ගල්නෑව කලන්කුට්ටිය මාවත්තේගම එජාපය සංවිධානය කළ රැස්වීමක් අවසානයේ සිදු කළැයි කියන පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි.
මෙම රැස්වීම අවසන්ව සංවිධායකවරුන් පිටත්ව යද්දී වාහන කිහිපයකින් පැමිණි මැර පිරිසක් සිදුකළැයි කියන පහරදීමෙන් ශබ්දවාහිනී ප්‍රවාහනය කරමින් තිබූ ලොරියකට සහ යතුරු පැදි 4කට හානි සිදුවී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
වාහනවලින් පැමිණි පිරිස අහසට වෙඩි තැබූ බවද එහෙත් කිසිවකුටත් තුවාල සිදුවී නැති බවද ගල්නෑව පොලිසිය කියයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මෙතරම් බයවෙලා. පරදින බව දැනිල වගේ. එ්කනේ මේ විදියට හැසිරෙන්නේ. (නදී)
මේ පින්තූර වලත් මැරයෝ ඇති සමහර විට (නදී)
අනිවාර්යයෙන්ම මේ දේවල් නිසා මිනිසුන් කළකිරෙනවා (නි)
පරාජය දරාගන්න බැරිව කරන වැඩ (අ)