අත් අඩංගුවට ගත් අලි පෙරහැර මංගල්‍ය සදහා අවශ්‍ය බව කියමින් අධිකරනයට බලපැම් කිරිමට අලි හිමිකරුවන් නීතීඥයින් සදහා රුපියල් කෝටි 3 ක මුදලක් යෙදවීමට තරම් අලි හිමිකරුවන් හට ඇති මුදල් හා වත්කම් කෙසේ වීදැයි සොයා බැලිය යුතු බවත් ජූනි 10 වෙනිදා සියලුම අලි හිමියන් අමාත්‍යාංශයට කැඳවා පොසොන් හා ඇසල මාසවල ඇති පෙරහැර මංගල්‍යයන් සදහා අලි ඇතුන් නොඅඩුව ලබා ගැනිමේ වැඩ පිළිවෙලක් අරඹන බවත් තිරසාර සංවර්ධන හා වනඡිවී අමාත්‍ය ගාමිනී ඡයවික්‍රම පෙරේරා මහතා අද (01) මහනුවරදි පැවැසිය.
අලි මිනිස් ගැටුමට විශාලම හේතුවත් වි ඇත්තේ අලින් හා මිනිසුන් අතර සහඡිවනය තුරන් විම බවත් පසුගිය දේශපාලකයන් විසින් අලි කාලයක් තිස්සේ ගමන් කළ අලිමංකඩවල් වසා දමා තමන්ගේ හිතවතුන්ට එම ගමන් මාර්ග නිවාස ඉදිකිරීමට ලබා දීම බවත් අමාත්‍ය වරයා පැවැසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, අලියෙක් බලාගන්නම ලොකු වත්කමක් සහ ලොකු ඉඩම් ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. ඉතිහාසයේ ඉඳලා අලි ඇතුන් නඩත්තු කළේ වත්කමක් තිබෙන මිනිස්සු (නි)
පෙරහරේ ගෙනියන එක වෙනම වැඩක්. හැබැයි, බර වැඩට යොදා ගන්න අලි මේ මහත්වරු දැකලා තියෙනවද? කකුල් වලින් හැම වෙලාවේම ලේ ගලනවා හෙණ්ඩු පාරවල් වලට. අැත්ගොව්වෝ හැම වෙලාවේම බීලා. මෙහෙම උන්ට වද දෙන්න අපට තියෙන අයිතිය මොකක්ද? (නි)
සතුන්ට හිංසා කිරීම බුදු දහමට විරුද්ධයි. (නි)
අනේ මන්දා මේ ප්‍රශ්න කවදා විසඳෙයිද කියලා (නි)
මේ අලි ඇතුන් බෞද්ධ සංස්කෘතියට කෙසේ ඇතුළු වීද ..හින්දු බලපෑම් වලින් විය යුතුයි..පලවෙනි පන්සිල් පදයට මන් පාදන,බුදුදහම දඩමීමා කරගෙන කරන මේ අසරණ සත්ව හිංසනය තුරන් කිරීමට සිය ලු බෞද්ධයන් හඬ නැගිය යුතුයි. මේ නිලමෙලා විරුද්ධ වුන දෙන් . මේ බුද්ධ ඉගැන්වීම් වලට පටහැනි ,ගෝත්‍රික වුද සත්ව හිංසනය සහිත පෙරහැරවල් කලාට බුදුදහමේ පන්සිල් පද පහ වත් රකින්නේ ඔය කීයෙන් කීදෙනාද..? කොයි රටන් ගෙන්වුවත් ඔය පෙරහැර වල යකඩ දන්වැල් ,කටු මාංචු වැලින් හිරවී අසරණ දැවැන්තයන් ,ඒමදිවට බේබදු හිත පිත් නැති ඇත් ගොවුවන් ගේ හෙන්ඩු පහරවල ට ලක් වී විදින දුක මගින් ලබන වින්දනය ,ආමිස පුජාව මොකක්ද..? බෞද්ධයා යනු බුද්ධියෙන් විමසා බලන්නාය.(හේ)