හබරණ දිගම්පතහ දී වල් අලියෙක් මහ පාරට පැමිණ අද (15) පැය භාගයක් පමණ සිටියේය.
ඇතැම් වාහන හිමියන් අලියා අසලින් නළා හඬවා යන්නට වු විට අලියාට කෙන්ති ගියේය.පහර දෙන්නට සැරසුණත් පහර දුන්නේ නැත.
මේ පෙදෙස අලිමංකඩ කිහිපයකින් රැයෙත් දවාලෙත් අලි එහා මෙහා යති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වනාන්තර කෑලි කෑලි වලට බෙදලා කරපු සංවර්ධනයෙන් සමස්ථ පරිසර පද්ධතියම අවුල් වුනා. කිසිම රජයක් පරිසරවේදීන්ගේ ඇගයීම් මායිම් කලේ නැහැ. (හේ)
කොහොමත් අලි ගමනට ජනතාව හරස් වෙනවා තමා. අලියට යන්න පාර දීල නැහැනේ. අලියා බලෙන් තමා ඇවිත් ඉන්නේ. (නදී)
දැන් මේවා කතා කරලා වැඩක් නැහැ පාරවල් හදලා ඉවරයි , දැන් කරන්න තියෙන්නේ මිනිස්සු දැනුවත් කරන එක , අලියෙක් පාරට එනවනම් අවදානමට පෙර සුදානම කොහොමද කරගන්නේ වාහන හසුරුවන්නේ කොහොමද ? වගේ දේවල් වලින් වනජීවි එකට මේ ගැන කතා කරන්න පුළුවන් (දිල්)
මේ අලින්ට පාර මාරු වෙන්න පාරට යටින් මඟක් සකස් කළ යුතුයි. ඉස්සර සුද්දන්ගේ කාලේ පවා එහෙම හදපු තැන් තවමත් තියෙනවා.(හේ)
අපි පැත්තකට වෙලා උගේ පාඩුවේ ඌට යන්ට දෙන්ට ඕන. නමුත් සමහර නැහැදිච්ච උදවිය ඉන්නවා අලියව පහුකරගෙන යනකම් සද්ද නැතුව ගිහින් ඌව පහුකරගෙන යනකොටම නලාව උවමනාවෙන් මහා හඬින් ශබ්ද කරලා ඌව කුලප්පු කරලා පිටුපසින් එන කට්ටියව අලියා ලවා අනතුරු කරවල පහත්, අමානුෂික වින්දනයක් ලබන. ඒවගේ උදවියටනම් මහජනයා සමාව දෙන්ටම හොඳ නැහැ. හොඳට අල්ලලා තඩිබාන්ට තියෙන්නේ. (ස)
පරිනාමය කියන්නේ තරඟයක්. කළ යුත්තේ හැම ජීවිතයකටම ගරුකිරීමක්. (ස)