තබ්බෝව කරුවලගස්වැව ගැමියනට වල් අලින්ගෙන් එල්ල වන තර්ජන විසදා දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ අද (24) කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පෙළපාළියකින් ආහ.
පුත්තලම තබ්බෝව පලදාගම දක්වා අලි වැට කඩිනම්නි ඉදි කර දෙන්නැයි ද ඔවුහු ඉල්ලති.
ගිය සතියේද මිනිසුන් දෙදෙනකු අලියකුගෙ පහර දීමකට ලක් වු බවත් එක් අයකු මිය ගිය බවත් ඔවුහු පවසති.
වීඩියෝ එච් චන්දන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට සහනයක් ලබා දෙන්න (දී)
සතුන් අයින් කරලා තියෙන වනාන්තර කපල මිනිස්සු පදින්ච්චි කරලා ඒවා මැදින් පාරවල් දාලා දේශපාලකයින් තමා ඕවට වග කියන්න ඕන.. (දී)
මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද. ඒ නිසා තමා දේශපාලුවෝ ධල ඇති ඇත්තු මරා පැටවා ගෙනියන්නේ.(නදී)
දැන් ඉතින් බලං හිටිය ඇති, අලි වැට ඇමති කෙනෙක් පත් කරන්නම ඕනා. නැතිනම් මෙම අසරණයන්ට හැමදාම පාරේ ඉන්න වෙනවා (නදී)
ලංකාවේ අලි වැඩියි කියලා මට මතකයි කෙනෙක් කියුව රට පටවන්න කියලා (දී)
මිනිස්සු විතරක් ජිවත් වෙලා හරියන්නේ නැහැ අලිත් ඉන්න ඕනේ (දී)
මේක විසදන්න තියෙන එකම ක්‍රමය තමයි ලංකාවේ තියෙන වනාන්තර සියල්ල සම්බන්ද වෙන ආකාරයට සැලැස්මක් සැදීමයි. එම සැලැස්මේ පැරණි අලි මන්කඩවල් ආවරණය විය යුතුයි. පැරණි අලි මංකඩ තියෙන ප්‍රදේශ වලින් ජනතාව වෙන තැන් වලට මාරු කරන්න ඕන. මම හරිද දන්නේ නැහැ. (දී)
සොබාදහමේ හැටියනම් පෙළපාලි යන්න ඕන ජීවත් වෙන්න ගහකොළ වනය අහිමි වෙන අලියෝ. සත්තුන්ට තියෙන මොලේවත් මිනිසුන්ට තියෙනවනම්. (දී)
කරුවලගස්වැව අලි-මිනිස් ගැටුමට විසදුම් ඉල්ලන්නෙ අදක ඊයෙක ඉඳල නෙවෙයි. ලැබෙන්නෙ පැලැස්තර විසඳුම්. කරුවලගස්වැව සමහර ගම්මාන තියෙනවා අලි කරදර නිසාම ජන ශුන්‍ය වෙලා. සමහර ගම්මානවල ජනයා අලින්ගෙ හිරකාරයො බවට පත්වෙලා. ළමයෙකුට පාසලට යන්න බෑ.ගමේ අයට හදිසියකට කඩපොළකට, රෝහලකට, .හේනට කුඹුරට,මගුලකට,මරණෙකට, කුලියකට තියා අඩු තරමේ නිවී සැනසිල්ලලෙ ගමේ පංසලක පිංකමකටවත් යන්න නෑ. ගියොත් ආපහු ගෙදර එනකම් විශ්වාසයක් නෑ. සමහර ගම්මානවල අලින්ගෙ පහරදීම්වලට ලක්වූ නිවසක් නැති තරම්. වසර ගණනාවක සිට පවතින මේ ගැටුම හේතුවෙන් මිනිස් ජීවීත කීයක් නම් අහිමි වුණාද. මේ නිසාම මේ වෙනකොට දරු පවුල් ගණනාවක් අසරණ වෙලා. තබ්බෝව අභයභූමියෙන් කොටසක් අයිතිවෙන්නෙ කරුවලගස්වැව කොට්ඨාසයට. පිටපළාත්වල ඉන්න දරුණු අලි පළවා හරින්නෙත් මේ අභයභූමිටයි. එසේ පළවා හරින අලින්ට කෑම හිගයි. එ් නිසා එම අලින් විදුලියවැටවල් පවා කඩාගෙන ගම් වදින බව තමයි ජනතාව කියනන්නෙ. මෙහිදි මතක් කළ යුතු තවත් කාරණයක් නම් ගම්වදින අලින්ද නිරන්තරව අනතුරුවලට ලක්වෙනවා.එහෙම වෙන්නනෙ ජනයාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අවස්ථාවලදී මිසක් ජනතාව අලිත් එක්ක වෛරයකට නෙවෙයි.මේ ප්‍රදේශවල ජනයාගේ දුප්පත්කමට එක හේතුවක් තමයි වල් අලි කරදරය.එය කොතෙක්ද කියනව නම් ඇතැම් අවස්ථාවල දැඩි ආර්ථික අපහසුතා මැද උයා ගත්තු බත් හැලිය පවා කන්නෙ ඒ ගෙදර නිවැසියන් නොවෙයි අලියි. මේ තත්වය බලධාරීන් තේරුම් නොගන්නාතාක් කරුවලගස්වැව අලි-මිනිස් ගැටුම තවදුරටත් පවතීවී. (ස)
අලින්ට තියන මොළයවත් ඔබලාට නොමැතිවිම කණගාටුවට කාරණයකි. ඇමතිට කියල බලන්න. අායෙත් ආවත් ඔය කතිරේ ගහපු අයටම කතිරය ගහන්න. එවිට වැටක් ගහලා දේවි. (ස)