බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත බාර දීම සඳහා වනජීවී වාහනයකින් බත්තරමුල්ලේ වනජීවී කාර්යාලට රැගෙන යනු ලැබීය.
කහටපිටිය මහතා හෝ ඇත් පැටවාගේ ගොව්වාද නොසිටි බව වනජීවී නිලධරයෝ කියති.
මෙම ඇත් පැටවා සම්බන්ධයෙන් පිළිගතහැකි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසා මේ තත්ත්වය උදා විය.
අලියාගේ කකුල්වලට ප්‍රතිකාර ඇරැඹු බව නිලධරයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට දිගටම ගියා නම් කැලේ අලි බලන්න වෙන්නේ නැහැ. මේ මිනිස්සු මොනවද මේ කරන මොංගල් වැඩ. කැලේ ඉන්න සතුන්ට උන්ගේ පාඩුවේ ඉන්න ඉඩ දීල වැඩිහිටි හෝ ළමා නිවසකින් කාත් කවුරුවත් නැති කෙනෙකුව ගෙනත් රැකබලා ගත්ත නම් මේ තරම් වියදමුත් නැහැ. ලොකු පිනකුත් සිදුවෙනවා. මේ විදිහට පීචන් වෙන්නෙත් නැහැ. (නදී)