ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැදගත් තීන්දු කිහිපයක් ගන්නා බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන ඒම සම්බන්ධයෙන් පවතින ගැටලුවට එහිදී විසඳුම් ලැබෙනු ඇති බවත් එම පක්ෂයේ උපලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන අගමැති අපේක්ෂ කළ යුතු බවට පවත්වන මීළඟ ජනරැලිය රත්නපුරයේදී රැස්වීමට පෙර මෙම තීරණ ගන්නා බවද උප ලේකම් කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඇති ප්‍රාර්ථනය කිසි දිනෙක ඉෂ්ට නොවන බව කී අමරවීර මහතා ශ්‍රීලනිපය ගන්නා තීන්දු තීරණවලින් පසු එම පක්ෂ දෙක හදිසි මැතිවරණයක් කියනු ඇතැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
4 වෙනි වතාවටත් ඉල්ලනවා. (නදී)
මහින්ද මහත්තය දිනපුවහම බැසිල් මහත්තය වගේ. පවු නේද අපිට. (නදී)
අපිට රට ඕන සුබ අනාගතයක් (නදී)
මේ මොකද්ද වෙන්න යන්නේ ...? (නි)
මට නම් මහින්ද නැතුව වෙන කවුරු ආවත් කමක්නැහැ (නි)
මහින්ද නම් ආයෙත් අපිට එපා... (නි)
මහින්ද ආවොත් දෙයියනේ කියලා අපි අනෙක් අයට යටත්වෙන්න ඕනෑ නැහැ. (නි)
අපිට නම් මහින්ද නැවත අවශ්‍ය නැහැ (නි)
මහින්ද ආවොත් අපි දිනුම්! (නි)
අපේ පැතුම,රටේ පැතුම,මහින්ද,අපේ රජතුමා! (නි)
මොකද බණ්ඩාර හීනෙන් බයවෙලා වගේ කෑගහන්නේ? (නි)
අහෝ ...තිලක් ඔයා ඉපදුනේ 2015 ජනවාරි 08 පස්සෙද ? (අ)
රට , ජනතාව ගැන නොහිතන දේශපාලුවන් මටනම් කොහෙත්ම වැඩක් නැහැ. (අ)
මහින්ද කියන නම අැසෙද්දීත් කළු සුද්දන්ගේ නියපොත්තේ සිට කොන්ඩේ අගිස්සට යනකම් වෙවුලන පාටයි. දින 100 රට ඉවරයි. (නදී)
පුනරාගමනය කරනු මැන වීරයානෙණි, දැයට හිතැති අප සැමගේ එකම පැතුම ඔබයි. රට රකිනා සියලු දෙවියෝ ඔබ රකිත්වා ඔබ රකිත්වා නිරන්තරයෙන් ඔබ රකිත්වා! සියලු පැතුමන් සපල වෙත්වා! දැයේ දියුණට වැඩ කරන්නට යලිත් අවසර ඔබ ලබත්වා.! (නදී)
ආයෙමත් එන්නද යන්නේ. (නි)
මොනවා කලත් කල පව් පස්සෙන් එනවා. (නදී)
අපෝ! ආයෙත් නම් අපිට මහින්ද එපා (නි)
අපිත් රැවටුනා. අනේ මහින්ද මහත්තයෝ, ආපසු එන්න (නි)
දේශපාලනයට වෙලාවක් කලාවක් නැත (නි)
ඒකාධිපති පාලනයක්, මංකොල්ල කාපු ආර්ථිකයක්, උගසට තියපු රටක් එපා කියල මහින්දව ගෙදර යවපු ජනතාව අායෙත් ඒ වලට වැටෙන්න සුදානම් නෑ(නදී)
සජින් වාස් ල, දුමින්දලා, මර්වින්ලා නැවත රජ කරවමු. අැමතිලා 100 දෙනෙක්වත් නැතුව රට පාලනය කල නොහැක. දලදා මාලිගාව වටේ ලම්බෝගිනි රේස් පදිමු. වැසි කිලි වලටත් වායු සමාන උවමනාය. අනේ මහත්තයෝ මගෙන් මුකුත් ලුණු ඇඹුල් නැතුව අහ ගන්නේ නැතුව කට පියාගෙන ඉන්න (නදී)
