(කාංචන කුමාර ආරියදාස )
සත්ව හිංසාව වැළක්වීම සදහා අලි පිටේ ගමන් කරන සෆාරි ක්රමය නැවතීම හෝ ඊට දැඩි නීති රීති ක්රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබීමත් සමඟ ලංකාවේ අලි සෆාරි කර්මාන්තයේ නියැලෙන ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව එම සංවිධාන චෝදනා කරති .
අලි සෆාරි මෙරට ආරම්භ කර ඇත්තේ මීට වසර 28 කට පමණ පෙර හබරණ නගරයෙනි එක විදෙශිකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අයකරමින් හබරණ සිගිරිය,කණ්ඩලම,පින්නවල ආදී ප්රදේශවල දැනට අලි සෆාරි ක්රියාත්මක වෙති .
වනජීවී ඇමැති ජයවික්රම පෙරේරා මහතා පසුගියදා සදහන් කර තිබුණේ පෙරහර වලට පවා අලින් ලබා නොදී අලින්ට වඩාත් පීඩා වන ආකාරයට විදේශිකයන් පටවාගෙන අලි සෆාරි සිදු කරන බැවින් ඒ සදහා නීති රීති ගෙන එන බවත් අලි සෆාරි පිළිබඳව තීරණයකට එළබෙන බවයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බෞධ රටක්. අලි පමණක් නොවේ සියලු සතුන් වෙනුවෙන් ක්රියාමාර්ග ගත යුතුයි. අලි හරක් සහ පෝනියන් ගෙන් වැඩ ගැනීමේදී තද නීති රීති ක්රියාත්මක විය යුතුයි. සතුන් මස් පිණිස මරන්නේ නම් අමානුෂික ලෙස නොවන ලෝකයේ පිළිගත් ස්ටන්ට් ක්රම අනුව සතුන් වේදනා නොවිදින ක්රම යොදා ගැනීම අනිවාර්ය කල යුතුයි. සත්ව හිංසනය 100% නැති කිරීමට පෙර වඩා ප්රයෝගික මුල් පියවර කිහිපය ප්රථමයෙන් ගන්න.
ඇත්තටම හොද වැඩක්.... පව් සත්තු.....
පෙරහැරට අලියන් දීමත් සත්ව හිංසනයට අයත්
සෆාරි වගේම තමා පෙරහැරට අලි ගන්න එකත්. අලි පෙරහැරේ යන්න නෙමෙයි නේ ඉන්නේ. ඔය කෝකත් නැවැත්විය යුතුයි. සංස්කෘතිය කියා සත්ත්ව හිංසනය සාධාරණයන් කරන්න බැහැ. හිංසනය හිංසනයක් ලෙස පමණක් දැක කටයුතු කළ හැකිද?
රැවුල්කාර නිලමෙලා කියන අය බුදුදහමේ නාමයෙන් අලිපිට නැගලා පෙරහරේ යන එක බුදුදහමේ කුමන සුත්රයකද තියෙන්නේ? මොවුන් සත්ත්ව හිංසාවක් නොවේද කරන්නේ?
හොඳ දෙයක්.
කෙහෙල්මල් සත්ත්ව හිංසාව මේ අසනීප තාය්ලන්තයේ බුරුමේ නෑ, යන්තම් ගොඩ ආපු සංචාරක කර්මාන්ත්තයත් මරා දාන්න හදන්නේ, ජර්මනිය වගේ ආර්ථිකයෙන් සුපිරි රටවල කරන ඇනිමල් රයිට් මෙහෙ කරන්න ගියාම අපි නිකන් අනාගන්නවා.
හරක් , එළුවන් , ඌරන් , කුකුළන් මාළුන් මාරාන කන ngo අය අලියා ගැන විතරයි හරි අනුකම්පාව. දළදා පෙරහරට ගරහන්න ngo නඩවල අලියට පමණක් අනුකම්පාව. ඉපදිලා සතියෙන් දෙකෙන් සුන්නත් කරන එක මානව ළමා හිංසන . ඒක මුලින්ම නතර කරමුද බලන්න පුළුවන්කමක් තියෙනවානම්.
නිලමේ හෝ වේවා, සංචාරකයෝ වේවා, අලියෙකුට දරාගන්න බැරි බරක් පැටවීම සත්ව හිංසනයක්. ඒ හින්දා එක පුද්ගලයෙකුට වඩා පටවන්න බැරි විදියට සීමාවක් පනවන එක හොඳයි.
දැන් අලි යන්නනේ අපේ පිටේ. එක මේ ගොන්නුන්ට තේරෙන්නේ නැ.