IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලි රොෂාන් යළි රිමාන්ඩ්

සමරප්පුලිගේ  නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ගේ කතරගම සහස් භූමි  රිසෝට්හි වා සැකැසු කාමරයකට සීල් තැබු බවත් ඔහු සමඟ ගොස් එම කාමරය විවෘත කිරීමට අවසර පතන බවත් රහස් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියගෙන් ඉල්ලා සිටියාය.

පන්නිපිටිය ජේතවනාරාමයේ අලි පැටවුන් සම්බන්ධයෙන් ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොත වෙනස් කැර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.කිරුළපන ඇලන් මැතිනියාරාමයේ සිටි  අලි  පැටවා අලි රොෂාන් විසින් දෙන ලද බවත්  ඔහු අලි පැටවුන් අල්ලාගත් ආකාරය දැක්වෙන  වැදගත් තොරතුරු රැසක්  හබරණ ධර්මසේනගෙන් ලැබී ඇති බවත් තවත් එවැනිම තොරතුරු ඇත් ගොව්වකු වන අසංක කුමාරගෙන් ලැබී ඇති බවත් රහස් පොළීසිය අධිකර‍ණයට දැන්වීය.

අලි රොෂාන් විසින් කැලෙන් අල්ලා ගත් බව කියන අලි පැටවුන් අඳුරු කළ වීදුරු සහිත ඩිෆෙන්ඩර් රිය වලින් කොළඹට ගෙන ආ බවට තොරතුරු ඇතැයි රජයේ නීතීඥ දීලීප පීරිස් අධිකරණයේදී  කියා සිටියේය.

65 වැනි අංකයක් ගසාගෙන ඇමැතිවරුන් යන බව අඟවමින් හෙඩ් ලයිට්ද පත්තු කරගෙන මේ වාහන කොළඹට පැමිණ ඇති බව ද ඔහු කීවේය.

අලි රොෂාන් උඩුවේ ධම්මාලෝක හිමියනට ද අලි පැටවකු දී ඇති බවත් ඒ හිමි දැනට එතෙර ගොස් සිටින බැවින් ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රකාශක් ලබා ගන්නා බවත් නීතීඥවරයා පැවසීය.

ඔහුට ඇප නොදන ලෙසද රහස් පොලීසිය ඉල්ලයි .අප්‍රේල් අට වැනිදා තෙක් ඔහු යළි රිමාන්ඩ් කරනු ලැබීය.

 

 

 



අදහස් (0)

අලි රොෂාන් යළි රිමාන්ඩ්

සඳුන් Thursday, 02 April 2015 09:52 PM

නියම කාලයක්නෙ තිබුනේ. අලි පොත වෙනස් කරලා. අඳුරුකළ වීදුරු සහිත වාහන වලින් යනකොට පරීක්ෂා කරන්නේ නැහැ. ඇමතිවරුන්ට වෙනම මාර්ග නීති. මේවා වෙනස් කරන්න අපේ මිනිසුන්ට ඕනෑත් නැහැ (නි)

:       0       0

සමන්ති Thursday, 02 April 2015 02:24 PM

මට චුල්ල හස්ති පදෝපම සූත්‍රය මතක්වුණා. වෙන මොනවා සිතන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site