ගල්ගමුව ඇහැටු වැව පහළගම වැව රක්ෂිතයේ ඇත් පැටවකු අල්ලා හොරෙන් රැගෙන යාමට ආ පිරිසක් වන ජීවී නිලධාරීන් දැක පැටවා දමා පළා ගිය බව වාර්තා වේ.
අඩි පහක් පමණ උසැති මේ ඇත් පැටවා නයිලෝන් කඹ දමා රැගෙන යාමට සුදානම් කැර තිබු බවත් දෙදෙනකු අත අවි තිබු බවත් වන ජීවී නිලධරයෝ කියති.
අලි පැටවුන් රැගෙන යාමට ආ දෙදනා සොයා මෙහෙයුමක් ද අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 අලුත්ම හොරකම්, ඔහොම යන්,.... (දී)
හුනෝ, ඉබ්බ්බෝ, කැස්බෑවෝ,අලි, මාළුවෝ, සමනළයෝ, හිකන්නල්ලු, ගොළුබෙල්ලෝ, ගෙම්බෝ සහ වල්ලපට්ට වෙළදාම ප්‍රවර්ධනය සඳහා ඇමති වරයෙක් ළඟදීම පත්කරන්න වේවි. (දී)
අනේ මහත්තයෝ ඕව මේ ගමේ ඉන්න හේරත් හාමිලට සිලින්දුලට කරන්න පුළුවන් වැඩද ? නිකන් සුදු ලුණු පොඩි නොකර ඉමු ඔන්න ඔහේ (අ)
මේ ඇත් පැටියා කැලේ ට යවන්න ,මැතිඅමති වරුන්ට ඕන විදිහට අනාත ගාර වලට යවන්න එපා .සත්තු වෙනුවෙන් කල යුතු හොදම දේ ඒගොල්ලන්ගේ පාඩුවේ කැලේ ඉන්න දෙන්න.අලින්වත් දැන් ගෙවල්වල ඇති කරන්න ගන්නවා.(දී)
වාසනාවන්ත අලි පැටියෙක් (දී)
අලි පැටවු හොරකම් කරන්නේ ලොකු ලොකු අය. මේවාට දේශපාලකයෝ සම්බන්ධයි. පස්සේ මෙයාලට උප්පැන්න හදනවා. ඔය එකක් විතරයි. කොහෝ හරි අලිපැටවු ඉන්නවානම් ඒ හොරකම් කරපු අලිම තමයි.(දී)
ඉඳිකටුවක් වගේ දෙයක් නොවෙයි නේ. හොරකම් කරන්නෙත් ප්‍රවාහනය කරන්නෙත් බලධාරීනදැනුවත්ම තමයි(දී)
අලි විශාල ප්‍රමාණයක් ගම් වැදීම හේතුකොට ගෙන මරා දමනවා. එයිට අමතරව වාහනවල කෝච්චිවල හැප්පෙනවා. කරන්ට් වැදිලා මැරෙනවා. ඉතින් එයිට වඩා හොදයි හදාගන්න පුළුවන් අයට දෙන එක.(නදී)
අලි විකුණන එකත් බිස්නස් එකක්. ඕන මොන ක්‍රමයෙන් හරි සල්ලි හොයන්න.(දී)
මෙහෙම හොර කම් කලාම මීලග අලි පරම්පරාවක් නැහැ ආයි පැටව් ගහන්න , හරියට දැන් ඉන්න අම්මල තත්තාල ළමයි නොහැදුවොත් මනුෂ්‍ය සංහතිය නැති වෙනවා වගේ. උඩ ඉන්න පාලකයන්ට කිසි ගානක් නැහැනේ.(නදී)
බලන්න දේශපාලනයත් මේකට සම්බන්දද කියල? (දී)
පුදුම මිනිස්සු හේන් වල ගෙවල් හදලා අලින්ට තැනක් නැහැ ඉන්න එවුන් මරනවා (දී)