(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා හිර කිරීමට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනවලට තමා සහය නොදෙන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.
මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන නොව කුසට ආහාර බව පැවසූ හිටපු අමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා මිස වෙනත් දෙයකට නොවන බවද ප්‍රකාශ කළේය.
ජනතාවගේ දුක නිවීමට සූදානම් නමුත් අලි නැවීමට නරි නෑවීමට සූදානම් නැතැයිද හෙතෙම පැවසුවේය.
අලූත් ව්‍යවස්ථාවකින් ජනපතිවරයා සිරකරුවකුවන්නේ නම් එවැනි ව්‍යවස්ථාවකට අත ඉස්සීමට සූදානම් නැතැයි පැවසූ දිසානායක මහතා සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවා ගනු ලැබුවේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට විනා වෙන වෙන විකාර කිරීමට නොවන බවද ප්‍රකාශ කළේය.
මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහර දෙන අවස්ථාවේදී සහ කාන්තාවන් බේරේ වැවට ඇද දැමූ අවස්ථාවේදී මේ රටේ ආරක්ෂක අංශ ක්‍රියා කරපු ආකාරය ගැන තමාට බරපතළ විවේචනයක් ඇතැයි විමලවිර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා බලය ගොඩක් බලවත්.., එදා බේරෙ වැවට දාපු එක ගැන කියවනවා. එහෙම වෙන්න හේතුව හොයලා, ඒවාට පිළියම් යොදන්න. එහෙම නැතිනම් ඊළඟ සැරේ පරාක්‍රම සමුද්‍රයට දැම්මා කියයි.
ගෙවල් වල හිටපු මිනිස්සු අල්ලන් ඇවිත් බේරෙ වැවට දැම්මේ නැහැනේ... ඔබලාගේ ප්‍රදේශවල ගොවියන්ට බලපා තිබෙන පොහොර ප්‍රශ්නයට ප්‍රධාන වගකිව යුත්තා ඔහු බව ජනපති පිළිගත්තා.. කරන තරමක් කළේ හිතුවක්කාර වැඩ... ඔහුගේ බලය සීමා කරලා පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ. ඔබලා වැනි පාර්ලිමේන්තු නියෝජිතයෝ ඒකට විරුද්ධ නම්... ජනතාව ප්‍රකෝපවෙලා ඒකෙ ප්‍රතිඵල ඔබට ලැබේවි.
අරලියගහ ගුබ්බෑයමට කැඳවලා කතාවල් දේසාබාලා, අරක්කු බොන්නට දීලා, කඩු පොලු අතට දීලා, මයිනා ගෝගම සහ ගෝටා ගෝ ගම... නිරායුධ වැසියන්ට දුන් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ක්‍රියා කරපු ආකාරය ගැන පළමු විවේචනයක් විමලවීර උන්නැහේට කලින් අපටත් තියෙනවා. විමලවීරගේ බෙල්ල හරවන්න පුළුවන් එක පැත්තකට විතරයිද?
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සේරම අල වෙන්නයි යන්නේ. මෙයා අත උස්සන්න බෑ කියනවනේ...!
කටේ නරිවාදම නම් තාමත් ගිහිල්ලා නෑ. රටේ ජනතාවගෙන් හූ වලින් මෙයාට අඩුපාඩු නෑ. මෙයාලට නැවත ඡන්දෙකින් ඇපත් නෑ. දැම්ම මහලු මඩමක් හොයාගන්න.
ජනාධිපතිවරයා රටට කළ හරිය මදැයි..? වැවට දැම්ම එකද ඔයාගේ දුක..
ගෝඨා ගෝ ගමට ගහපු එක කමක් නෑ නේද? ආර්ථිකය හදන්න කලින් දේශපාලන ස්ථවරත්වයක් ඕනෑ...
ගෝ හෝම් නරි..!
බේරෙ වැවේ නෑවේ මහින්දට කඩේගිය අරක්කු කාරයින්. එහෙම නොකළා නම් ආයිත් මේ පහත් වැඩේ කරාවි. මීටපසුව ඒ පැත්ත පළාතටම එන්නේ නැහැ...
ආ. . අලි ාවල නෙමෙයි ද විකුනුවෙ ?? අපි හිතුවෙ නම් ාවල කරල පඩුරක් එහෙම ගට ගහල දුන්නයි කියලනෙ. . ගොවියන්ගෙන් කාපු හූව අමතකයි වගෙ.