බුද්ධියෙන් හිතන්නේ නැති මිනිසුන් කොච්චර දේවල් කිව්වත් "බුදු සසුන සිවුරු පන්සල් ,පල්ලි ,කෝවිල් තිබෙන තුරු හිටපු ජනාදිපති දේශපාලනයෙන් අයින් කරන්ඩ ඔය කාටවත් බැරිය. පුදුමය වර්තමාන අයගේ බොරුව තවම මිනිසුන්ට තෙරෙන්නේ නැති එකයි. (නදී)
පක්ෂ මාරු කරන මන්ත්‍රී දුරය අහෝසි කර අතුරු මැතිවරණයකට යන්න ව්‍යවස්ථාව සංසෝදනය කොලොත් හොඳයි නේද ? (නදී)
මමත් හිටපු ජනාදිපති තුමාට පින්සුදු වන්නට ලාබ ප්‍රයෝජන ගත් දියුණුවූ කෙනෙක් , මටත් ඕනේ නැවත එතුමා මහින්ද රාජපක්ෂ රටේ නායකයා කරන්න , මම මාගේ ජීවිතය වුණත් ඔහු වෙනුවෙන් කැප කරනවා (අ)
අලි හොල්ලන්න හදන්නේ වටලප්පන් එකක් කන්නද මහත්තයෝ ? (නදී)
ලක්ෂ 58 ට ඕනවෙලා තියෙන්නේ හිටපු අයට නැවත බඩ කට පුරා හිතේ හැටියට රටේ ධනය සුරා කන්න ඉඩ දෙන්නද ? මහින්දව ගෙදර යවපු ජනතාව අායෙත් ඒ වලට වැටෙන්න සුදානම් නෑ. ඊළඟ මැතිවරණයේ පුලුවන්නම් ලක්ෂ 25ක් අරන් පෙන්නන්න ? (නදී)
කොක්කෙන් හෝ කෙක්කෙන් අපිට ඕන මහින්ද. මොන පක්ෂේන්ද කියන එක අපිට වැඩක් නැහැ. කකුල කැඩිච්ච තාරාවන්ට රේස් දිනහන්න බැරි බව කවුරුත් තේරුම් ගත යුතුයි. කපන්න බැරි මහින්දගේ ඇත ඉඹල කකුල් වෙට්ටු දාන්න හදන්න අාවොත් නම් වැඩ වැරදියි. හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමෙට බව මතක තිය ගන්නවා හොඳයි.(නදී)
අපේ රටේ බිෂන /දුෂණ යුග තුනක් (ප්‍රේමදාස යුගය....මිනීමරු ප්‍රභාකරන් යුගය,.....රාජපක්ෂ පවුල් යුගය ...)පසු කරගෙනයි දැන් මෛත්‍රී යුගයකට පා තබල තිබෙන්නේ. නැවත ඒ වගේ දුෂණ/බිෂන යුගයකට යන්න "මොළ හෝදපු මිනිසුන්ට" වුවමනා වුනාට බුද්දිමත් මිනිසුන්ට වුවමනා නැහැ. (නදී)
මෛත්‍රී ඉවසන් ඉන්නවා හොදටම වැඩියි.(නදී)
අපි කැමතියි ආපහු මහින්ද මාමගේ සුදු වෑන් වල යන්න .(ම)
බලයට ආසනම් රට පාලනය කරන්න බැහැ (ම)
සමන් කන්නන්ගර හීනයක් දැකලා. මහින්ද ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. අය එන්න වෙන්නේ ඔය වගේ හීනෙන් තමයි.(ම)
හය මොළ හෝදන කථාවලට එකඟ වෙන්න එයාලාට මොළයක් තියනවාද දන්නේ නැ (ම)
මහින්ද හැර රනිල්ට මෙරට දියුණු කරන්න නොහැකිබව දැන් අපිට තේරුම් ගිහින් තියෙන්නේ. ෆොන්සේකා මැතිතුමා පහුගිය දිනවල කියල තිබුන නව රජය ගැන. (ම)
රටේ හැම දෙනාම නිදහසේ හුස්ම ගන්නේ මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න කියලා අමතක වෙලා (ම)
යහපාලනය, දින 100 තමයි. දැන් දින 60 ක් ඉවරයි.රට මොනතරම් ආපස්සට ගියාද? මෙහෙම ගියොත් වසර 06 යනකොට රටත් ඉවරයි. ලස්සන කොළඹට මොනවා වෙයිද? නුගේගොඩ හදපු දියත උයන හරියට නඩත්තු කරගන්නවත් බැහැ. පාරවල් /ගොඩනැගිලි හැදීම අතරමඟ ඇණහිටලා. හරිම දුකක් ඇතිවෙන්නේ මේවා දකිනකොට (නි)
