පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් විදේශ ගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙස ඒ හිමියන්ට දන්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) පොලිසියට දැනුම් දුන්නේය.
කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් පස් දෙනකු බලපත්‍ර රහිතව ළඟ තබා ගත්තැයි කියන පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එම සිද්ධිය සම්බන්ධයෙන් සුමංගල හිමියන්ගේ නම ද අනාවරණය වන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අලි රොෂාන් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වාසය කරන්නේ ඔය පන්සල ළඟමයි. එතන සිදුවෙන දේවල් කියන්නත් ලැජ්ජයි. (නි)
අනේ මේ සිවුරට නිගා කරන්නේ සිවුර ඇඳන් මේවා කරන අයනේ (නදී)
අති පුජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලාගෙන් ගෞරවපුරර්වකව ඉල්ලා සිටින්නේ නොමනා කටයුතු වල යෙදීසිටින චීවරධාරීන්ගෙන් බුද්ධ ශාසනය බේරාගන්න කටයුතු කරන ලෙසයි. (නි)
අහිංසක අලි පැටව් ගෙනත් කකුල් බැඳලා දස වද දිදි තියන් ඉන්නවා තමන්ගේ තත්වය පෙන්වන්න. වැරදි කලා නම් දඩුවම් දියයුතුයි. (නදී)
මොනවා කළත් සිවුරට නිගාකරන්න නම් එපා (නි)