අධි බලැති විදුලි රැහැනට කොකු ගසා අවුරුදු 10 ක අලි පැටියෙකු මරා දැමීයැයි සැක පිට හොරොව්පතානේ සුනිල් මලලසේකර නම් ගොවියා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් ලබන 28 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු අලියා මරා දින හතරකට පසු තව පිරිසක් සමඟ එකතු වී වළ දමා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අලි පැටවු හොරකම් කළ කට්ටියට මොකද වෙන්නේ? (නි)
කොයි තරම් නම් අපරාධයක්ද මිනිසුන් මේ සතුන්ට කරන්නේ.(දිල්)
අලි අම්මා මරා පැටවා හොරෙන් රැගෙනගිය අයට මොකද වුණේ? (නි)
හොරෙන් ගෙනයන එකත් හරි නැහැ නමුත් එහෙම ගෙනියන්නේ මරන්න මස් කඩේට නෙවෙයිනේ ඇති කරන්න , මේක එහෙම පිටින්ම අලි ඝාතනයක් (අ)
අලි පැටියා මැරුවටත් අර පැටවා හොරකම් කල එවුන්ටත් දැඩි දඬුවම් දෙන්ඩ ඕනා. මොහුට රුපියල් 500000 කවත් දඩයක් ගැහුවොත් හොඳයි. (නදී)
වෝල්ට් 230 රැහැනක් වෙන්න ඇති.ඔය නම් අලි පැටියා මරණ අදහසකින් කළ වැඩක් වෙන්න අමාරුයි.මට නම් හිතෙන්නේ හොරෙන් විදුලිය ගන්නා අවස්ථාවේ සිදු වූ දෙයක්. (නි)
එතකොට මිනිස්සු මැරෙන්නේ අලි නිසා...අලින්වත් එතකොට රිමාන්ඩ් කරනවද?මේ මනුස්සයා කොයි තරම් වටින කෙනෙක්ද?දැං කීදෙනෙක් බඩ ගින්නෙද? (දී)
අනේ ජයෝ............!(අ)
නිතිය කාටත් එක සේ ක්‍රියාවට නඟන්න. (නි)
ගොවියෝ ඔවුන්ගේ හේන බේරගන්න අලියන්ට විදුලිය දාන්න ඇති . මේවාට වගකියුඅන්න ඕනි අහිංසක ගොවියෝ නොවේ (දිල්)