IMG-LOGO

"අලි හිමිකරුවන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි"

අත් අඩංගුවට ගත් අලි පෙරහැර මංගල්‍ය සදහා අවශ්‍ය බව කියමින් අධිකරනයට බලපැම් කිරිමට අලි හිමිකරුවන් නීතීඥයින් සදහා රුපියල් කෝටි 3 ක මුදලක් යෙදවීමට තරම් අලි හිමිකරුවන් හට ඇති මුදල් හා වත්කම් කෙසේ වීදැයි සොයා බැලිය යුතු බවත් ජූනි 10 වෙනිදා සියලුම අලි හිමියන් අමාත්‍යාංශයට කැඳවා පොසොන් හා ඇසල මාසවල ඇති පෙරහැර මංගල්‍යයන් සදහා අලි ඇතුන් නොඅඩුව ලබා ගැනිමේ වැඩ පිළිවෙලක් අරඹන බවත් තිරසාර සංවර්ධන හා වනඡිවී අමාත්‍ය ගාමිනී ඡයවික්‍රම පෙරේරා මහතා අද (01) මහනුවරදි පැවැසිය.

අලි මිනිස් ගැටුමට විශාලම හේතුවත් වි ඇත්තේ අලින් හා මිනිසුන් අතර සහඡිවනය තුරන් විම බවත් පසුගිය දේශපාලකයන් විසින් අලි කාලයක් තිස්සේ ගමන් කළ අලිමංකඩවල් වසා දමා තමන්ගේ හිතවතුන්ට එම ගමන් මාර්ග නිවාස ඉදිකිරීමට ලබා දීම බවත් අමාත්‍ය වරයා පැවැසිය.

L-3 L-5



අදහස් (0)

"අලි හිමිකරුවන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි"

සරත් Thursday, 02 June 2016 12:38 AM

මහත්තයෝ, අලියෙක් බලාගන්නම ලොකු වත්කමක් සහ ලොකු ඉඩම් ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. ඉතිහාසයේ ඉඳලා අලි ඇතුන් නඩත්තු කළේ වත්කමක් තිබෙන මිනිස්සු (නි)

:       0       0

උපාලි Thursday, 02 June 2016 01:35 AM

පෙරහරේ ගෙනියන එක වෙනම වැඩක්. හැබැයි, බර වැඩට යොදා ගන්න අලි මේ මහත්වරු දැකලා තියෙනවද? කකුල් වලින් හැම වෙලාවේම ලේ ගලනවා හෙණ්ඩු පාරවල් වලට. අැත්ගොව්වෝ හැම වෙලාවේම බීලා. මෙහෙම උන්ට වද දෙන්න අපට තියෙන අයිතිය මොකක්ද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 02 June 2016 02:04 AM

සතුන්ට හිංසා කිරීම බුදු දහමට විරුද්ධයි. (නි)

:       0       0

යොෂාන් Thursday, 02 June 2016 02:06 AM

අනේ මන්දා මේ ප්‍රශ්න කවදා විසඳෙයිද කියලා (නි)

:       0       0

ජගත් Friday, 03 June 2016 11:52 AM

මේ අලි ඇතුන් බෞද්ධ සංස්කෘතියට කෙසේ ඇතුළු වීද ..හින්දු බලපෑම් වලින් විය යුතුයි..පලවෙනි පන්සිල් පදයට මන් පාදන,බුදුදහම දඩමීමා කරගෙන කරන මේ අසරණ සත්ව හිංසනය තුරන් කිරීමට සිය ලු බෞද්ධයන් හඬ නැගිය යුතුයි. මේ නිලමෙලා විරුද්ධ වුන දෙන් . මේ බුද්ධ ඉගැන්වීම් වලට පටහැනි ,ගෝත්‍රික වුද සත්ව හිංසනය සහිත පෙරහැරවල් කලාට බුදුදහමේ පන්සිල් පද පහ වත් රකින්නේ ඔය කීයෙන් කීදෙනාද..? කොයි රටන් ගෙන්වුවත් ඔය පෙරහැර වල යකඩ දන්වැල් ,කටු මාංචු වැලින් හිරවී අසරණ දැවැන්තයන් ,ඒමදිවට බේබදු හිත පිත් නැති ඇත් ගොවුවන් ගේ හෙන්ඩු පහරවල ට ලක් වී විදින දුක මගින් ලබන වින්දනය ,ආමිස පුජාව මොකක්ද..? බෞද්ධයා යනු බුද්ධියෙන් විමසා බලන්නාය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site