අපිටත් ඕන කඩා කප්පල් වෙන්නවත් නැති ප්‍රශ්න ඇති වන්නවත් නොවෙයි. වෛරය නවත්තල සමගි වෙලා රට වෙනුවෙන් වැඩ කරනවා දකින්නයි. (බ)
එහෙම වුනොත්නම් හොඳයි.! (බ)
මහින්ද මහත්තයට මුළු රටම ගරු කරනවා රට බේරගන්න සහයෝගය දුන්නට. එ්ත් ආයේ දේශපාලනයට ඇවිත් නින්දා විඳින්න එපා. මැතිවරණයක් තිබ්බොත් මහින්ද මහත්තයා පැරදෙනවා. දැන් වීරවංශලා නිසා ඔබතුමා වලේ වැටෙන්න එපා අායෙත්. එදත් ඔබේ රැස්වීම් වල පුදුම සෙනඟක් හිටියා. එ්ත් ඒ ඔක්කොම ඡන්දෙ දුන්නා නම් ඔබ තුමා දැන් දිනුම්. හැම දෙයක්ම සදාකාලික නොවේ. දැන් ගෙදරට වෙලා විවේකීව ඉමු. (නදී)
තිලක් ඩුබායි, තව ටික දවසකින් ජාතික ගීය අරාබි වලිනුත් කියනවලු ඔයා නම් ඒවාට ආසයි වගේ. (නදී)
අපේ රට බේරගන්න (නදී)
දින 100යි රට ඉවරයි අපට ඕනේ මහින්දමයි (නදී)
තව දින 8 යි නේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
මේකේ සමහර අය කියන විදිහට මහින්ද මළොත් ලංකාව ඉවරයිනේ. (නදී)
ඒ කාලේ ඉවරයි දැන්.(හේ)
වැදගත් විදිහට විශ්‍රාම ගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව පිස්සු කරනවා. අවුරුදු 10 අවනීතිය ඉවසපු සම-හරක්ට දින 100 ඉවසන්න අමාරුයි (නදී)
එ්ක තමයි කුමාරි අපි එකතුවෙලා සුරගෙන කමු (බ)
මේ වැඩවලින් හෙල්ලෙන්නේ ජනතාව (බ)
අපි කැමති රාජපක්ෂට (බ)
ලංකාවෙ අනාගතය තිරනය කරන තින්දුවක් ගන්න අපි හැමදා ඔබලා සමගයි.(හේ)
ජනතාවනම් ඕනේ තරම් මැජික් දැකලා තියෙනවා. (හේ)
රටේ ආර්ථිකය කඩා වැටිලා,සංවර්ධන කටයුතු ඇනහිටලා, චීනය සමග ප්‍රශ්න, (හේ)
දේශපාලන කුහකයෝ මොනවා කිවූවත් ඔබ තුමා අපිට රජෙක්ම තමයි. (ර)
මේ මවුබිමට ඕනෑ මහින්ද මහත්තයා. නැත්නම් අපි ඉවරයි (නි)
අලි හොල්ලන තීන්දු ගන්නේ ජනතාව මිස දේශපාලකයෝ නොවේ .(හේ)
මහින්ද නැවත නම් අපිට එපා. (නි)
චන්නලට එපා වුනාට අපිට ඕනේ.(හේ)
හොරු නම් අපට එපා .(හේ)
කෑගල්ලේ අපිට මහින්ද ඕනමයි. රටක් වටින පුතෙක්. යුද්දෙන් බැට කාපු අපිට මහින්ද ඕන බඩගෝස්තර වාදින් වෙන්න ඇති මහින්ද එපා කියන්නේ (නදී)
මහින්ද නැති උනොත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙනවා (නදී)
චන්න ඔයාල වගේ අය හිටියොත් රට ඉවරයි.(හේ)
මහින්ද මහත්තය එනව නම් ජනතාවට ප්‍රසිද්දියේ පොරොන්දු වෙන ඕනි හොරුන්ට, කුඩු කාරයන්ට සහ අනිත් ජනතා විරෝධී වැඩවලට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට. කොමිසම් ක්‍රියාත්මක කොට නීතියේ බලය රට තුල ක්‍රියාත්මක කිරීම සහ අන්තවාදීන් මර්දනය කිරීම. මහින්ද මහත්තයට ජයවේවා. (නදී)
