මාවැනැල්ලලේදී ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු අත් අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ හා වනජීවි දෙපාර්තු මේන්තුවේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළැයි රඹුක්කන පොලිසියේ බුද්ධි හා අපරාධ අංශයේ තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථාන වලට මාරු කර යාවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
අලි පැටවා අත් අඩංගුවට ගැනීමට යාමේදී අධිකරණ නියෝගයන්ද නොතකා රාජකාරියට බාධා කිරිමත් අලි පැටවා පොලිස් භාරයට ගෙන වනජීවී භාරයට ලබා දීම ප්‍රමාද කිරිම හා තවත් දේ ගැන විනය ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක වන බවත් ඒ අනුව රඹුක්කන පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරික්ෂකවරයකු ද උප පොලිස් පරික්ෂකවරයෙක් හා පොලිස් සැරයන්වරයකුද මෙසේ ස්ථාන මාරු ලබා දුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාන මාරුව දඩුවමක් නෙවෙයි.(හේ)
අපි බලාපොරොත්තු උණු යහපාලනය මේක තමා...(අ)
ඉතින් අනේ රඹුක්කනට වඩා කෑගල්ල හොඳයි නේ (බ)
කැලේ මාරු කළා කියන්නේ පුල්ලි මාරුකරලා නෑ. ඕකද යහපාලනය.(නදී)