බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී කන්කසන්තුරයට කිලෝ මීටර් 500 ක් උතුරින් දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එය ශ්‍රී ලංකාවෙන් ඈතට ගමන් කරයි. අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවේ. ශ්‍රී ලංකාවට නිරිත දිගින් වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. සමහර ප්‍රදේශවලට මිලිමීටර් 100-150 අතර වැසි ඇති වන බවද කියති.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල ඇති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ දක්නට ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙතියි ද ඔහු කියයි.
ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර එම සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවත් චන්ද්‍රපාල මහතා පවසයි. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවද ඒ මහතා පැවසීය.
රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශ වරින්වර රළු වීමටද ඉඩ තිබෙන බවත් ධීවර සහ නාවික කටයුතු වලදී ඉතා විමසිලිමත් විය යුතු බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සත් වහිනවා වහිනකොට මදි නොකියන්න. (ර)
විපත්වල නිමක් නැහැ. (ර)
ඕනෑම දෙයක් ඔනීවාට වැඩිය ඔනීම නැත. (ර)
බයවෙන්න එපා මේකෙන් වහිනවා කිවුවොත් පායනවා . පායනවා කිවුවොත් වහිනවා. (ර)
දැන් ඉතින් අනිවාර්යෙන් පායනවා. (ර)
එ් පාර තවත් ගිනිගොඩක්ද? අහිංසක අපිට දෙවියන්වත් නැද්ද? (නි)