මේ කියන දේවල් අහං ඉන්නයි අපිට තියෙන්නේ.(හේ)
මහින්ද කියන්නේ නමක් නෙමෙයි රටක්. ඒකයි එනවට ඔච්චර බය (නදී)
බුදු අම්මෝ මහින්ද එන්න එපෝ ....(හේ)
සජිත් රටට හෙටක් (නදී)
මහින්දගේ හොර නඩේ මෛත්‍රී ගේ කනෙන් රිංගන බව අපි නම් දැනගෙන ගොඩක් දවස් (නදී)
ඕවාට අපි බයවෙන්නේ නැහැ (නි)
බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභා සිමාවේ සිටින සමස්ත ජනතාව ඉල්ලන්නේ මහින්ද මහත්තයා තමයි. මහින්ද නාවොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අපි ප්‍රසිද්ධියේ ඉල්ලා අස්වෙලා මහින්ද ලඟට යනවා (නදී)
මහින්ද නැත්නම් රටකුත් නැහැ (නි)
අපි මහින්දට (නදී)
හොරු නම් අපට එපා (නදී)
මහින්දගෙන් තොර සිංහලයාට හෙටක් නොමැත. ශ්‍රීලනිපයටත් හෙටක් නොමැත. (නි)
කොහොමත් බේරාගන්න බැහැ.කැඩෙනවාමයි (නි)
බණ්ඩා, අපි දන්නවා ඔයා මොකද මහින්දට ඔච්චර බය කියලා. (නි)
මෙහෙම බලයට හෝ වෙනත් වස්තුවකට කෑදර කම තියාගත්තොත් මැරුණට පසුව අහවල් විදියට ඒඒ ස්ථාන වල උපදිනවා කියල මම අහල තිබෙනවා. සමහරුන්ට නම් ඒ ටික වෙන්න ඉඩ තිබෙනවා. (නදී)
මහින්ද නිකම් සවුත්තු වෙන්ඩ හදන්නේ (නදී)
චන්න, ඔයාලට රට වැඩක් නැහැ කියන්න අපි දන්නවා. තව ටික කාලයක් බලාගෙන ඉන්න. ලෝකයේ මොන රටේද ජාතික ගීය භාෂා දෙකකින් කියන්නේ. සමගිය කියන්නේ එකට එකතුවීම මිසක් දෙපැත්තකට යාම නෙමෙයි. ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරනවා කියන්නේ රට දෙකඩ වෙනවා කියන එක. එවැනි තත්වයක් ඇති වෙනවා නම් රට වෙනුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය, එජාපෙ,ජවිපෙ,හෙළ උරුමය මේ හැමෝම එකතුවිය යුතුයි. (නි)
රටට දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි. (නි)
දැන්වත් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරාකෑ දුෂිතයන්ට දැඩි දඬුවම් කරන්න.නැවත එමමුදල් ජනතාව සතුකර ජනතාවට සහන සළසන්න. (නි)
රුපියල් කෝටි 250ක මහජන වියදමින් ගම්පහ ඉඹුල්ගොඩ හදපු "භාවනා මධ්‍යස්ථානය"ට මොකද වුණේ? (නි)
කවදාහරි කාට කාටත් සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලන්න සිද්ධවෙනවා. (නි)
රාජපක්ෂලා නැවත රට කරවන්න එනවා කියද්දීත් ඇඟේ මවිල් කෙළින් වෙනවා.
මම නම් කැමති නැහැ කලින් වගේ කාලයක් නැවත එනවාට (නි)
මේ තරම් රටේ ධනස්කන්දය විනාශකළ එවන් යුගයක් නැවත ඉල්ලන්න මිනිසුන්ට ඇති උවමනාව කුමක්ද? (නි)
නැවත අපිට පවුල්වාදය නම් එපා (නි)
මහින්ද නැතුව වෙන කෙනෙක් එනවා නම් හොඳයි (නි)
දිලාන්, එතකොට රනිල් කොහේ ඉපදෙයිද දන්නේ නැහැ! (ම)
අපි ඔබතුමා බලාපොරොත්තුවෙන්මයි සිටියේ (නි)