"රෝස කල්පනා" ගීතය හරහා අතිශය ජනප්‍රිය වු සංඛ දිනෙත් මේ දිනවල අලුත් වැඩ කටයුතු කිහිපයකටම මුල පුරන්නට සැලසුම් කරමින් සිටියි. ලබන වසරේ "රෝස කල්පනා" නමින් ගී ප්‍රසංගයක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති ඔහු ඒ පිළිබඳව අපිට මෙසේ අදහස් දැක්වුයේමු. ආරම්භ වන 2017 අවුරුද්දෙ මම වැඩි කාලයක් රටින් පිට තමයි ඉන්නේ. මොකද, මගේ ප්‍රසංග කිහිපයක්ම විදෙස් රටවල පවත්වන්න මේ වනවිටත් සැලසුම් කරලා තියෙනවා.
කොටින්ම කියනවා නම් 2016 කරපු වැඩ කොටසට වඩා දසගුණයක වැඩ කොටස් අලුත් අවුරුද්දේ මට කරන්න සිදු වෙලා තියෙනවා. ඊට අමතරව "රෝස කල්පනා" කියලා මගේම ගී ප්‍රසංගයක් කරන්න සූදානම් කරලා තියෙනවා පෙබරවාරි 05 වැනිදා බිෂොප් විද්‍යාලයේ. එහි මා සමගින් මහේෂිකා ලක්මාලි, සමිතා මුදුන්කොටුව හා නිරාශා ඒකනායක ගීත ගායනා කරනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd