ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බද්ද වහා ම ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ආනයනයේ දී අයකළ රුපියල් 40ක බද්ද රුපියල් 55 දක්වාත් රුපියල් 10ක් ව පැවැති ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා මෙතෙක් අය කළ ආනයන බද්ද රුපියල් 30ක් දක්වාත් ඉහළ දමා ඇත. මේ වන විට දේශීය අර්තාපල් අසවැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර මෙම බද්දත් සමග එම ගොවීන්ට සිය අසවනු නිසි මිලට අලෙවි කර ගැනීමේ හැකියාව උදාවේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමු ඔහොම යමු . එන ඡන්දෙන් පස්සේ බලන්න පුළුවන් යපාලනයේ තරම බඩුමිල වැඩිවෙනකොට. රජයේ සේවකයන්ට වැඩිකරපු රුපියල් 10,000 දෙන්නම විතරක්, මාසෙකට ඕනේ රුපියල් කොටි 1,400 ක්. කෝ මේවා ගෙවන්න ආදායම. කලින් කිවේ දුෂණ නැවතුනාම මේවා ගෙවන්න පුළුවන් කියල. පහුගිය මාස 3 කෝ ඉතුරු කරපුව. මේ බොරුව හැමදාම කරන්න බෑ. එන ඡන්දෙන් දිනුවොත් බඩුමිල අහස උසට වැඩිකරන්නවෙනවා. එහෙම නැත්නම් සල්ලි අච්චුගහල රුපියලේ අගය අඩුවෙනවා. (බ)
මට ලියන්න දෙයක් ඉතුරු කරලා නැත යහපාලනයට ජය වේවා. (නදී)
ජනතාව ගොනාට අන්දා සුළුතරයක් ගොඩයෑම අපි මේ ආණ්ඩුවෙන් අපේක්ෂා නොකරමු (නි)
දේශීය දේවලට තැන දෙන්න මිල වැඩිකළාට කමක් නැහැ. හැබැයි පවතින මිල ඉහළදාන්න බැහැ (නි)
මහින්ද මහත්තයා යවාගත්තෙ අඩුවට කන්නනෙ? තව ටික දවසකින් බඩු මිළ වැඩිවුණාම තණකොළ ටිකක් කපාගෙන කන්න බැරියැ. දේශීය දේවල්නෙ.නේද...? (නි)
ජයවේවා! (ස)
ගොවියා යාන්තම් ගොඩ.....වෙළෙන්දා කොහොමත් ගොඩ... අතරමැදියා ගොඩේ ගොඩ......අපි විතරක් කොටඋඩ...... (ස)
දවස් සියේ තවත් ප්‍රාතිහාර්යක්, තව ප්‍රාතිහාර්ය මීළඟ දවස් ටිකේදි ජනතවට ලැබෙයි. (බ)
මොන පොතෙන් හරි පරණ රට පාලනය කරපු ක්‍රමේට ආයිත් ටික ටික යහපලනෙත් ගමන් කරනවා. වෙනසකට තියෙන්නේ උතුරට අනවශ්‍ය විදියට බලතල දෙන එක විතරයි. රට වැසියාට දෙවියන්ගේ පිහිටයි ඉදිරියට. (බ)
යහපාලනයට ඡන්දෙ දුන්න පාරිබෝගිකයන්ට ජයවේවා. දැන් ඉතින් එකට දෙකක් බඩු වලට ගෙවලා බත් පිඟන් බාගයක් කාල කට පිහිද ගන්න. මදි හරියට කොත්තමල්ලි කෝප්පයක් බොන්න. (ස)
"අපි ඉවසලා ඉම්මු සෙනරත් අයියා, යහපාලකයෝ මහබැංකු වංචාවෙන් පිල්ලි ගිය සල්ලි ටික කොයි ලෝකෙන් හරි හොයාගන ඇවිල්ල ඒවයෙන් රජයේ සේවක පඩි නඩිත් ගෙවලා අපිට අඩු ගානට කන්නත් දේවි. ඇයි ඉතිං ස්වල්ප සල්ලියක්ද? බිලියනම 43ක්ද කොහෙදලුනේ." (බ)
ඉවසලා ඉමු සෙනරත් අයියා, යහපාලනය සහනයක් දෙයි අපිට (නි)
කාංචනගේ කතාව හරියට හරි. (නි)
ලබන කන්නයේ ඉඳලා හාල් 100 ට කනකොට ඉතිරි ටිකත් හරි. අපේ ළමයි අපි පිටරටක යවන්න හදන්නේ කොහොමහරි. ලංකාවේ හිටියොත් අනාගතය අඳුරුයි. (නි)
මං මේ ඉවසලා ඉම්මු කිව්වේ මේගොල්ලෝ මහ බැංකු වංචාවෙන් පිල්ලි ගිය සල්ලි ටික හොයා ගෙන ඇවිත් අපිට වැඩිකළ පඩි ගෙවලා බඩු මිලත් අඩු කරලා දෙනකං. නැතුව මේ යහපාලනෙන් උලව් සහනයක් දෙනකං නෙවෙයි. (බ)
මහසෝනා මිනිහෙක් නොවන නිසා අවුලක් නෑ නේද? යාපනේ අල නුවරඑළි අල තම අපි නම් කන්නේ. යහපාලනේ කියන්නේ ඒක තමයි. වටේ තියන රටවල් වල අල කන්ඩ ඕනේ නම් එහෙට යන්න. (ස)
ජනාධිපතිතුමා අත්දැකිම් බහුල සුවිශේෂ නායකයෙක්.එතුමා දන්නවා කළයුතු දේ හරියටම. අද කවුරු මෙතුමට අවලාද නැගුවත් අනාගතයෙදි දැකබලාගන්න පුලුවන්වේවි මෙතුමගේ යහාපලනයේ ප්‍රථිපල. (බ)