සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් කැලේ අලි පැටවුන් අල්ලා තුන් වැනි පාර්ශ්වයනට විකිණීමේ මහ මොළකරු යැයි නීතිපති අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු දැක්වීය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා පැවසුවේ වසර 15ක් පුරා මෙම පුද්ගලයා අලි පැටවුන් අල්ලා ඇති බවයි.
අප්‍රේල් දෙවැනි දා දක්වා ඔහු රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
හීලෑ කළ අලින් 359 දෙනකු ලියාපදිංචි කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොතේ සඳහන් වන බවත්, අලින් 17 දෙනකුගේ සටහන් ටිපෙක්ස් කර ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.
අලි රොෂාන් අලි පැටවුන් 39 දෙනකු විකිණීමට සෘජුවම සම්බන්ධ බවට රහස් පොලිසියට තොරතුරු ඇතැයි ද, ඔහුගෙන් අලි පැටවුන් මිලට ගත් අයගෙන් ප්‍රශ්න කිරීම අවසන් වී නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අලි රොෂාන් වෙනුවෙන් පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයක් ආවේ නැත්නම් ශ්‍රී ලංකාවේම අලි ටික ගෙවල්වල සිටීවි (නි)
කැලේ ඉන්න සතෙකුටවත් නිදහසක් නැති සංවර්ධනයෙන් වැඩක් තිබෙනවද? (නි)
මෙච්චර දෙයක් තනිවම නම් කරන්න බැහැ (නි)
මෙයාගේ තනි කැමැත්තට කළ වැඩක් වෙන්න බැහැ. මේක සහයෝගයෙන් කළ දෙයක් වෙන්න ඕනෑ. ඒ කාලේ කුරුල්ලෙක්ටවත් අහවලුන්ගේ අවසර නැතුව පියාඹන්න බැරිවුණා.එහෙනම් කොහොමද අලියෙක් කැලෙන් අල්ලලා විකුණන්නේ ? (නි)
වැඩේ කරපු කෙනා යහපාලන කැබිනට් එකේ. ගෝලයා හිරේ. (බ)
මෙයාට මෙච්චර හයියක් ලැබුනේ කොහොමද මෙහෙම වැඩක් කරන්න? අනික මේවා සාක්කුවේ හංගාගෙන කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ. (නි)
බලාගෙන යනකොට පුදුම වැඩකාරයෙක්නේ (නි)
ඕව පිටිපස්සේ හිටපු අලි ඇමතිලත් ඇති. මොකද සීනි ඇමති, උක් ඇමතිලත් ඉන්න රටේ අලි ඇමතිට බැරි උනාද අලි 359 බලන්න පොත් පත් වෙනස් කරනකම්. (නදී)
කලින් ආණ්ඩුවේ හිටිය හොරු ටික මහින්දගේ දෑත ශක්තිමත් කරන්න ඇවිත් හොරකම් යට ගහ ගත්තා. දැනුත් ඒ අලි හොරු, කුඩු හොරු, අර හොරු මේ හොරු ඔක්කොම යහ පාලනේට ඇවිත්. දැන් ඒවා ඔක්කොම යට. ඕක තමයි හැම දාම උනේ. ඉදිරියටත් වෙන්නේ. (නදී)
අවුරුදු 15 තිස්සේ නම් යහපාලන නිර්මාතෘලගේ කාලේ ඉඳලමයි වැඩේ සිද්ද වෙලා තියෙන්නේ. එදා ඉඳලාම මේකට උදව් කරපු අය හොයන්න වෙයි වගේ. (නදී)
ගෙවාගන්න බැරි පව් කරලා තියෙන්නේ. දිවි ඇතිතෙක් හිරේදාන්න ඕනෑ (නි)