මහරගම පුවක්පිටිය විහාරයේ භුමිය තුල අලිපැටවුන් දෙදෙනකු කලකට පෙර වළ දැමූ බව දැනට ඇප මත සිටින අලි රොෂාන් හා හිමිනමක් දුන් තොරතුරු අනුව එහි කැනීම් සිදුකරන අතර ඊට සම්බන්ධ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකුට බ්‍රහස්පතින්දා රාත්‍රි 8.30 ට පමණ ඔහුගේ නවාතැන්පළට පැමිණ තර්ජනය කළ බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු නවාතැන්ගෙන සිටින බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසට පුද්ගලයන් තිදෙනකු පැමිණ ඇති අතර දෙදෙනෙකු ඔහු ලැගුම්ගෙන සිටින කාමරයට පැමිණ බෙල්ලෙන් අල්ලා අසභ්‍ය වචනයෙන් බැන “උබ දැන් අලි වළවලුත් හාරනව නේද, හංදිය පැත්තෙ එන්න එපා පරිස්සම් වෙලා හිටපන්‘‘ කියමින් තර්ජනය කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.
බැකෝ යන්ත්‍ර ක්‍රියාකාරු එම ප්‍රදේශය අතහැර තම ගමට ගොස් ඇති බවද පසුව අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි අද අපේ රටේ තත්වය. මිනිස්සු බයයි දෙයක් කට ඇරලා කතාකරන්න. (නදී)