තුමනි මොන කැපවීම හරි කරලා මේ ඇති කරන්න යන ප්‍රජතනත්‍රික ප්‍රතිසංස්කරණ ටික කඩිනමින් සිදු කරන්නත්, අඩුතරමින් මින් ඉදිරියට මේ හිවල් රැලට මේ රට දුෂණය කරන්න ඉඩ නොතබන්න ඔබට ශක්තිය, ධෛරිය හා ප්‍රඥාව ලැබේවායි පතමි.(නදී)
අනේ මේ මොකද වෙන්නේ ? මේ ටික කර ගන්නද අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ (නදී)
සමහරු රෙදි ඇඳගෙනද ඇමතිකම් ගත්තේ?
මේ අලුත් ඇමති මණ්ඩලයට මෛත්‍රී සරණං ගච්චාමි (නදී)
ඔන්න ඔහේ කමක් නැහැ අනේ! 26නේ! (නි)
අනේ බුදුනි, මේ දේශයට යළි වඩින්න. අපි අසරණවෙලා (නි)
සුමිත් ඒකනායක මල්ලි, මටත් කියන්න ඕන වුනේ ඔය ටිකම තමා. අපේ ඡන්දෙන් අර පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අපිට උෂ්ණය පෙන්වනවා. ඊළඟ ඡන්දෙට දියවන්නාවේ පැත්ත පලාතකවත් නොගිය අලුත් උගත් පිරිසිදු බුද්ධිමත් වැදගත් මහත්වරු අපේක්ෂකයන් ලෙස පත්කරන්න. පරපෝෂිතයෝ විනාශ කරන්න. (නදී)
මේක කාගේ ආණ්ඩුවක් ද? (ත)
දැන් ඔක්කොම ඇමතිලා කී දෙනෙක්ද එතකොට? (නි)
පරණ අය ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්නවා. මේ මොන විකාරයක්ද? මේකටද අපිත් ඡන්දෙ දුන්නේ යහපාලනයකට? (නි)
කමක් නැහැ. එච්චර ලොකු ගාණක් නෙමෙයිනේ! (නි)
මේ අර යනවා යනවා කියලා හිටිය කට්ටිය නේද? දැන්නම් නිදහස් පක්ෂය දෙකඩවෙලා කියලා පැහැදිලියි. (නි)
කමක්නැහැ. තවම 100වත් පැනලා නැහැනේ මුළු ගණන (නි)
ළිඳේ වැටුණු එකා ගොඩඑන්න ඕනෑ ළිං කටින්ම කියලා කියන්නේ කට කහනවට නෙමෙයිනෙ. කරන හැමදේම අනුමත කරනවා නෙමෙයි. දැන්නම් හිතෙනවා විඪායක ජනාධිපතිකම එකපාරම අහෝසි නොකරන එක හොඳයි කියලා. මොනවා වුණත් අපේ මිනිස්සු ෂුවර් කරන්න බැහැ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ නීතිමය පද්ධතියට මේ ආණ්ඩුවෙන් ගෙන එන වෙනස්කම් ගැන මිනිස්සු එච්චර අවධානයෙන් ඉන්නවා කියලා මම නම් හිතන්නෙ නැහැ. ඒක හොඳට බලාගන්න පුළුවන් ඉස්සරහට එන ඡන්දෙදි. (නි)
චෝදනා ලැබූ අයත් ඉන්නවා වගෙයි. බලමු ඔහොම යමු. (නි)
ඇමතිකම් දිහා බලාගෙන ඉන්න නිසා නොදී බැරි බව පෙනේ.රට වෙනුවෙන් ඉන්න ඇමතිලා නම් කිවයුතු වන්නේ, මන්ත්‍රීකමේ ඉඳගෙනම සහය දෙන බවයි.නමුත් කවුරුත් එසේ කියන්නේ නැත. (නි)
කීයක්හරි හම්බකරගන්නත් එපායැ.ඔහොම යන්නකෝ! (නි)
මේ රාජ්‍ය නායකයෝ වරද්ද ගන්න එක තැනක් තියෙනවා. මේ අය හිතාගෙන ඉන්නේ බලය තියෙන්නේ මේ පත් වෙලා පාර්ලිමේන්තු ආපු අය අතර කියලා. ඇත්ත බලය තියෙන්නේ ජනතාව ලග. පරද්දන්න බැහැ කියපු මහින්දටත් ගෙදර යන්න උනා නම් මෛත්‍රී ජනතා මතයට පිටුපෑවොත් යහපාලනයටත් ආයුෂ නැති බව ස්ථිරයි (නදී)
ඉහළ සතුටු කළාම ලැබෙන වරප්‍රසාද (නදී)
අනේ අපි කවදද මේ ....... ගොඩ එන්නේ............(ම)
ආචාර්ය මර්වින් තුමාට මොකුත්ම දීලා නෑනේ (ම)
පාර්ලිමේන්තුව මෙදා පාරනම් පවිත්‍ර කරයි වගේ.(ම)
යථාර්තය නම් සන්ධාන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු/පළාත් සභා/පළාත් පාලන ආයතන මන්ත්‍රීන් රැසක් ජනාධිපති මෛත්‍රීට කැමති නෑ. අදටත් ඔවුන්ගේ නායකයා මහින්ද රාජපක්ෂයි. මෛත්‍රී සන්ධාන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවන්ට අනුව ඒවායේ නායකයා බවට පත් වුනද, බහුතරයේ හදවත් දිනා ගත නොහැක. මොකද නීතිය එකක් සහ කැමැත්ත යනු තව එකක් වන නිසාය. රාජපක්ෂ පාලනය යටතේ ලැබුනු වරප්‍රසාද නිසාත්, හෘද සාක්ෂියට අනුවත් සන්ධාන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු/පළාත් සභා/පළාත් පාලන ආයතන මන්ත්‍රීන් හොඳටම දන්නවා ඔවුන් උපරිම වැඩ කලේ මහින්දව දිනවන්න. මෛත්‍රීව කොහොමහරි පරද්දන්න. මෛත්‍රීපාලත් ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒක හරියට ඔෆිස් එකක හවස 5න් පස්සෙ බොස් අණ කරපු හින්ද වැඩ කරනව වගේ. හිතෙන් බැන බැන, බොහොම අකමැත්තෙන් තමා වැඩ කරන්නේ. හැබැයි ජොබ් එක නැති වෙයි කියල බයට බොසාගෙ මූණට බයින්නෙත් නෑ (නදී)
මෙතනින් කී දෙනෙක්ද සැබවින්ම නව ජනපතිට කැමති.දන්නෝ දනිති.මහින්ද විතරි අඩු.අපරාදේ මැතිවරණයට වියදම් කල මහජන මුදල්.(ම)
පොඩි බබා සහ හොරු හතලිහ.(ම)
අනේ මෙහෙම තණ්හාවක්? මිනිසුනි ලැබේද ඉන් රටට සැනසීමක්. (නි)
ඔතන ඉන්න අය දිහා බැලුවම හොඳටම පෙනෙන්න තියෙන කාරණය තමයි මේ අයව තෝරලා තියෙන්නේ වෙන් කවුරුවත් නෙවෙයි චිං චිං නෝනා කියන එක (බ)
දැන් හරි සියලු බුද්ධිමත්තු සෙට්වුණා .... දැන් ඉතින් සංවර්ධනය .(බ)
අර රහස් පොලිසියෙන් සම්මුඛ පරීක්ෂණ තියෙලා තෝරපු අයට ඇමතිකම් දෙන්නේ කවදටද?(බ)