මාවනැල්ල, නිකපිටියේදී එකම අලියා අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය හා වනජීවී නිලධාරීන්ගේ කණ්ඩායමක් හා රඹුක්කන පොලිසියේ කණ්ඩායමක් යාම සම්බන්ධයෙන් පරික්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ව්‍යාජ බලපත් සහිතව ව්‍යාපාරිකයකු සතුව සිටි මෙම අලි පැටවා උසාවි නියෝගයක් අනුව අත් අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරින් හා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් මාවනැල්ලට යන විට රඹුක්කන, කඩිගමුව විහාරස්ථානයේ පෙරහරක් සඳහා අලි පැටවා රැගෙන ගොස් ඇති බව වනජීවී නිලධාරින්ට දැනගන්නට ලැබී ඇත. ඔවුන් එම විහාරස්ථානයට යන විට රඹුක්කන පොලිසිය එහි ගොස් ඇති බවත් වනජීවී හා පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් රඹුක්කන පොලිසිය කරා ගොස් අලි පැටවා වනජීවී භාරයට ගැනිමේදී රඹුක්කන පොලිසියේ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරියට බාධාවන ලෙස හැසිරිම සම්බන්ධවත් පොලිස් පරික්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වීඩියෝ - චමිල් රූපසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අලි මදිවට හරක් "කියල කියන්නේ මේවගේ වැඩ වලට තමා(නදී)
රබුක්කන කට්ටිය ජරාව කාල වගේ පේන්නෙ(නදී)
ලංකාවේ ඉන්න ඔක්කොම අලි මේ අය අල්ලාගෙන යන්නද හදන්නේ? මේක රටේ සංස්කෘතිය වනසන කුමන්ත්‍රණයක් වෙන්න බැරි නෑ. (බ)