අනවසර අලි පැටියකු ළඟ තබාගෙන සිටි බව කියන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබුණත් ඔහු එහි නොගිය බව වාර්තා වේ.
මහේස්ත්‍රාත්වරයා අසනීපවී සිටීම ඊට හේතුව බව කියති.
මහේස්ත්‍රාත්ට අමතරව තවත් තිදෙනකුගෙන් මේ සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුවකු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙසතියකට පමණ කලින් රහස් පොලිසියට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සාධාරණව ක්‍රියාත්මක කළ මහේස්ත්‍රාත්වරයෙක්. (නි)
මාර්ග වාහන හසුරුවන පොලිසියේ රාලහාමිලාට සත් පත්තිනි පිහිටයි (බ)
අපේ ලංකාවේ මිනිස්සු ගැන නම් හිතාගන්නත් අමාරුයි. හරි පුදුම රටක් (නි)
ඔය අහුවුණ ටික විතරයි. (ර)
උසාවියකට කතාකළොත්, රිමාන්ඩ් කළොත් වැඩි දෙනෙක් අසනීප වෙනවා. ඉතින් මෙහෙම හදිසි අසනීපකාරයෝ රාජකාරියට සුදුසුද මන්දා. (නි)
නීතිය කාටත් පොදුයි. එච්චරයි අපි කියන්නේ (නි)
දැන් උසාවි ඉස්සරහත් අලි පැටවූ දාලා යනවද කොහේද (නි)
නීතිය දැන් රටේ ක්‍රියාත්මක වෙන විදිය තමයි ඉතින්. එයාලා නම් කොහොමහරි ගොඩ යයි (නි)
තමන් වැරදිකරුවෙතු නම් හොඳම බෙහෙත නඩුව ඇදීම බව අප රටේ සාමාන්‍ය මිනිසුන් පවා දන්නා දෙයකි. නඩු ඉක්මනින් විසඳාගැනීමට අවශ්‍ය වන්නේ සාධාරණ මනුෂ්‍යයින්ට පමණි. මෙය දැන දැනත් මෙම නඩු ඇදීමේ හිඩැස වහන්න අද වෙනතුරු මොකුත් නොකළ එකයි පුදුමේ. (නි)
එදාම අසනීපවුණ එකනේ වැඩේ! (නි)
අපරාදේ! එදාම අසනීප වුණානේ. නැත්නම් යන්න වෙන්න ඇති හිටියේ (නි)
කෝ අර හාමුදුරුවන් ගැන ලොකු ලොකු කතා කියපු අය දැන් මොකද කියන්නේ? (නි)
නීතිය තරාතිරම නොබලා සර්ව සාධාරණව ක්‍රියාත්මක වීම අපි අවුරුදු ගණනක් තිස්සේ බලාපොරොත්තු වුනු දෙයක්. හැබැයි මේ වෙනස තේරුම් ගන්න පාට කන්නාඩිවලින් බැලුවොත් නම් බැහැ. (බ)
මෙතුමාට සෑදී ඇති අසනීපයේ නම "නීතියට බයවීම" ලෙස දැක්විය හැකියි (නි)
ඕක අලි අසනීපයක් වෙන්න බැහැ. දවසෙන් දෙකෙන් ඉහෙන් බහින ලෙඩක් වගෙයි පෙනෙන්නේ. ඔහොම තාවකාලික ලෙඩ්ඩු සිය වියදමින් ගිලන් රියක පටවාගෙන සීඅයිඩියට හෝ අධිකරණයට ගෙනගොස් මේ පරීක්ෂණ ඉක්මනින් ඉවර කළොත් යහපාලන රජයට මහජනයා වෙනුවෙන් සැළකියයුතු වැඩ කටයුතු ගොඩක් ඉවර කරන්න පුළුවන් වේවි. (නි)
කවුරු වුණත් වැරදි නම් වැඩේ වැරදියි (නි)
මේ වගේ අය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්නවා කීම මොන විහිලුවක්ද? (නි)
අසනීප වෙනවා නම් සියලු දෙනාම අසනීප වියයුතුයි. (නි)
නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්න (නි)
මේ ගැන අධිකරණ සේවා කොමිෂන් සභාව මොකද කරන්නේ කියා බලමු. (නි)
නඩුකාරයෝද මනුෂ්‍යයෝය. (බ)
අපරාධකරුවෙකු ලෙස සැකකරන අයෙකු වෙනත් අපරාධ වලට සම්බන්ධ සැකකරුවන්ව විනිශ්චය කරන්න සුදුසු ලංකාවේ විතරක් වෙන්න ඇති නේද? (නි)
උසාවියේ වැඩකරන්නේ ඇයි ඉතින් මෙහෙම අසනීපවෙන අය? අනිත් අයට නම් මොනතරම් තීන්දු දීලා තියෙනවද? (නි)